
බුදු දහම හා බුද්ධාගම අතර ඇත්තේ දැඩි අසමානකමක් වුවද, පුරෝගාමියා බුද්ධාගමේ නොව බුදුදහමේ අයකු වුවත්, බුද්ධාගමද අපේ සංස්කෘතියේ ඉවත ලිය නොහැකි පදාසයක්වී ඇති බැවින්, මෙසේ එම බුදුදහම අනුව නොයන්නෝ තමන් පෙනී සිටිනා බුද්ධාගම විනාශ කිරීම ගැන මෙසේ ලියන්නේය.
පුරෝගාමියා කිසි විටකත් සංඝයාට එරෙහි වන්නේ නැත. නමුත් ඒ සංඝයෙ යනු චීවරධාරීන් නම් නොවේ. දේශපාලනයේ ඉත්තන් වෙමින් බුද්ධාගමට බොහෝ භක්තියක් ශ්රද්ධාවක් ඇති රටේ බහුතරයක් ජනතාව ඒ නිසාම මුලා කරමින් හැසිරෙන, දේශපාලන ඩීල් චීවරයෙන් මුවා කරනා මෙවැනි අය චීවරධාරීන් මිස වෙනත් කිසිවකුත් නොවන බව කියා දෙන්නටත් පුරෝගාමියා එනිසාම කිසි විටක පැකිළෙන්නේ ද නැත.
අද වන විට අපේ රටේ ආගමට බද්ධ වූ ඊනියා සිවුරු සහ දේශපාලනය අතර ඇති නිරුවත්, අප්රසන්න සබැඳියාව තවත් කදිමට එළිදරව් වී තිබේ.
විහාරමහා දේවි උද්යානයේදී ඥාණසාර හිමිට නිදහස ඉල්ලා පෙරමුණේම සිටිමින් උද්ඝෝෂණය කරන කස්සප හිමියන්, කොළඹ තරු පහේ හෝටලයකදී විපක්ෂයේ ප්රබල දේශපාලනඥයකු සමඟ රහසිගතව හමුවී ඇති බවට ප්රසිද්ධ වාර්තා පලවේ වේ.
මෙහි වඩාත්ම කම්පන සහගත කාරණය වන්නේ, හමුවන මොහොතේ උන්වහන්සේ තම මුහුණ පමණක් නොව, හැමදාම පළඳින උපැස් යුගල (කණ්ණාඩිය) පවා ගලවා, සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරගෙන සැඟවී සිටීමට උත්සාහ කිරීමයි. ( මෙම වීඩියෝ හා ඡායාරූප පල කිරීමද දේශපාලන වුවමනාවක්ම වුවද සත්යය එයයි )
මෙය දෙස බලන විට, සැබවින්ම විහාරමහා දේවි උද්යානයේ මේ සිදුකරනු ලබන්නේ ඥාණසාර හිමිගේ නිදහස වෙනුවෙන් වූ ක්රියාවක්ද ? නැතහොත්, මෙදා බලය පිණිසම හැසිරෙන බොහෝ චෝදනා ලැබ සිටිනා විපක්ෂයේ ඇතැමුන්ගේ ගැලවීම පිණිසද යන්න මහත් උභතෝකෝටිකයක් ව තිබෙයි ?
1. මුහුණ වසාගෙන සිටින්නේ ඇයි?
සැබෑ ධර්මය වෙනුවෙන්, සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින භික්ෂුවකට කිසිවකට හෝ කිසිවකුට මුහුණ දීමටද බයක් තිබිය යුත්තේ නැත ! එළිපිට උද්ඝෝෂණ කරමින්, කැමරා ඉදිරියේ පෙනී සිටින හිමිනමකට, තරු පහේ හෝටලයකදී දේශපාලනඥයකු හමුවන විට මුහුණ සහ උපැස් යුගල පවා ගලවා සඟවා ගැනීමට තරම් වරදකාරී හැඟීමක් ඇති වූයේ ඇයි ? මෙයින් පැහැදිලි වන්නේ මේ පිටුපස කිසිදු බුදුදහමකට නෑකම් කියන පාරිශුද්ධත්වයක් නොමැති, මහජනතාවට කිව නොහැකි යම් රහසිගත දේශපාලන ඩීල් එකක් ම ඇති බව නොවේද?
2. අවසානයේ අමාරුවේ වැටෙන්නේ කාගේ ශ්රද්ධාවද?
මෙම දේශපාලන කුමන්ත්රණ සහ හෝටල් රූකඩ නාට්ය නිසා කස්සප වැනි අයට කුමක් වුවත්, මෙයින් මහත් සේ පීඩාවට පත්වන්නේ බුදුදහමට අසීමිත ලෙස භක්තියක් දක්වන, බුදුරජාණන් වහන්සේගේ සැබෑ ආමිස ප්රතිපත්ති ය තමාගේ කර ගනිමින් එය තම කර මතින් ගෙන යන අහිංසක සාමාන්ය බෞද්ධ ජනතාවය. දේශපාලන බල ලෝභීන්ගේ උගුල්වලට හසුවී, තම ශාස්තෘන් වහන්සේගේ නාමය පවා මෙසේ පාවා දෙනු ලබන්නේ කවරෙුක විසින්ද ඔහු විසින් විනාශ කරන්නේ මේ රටේ බහුතරයක් ජනතාව භක්තියෙන් කරපින්නාගෙන යන අමරණීය බුද්ධාගමයි .
අවසාන සටහන
සිවුරට මුවාවී කරන මෙම දේශපාලන කුමන්ත්රණ සහ රහසිගත හමුවීම් හෙළිදරව් කිරීමට පුරෝගාමියා කිසි විටෙකත් පසුබට වන්නේ නැත. බුදුදහම යනු බියගුලුකම හෝ අන්ධ භක්තිය උගන්වන දර්ශනයක් නොව, සත්යය මුහුණටම කතා කළ නිර්භීත ප්රඥාවේ මාර්ගය වන බැවිනි !
කෙටියෙන්ම කස්සප ( හිමි ) කින්ස්බරියෙ නොව කුමන ස්ථානයක වුවද කවරෙකු හමුවූවද මෙසේ වහං වී යාමට තරම් මන්ඳ බුද්ධික දේශපාලන ඩීල් කාරයෙකු යැයි කවුරුන් කීවද පුරෝගාමියාද ඒ (හිමි ට ) ඉඩ දෙමින් අදට නතර වන්නේය .
වීඩියෝ ව ….




Be the first to comment