
මේ දිනවල අනුර කුමාර ජනපතිගේ 4G කතාව වැරැද්දක් බව බොහෝ විට චෝදනා නැගෙන්නේ විපක්ෂයෙනි නැතහොත් මෙම තාක්ෂණය නොදන්නා අයගෙනි .
මෙම හේතුව නිසාම පුරෝගාමියා මෙසේ ඒ පිළිබඳව සත්යතත්වය පැහැදිලි කරනු ලබයි .
ලංකාවේ දැනටමත් 5G තිබෙද්දී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි වසර 3 තුළ නව 4G සන්නිවේදන කුළුණු 1,000ක් හදනවා කීම විපක්ෂයේ දැඩි විවේචනයට ලක්වුණා. රජය අපේ රට ආපස්සට ගෙන යනවා කියලා ඔවුන් චෝදනා කළත්, තාක්ෂණික ඇත්ත දෙස බලද්දී පෙනී යන්නේ විපක්ෂයට වැරදී ඇති බවත්,මෙහි ඇත්තේ මෙම කරුණු නොදන්නා අය මතුකරනා දැන් තියෙන්නේ 5G යන වදන පමණක්ම බවත් අනුර කුමාර ජනපති කරනවා හෝ නොකරනවා පසෙක තැබූවිට ඔහු කියා ඇත්තේ මෙදා ගමේ මිනිහාගේ ඇත්තම අවශ්යතාව ඉටු කිරීමට නම් සිදුකල යුතු දේ බවත්ය .
මෙම ගැටලුවේ ප්රධානතම රහස සැඟවී ඇත්තේ “ආවරණ කලාප” (Coverage Area) පිළිබඳ තාක්ෂණික සත්යය තුළයි.
5G සහ 4G අතර ඇති “ආවරණ කලාප” රහස
විපක්ෂය හා මේ පිළිබදව නොදන්නා සාමාන්ය ජනතාව හිතාගෙන ඉන්නේ 5G හැමතැනටම දාන්න පුළුවන් කියාය. නමුත් එහි තාක්ෂණික සීමාවන් මෙසේය :
- 5G වල සීමාව (කුඩා ආවරණ කලාපය): 5G තරංග ඉතා වේගවත් වුණත්, ඒවාට ගමන් කළ හැක්කේ ඉතා කෙටි දුරකි (Short Range). ගොඩනැඟිලි, ගස්කොළන් හෝ කඳු පන්ති නිසා 5G සංඥා අවහිර වේ. සරලවම, එක් 5G කුළුණකින් ආවරණය කළ හැක්කේ නගරයක කුඩා ඉසව්වක් පමණි.
- 4G වල ශක්තිය (විශාල ආවරණ කලාපය): 4G තරංග වලට බාධක මැදින් බොහෝ දුර ගමන් කළ හැකිය (Wide Area Coverage). එක් 4G කුළුණක් මඟින් මුළු ගමකම, වර්ග කිලෝමීටර් ගණනාවක දැවැන්ත භූමි ප්රදේශයකට සංඥා පැතිරවිය හැක.
“ගමට 5G නෙවෙයි 4G ඕනෑ” කියන්නේ ඇයි?
ලංකාවේ දුෂ්කර ගම්මාන පිහිටා ඇත්තේ කඳු, හෙල් සහ වනාන්තර මැදය. මෙවැනි තැන්වල සිග්නල් නැතිව ළමයින් ගස් උඩ බිම් උඩ යන එක අදටත් අප දකින සැබෑවකි.
- කඩිනම් විසඳුම: ගමකට 5G දමා මුළු ප්රදේශයම ආවරණය කරන්නට කුළුණු සිය ගණනක් ගැසීමට සිදුවේ. එය ප්රායෝගික නැත. නමුත් එක් 4G කුළුණකින් මුළු ගමටම පහසුවෙන් සිග්නල් දිය හැක.
- දුරකථන මිල: ගමේ මිනිසුන් ළඟ තිබෙන්නේ 4G ෆෝන් ය. 5G සංඥා දුන්නත් ඒවා පාවිච්චි කරන්න ලක්ෂ ගණන් දී 5G ෆෝන් ගන්නට ගමේ අයට වත්කමක් නැත.
- අනාගත අප්ග්රේඩ් (Future Upgrade): අද හදන නවීන 4G කුළුණු, අනාගතයේදී අවශ්ය වූ විට සරල මෘදුකාංග (Software) වෙනසකින් 5G බවට පත් කළ හැකිය.
පුරෝගාමියාගේ අවසාන අදහස:
නගරයේ වායුසමනය කළ කාමරවල සිට තාක්ෂණය ගැන කතා කරන බොහෝ දෙනෙකු හට ගමේ පොළොවේ ඇත්ත තත්ත්වය හා තමන් සියල්ල දත් තැනක සිටිනා නිසාම වැරදී ඇත. ජනපතිගේ කතාව දේශපාලනිකව නොව සැබෑ තත්වයන් හමුවේ අවඥාවට ලක් නොකල යුතු පුරෝගාමියා කල සොයා බැලීම් වලදී මෙම සැබෑම සත්යය මෙය වන නිසාය
එම සත්යය මෙසේ ජනතාව වෙත ගෙනයාම පුරෝගාමියා ගේ මාධ්ය යුතුකම වෙයි !




Be the first to comment