පොල්වත්ත නිවාස ගැන පුරෝගාමියා මාලිමා කැම්පේන් එකක් කරේ ? මාලිමා හිතුවක්කාර තීන්දුවලට වැඩිකල් නෑ ! මොමනස හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා කියයි

පොල්වත්ත ක්‍රීඩාංගණයේ නිවාස කැඩීමට ගන්නා උත්සාහයේදී පුරෝගාමියා සිදුකලේ ඒ නිවාස හිමියන් තුල එසේ නොවනා බවට ඒ නිවැසියන් තුල විශ්වාසය ඇති කිරීමක් බව පේනවා . එය මාලිමාව වෙනුවෙන් කල කැම්පේන් එකක් සේ යැයි මොරටුව හිටපු නගරාධිපති පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සමන්ලාල් ප්‍රනාන්දු මහතා පවසයි .

මෙම පොල්වත්ත ක්‍රීඩාංගණයේ නිවාස කැඩීමට නොව එදා ඒවා ආරක්ෂා කරගනිමින් තමන්ගේ පාලන සමයේ යෝජනාවක් ලෙස ආ මොරටුවෙන් ආරම්භවන පොදු ප්‍රවාහණ සංවර්ධනය නිසාම මෙම ඉඩම එම ව්‍යාපෘතිය වෙනුවෙන් විහාන ගාල් කිරීමේ ස්ථානයක් ලෙස නම් කරමින් ක්‍රියාකල බව පෙන්වාදෙන හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා මෙවැනි අතීත කරුණු නොදැන මෙම නිවාස කැඩීමට හිතුවක්කාර තීන්දු ගෙන ඇති බවක්ද පෙන්වා දුන් අතර ක්‍රීඩා කරන්නට බොහෝ තැන් මොරටුවේ වන නිසා මෙැවනි දුප්පතුන් තම නිවාස තුලින් පන්නා නොදමමින් ක්‍රියා කල යුතු බවද පැහැදිලි කලේය

කෙසේ වුවද ජවිපෙ ප්‍රමුඛ මාලිමාව විසින් ඔවුන්ගේ නායකයින් ඇතුල් සියල්ලෝ කල කී මෙදා ඒ කිසිවක්ම ඉටු නොකරනා බොරුවෙන් මිදී ඔවුන්ම මෙවැනි හිතුවක්කාර තීන්දු ගෙන පසුව නෑ අපි කඩන්නේ නැහැ වැනි රැවටුම් නොකරමින් හිතුවක්කාර තීන්දු වලට වැඩි කල් දුවන්නට බැරි බවද පුරෝගාමියා හා කල කතා බහේදී පැහැදිලි කලේය …

මොරටුව හිටපු නගරාධිපති පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සමන්ලාල් ප්‍රනාන්දු මහතා හා පුරෝගාමියා සිදුකල එම කතාබහේ දෙවැනි කොටසින් වූ ප්‍රකාශය මෙසේය ….

Be the first to comment

Leave a Reply