
මොරටුව විවිධසේවා සමූපකාර සමිතියට සමගි ජන බලවේගය විසින්ම පත්කල සභාපතිවරයාව හා අධ්‍යක්ෂක මණ්ඩපය ඉවත් කිරීම සමගි ජන බලවේගයේ කණ්ඩායම විසින්ම ගෙන ආ විශ්වාස භංගයකින් සිදු කරනු ලැබීය . පසුව ඔවුන් විසින්ම නව සභාපතිවරයා ලෙසින් කාර්ලෝ ප්‍රනාන්දු මහතාව හා නව අධ්‍යක්ෂ මණ්ඩලයක්ද පත් කරගනු ලැබීය .
මෙම ක්‍රියාපටිපාටිය අනීතික බව ප්‍රකාශ කරමින් එහි හිටපු සභාපතිවරයා වූ තිසර මෙන්ඩිස් මහතා විසින් කොළඹ මහා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති අතර එහි තීන්දුව ලබන 31 වනදා ලැබේ යැයි ඔවුන් අපේක්ෂා කරයි .
මේ අතර මෑත දිනකදී තිසර මෙන්ඩිස් හිටපු සභාපතිවරයාගේ නිවස ඉදිරියට වාහනයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අසභ්‍ය වචනයෙන් බැණවදිමින් තර්ජනය කල සිදුවීමක්ද වාර්ථා වූ අතර ඒ පිළීබඳව විමසීමට පුරෝගාමියා එහි ගිය විට සමූපකාර සමිතියේ හිටපු උප සභාපතිවරයා වූ ධම්මික චන්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා ද එහි හිටපු අධ්‍යක්ෂක වරයෙකු වූ රංජිත් ඩිමෙල් මහතාද පුරෝගාමියා වෙත ප්‍රකාශ ලබා දෙමින් එදා තීන්දු අනීතිකයි ද ? හැකිනම් කර පෙන්වන්න යැයි ද ? අභියෝග රැසක්ද එල්ල කරමින් සිදුකල සම්මුඛ සාකච්ඡාව මෙසේය ….
තිසර මෙන්ඩිස් හිටපු සභාපතිවරයා හා ඔහුගේ බිරිඳ විසින් මේ වන විට පොලීසියේ පැමිණිලි කර ඇති ඔවුන්ගේ නිවස ඉදිරියට පැමිණී පුද්ගලයෙකු තර්ජනය කල පුවතද ඔවුන් විසින් පැවසූ අතර එය පුරෝගාමියා විසින් හැකි ඉක්මණින් පල කරනු ලබන්නේය …..




Be the first to comment