හරයක් නැති ලියවිල්ලකට කොමසාරිස් අපිව හිරකරා ? තිසර මෙන්ඩිස් මහතා . අපිට ඇවිත් තර්ජනය කරාට නොසැලී අපේ ගමන අපි යනවා ! කුමාරි මෙන්ඩිස් මහත්මිය

මොරටුව විවිධ සේවා සමූපකාර සමිතියේ හිටපු සභාපතිවරයා වූ තිසර මෙන්ඩිස් මහතා යලිත් පුරෝගාමියා හා සම්මුඛ සාකච්ඡාවකට එක්වූයේ ඔහුගේ නිවස ඉදිරියට පැමිණි පුද්ගලයෙකු අසභ්‍ය වචනයෙන් බැනවැදී තර්ජනය කල බවට වූ තොරතුරෙහි පුරෝගාමියා විසින් කරුණු විමසීමට ගිය අවස්ථාවේදීය .

එම තර්ජනය හොදින්ම දන්නේ තම බිරිඳ බව පැවසූ හිටපු සභාපතිවරයා මෙම සියලු ප්‍රශ්ණ පැණ නැගුනේ සමූපකාර කොමසාරිස් වරයා විසින් තම පාලනය විසින් ඉල්ලා සිටි කිසිදු අනුමැතියක් ලබා නොදුන් නිසා බව පැහැදිලි කල තිසර මෙන්ඩිස් මහතා …. අවසන හරයක් නැති ලියවිල්ලකට කොමසාරිස් විසින් තමන්ව හිරකර මෙම ප්‍රශ්ණයේදී කටයුතු කල ආකාරයද හෙලිදරව් කලේය .

තමන්ගේ නිවස ඉදිරියට වාහනයකින් පැමිණි බීමත් පුද්ගලයෙකු එම තර්ජනය කරද්දී තමා සිටියේ නාන කාමරයේ බැවින් එම සිදුවීමට මුහුණ දුන්නේ තම බිරිඳ බැව්ද ප්‍රකාශ කරමින් එම විස්තරය පුරෝගාමියාට පැවසීමට ඇයව යොමු කලේය .

එම සිදුවීම විස්තර කල කුමාරි මෙන්ඩිස් මහත්මිය එම විස්තරය පැවසීම අවසන් කරමින් අපිට මෙහෙම ඇවිත් තර්ජනය කරාට අපි නොසැලී අපේ ගමන අපි යනවා ! යැයි පැවසීය ….

Be the first to comment

Leave a Reply