මොමනස රැස්වීම් හි සිදුවන දේ දැනගැනීම මොරටුව ජනතාවගේ අයිතියකි ! එහි සැඟවිය යුතු කිසිවක්ම නැත ? දෙහිවල ගල්කිස්ස නගරසභා  රැස්වීම් වාර සජීවීව ජනතාවට ප්‍රසිද්ධ කරුනු ලබයි මේ මොමනස මන්ත්‍රීවරුන් ලබාදෙන දර්ශණ පලකිරීමකි !

මොමනස රැස්වීම් හි සිදුවන දේ දැනගැනීම මොරටුව ජනතාවගේ අයිතියකි ! එහි සැඟවිය යුතු කිසිවක්ම නැත ? දෙහිවල ගල්කිස්ස නගරසභා  රැස්වීම් වාර සජීවීව ජනතාවට ප්‍රසිද්ධ කරුනු ලබයි මේ මොමනස මන්ත්‍රීවරුන් ලබාදෙන දර්ශණ පලකිරීමකි !

මොරටුව මහා නගර සභාවේ මාසික රැස්වීම් වාර ආවරණයට අවසර ඉල්ලා නගරාධිපතිතුමාට ලිපියක් යොමු කර දැන් මාස 3 ක් ද ඉක්ම ගොස් ඇතත් පෙර එය මහා සභා රැස්වීම් වාර තුලදීම විපක්ෂ නායකතුමා හා තවත් මන්ත්‍රීන් පැහැදිලි කරමින් ඉල්ලා සිටියද එය දෙනු ලබන බවක් මුලදී පෙන්නුම් කලද දැන් අහේතුක හේතු ගෙනහැර පාමින් එම අවසරය පුරෝගාමියාට ලබා නොදෙනා බව ඉතා විශ්වාස කටයතු ආරංචි මාර්ග පවසයි .

කෙසේ වුවද අවසර දෙනවාද නැද්ද ? නොව තවමත් මාස 3 ක් ගතවීත් අඩුම තරමේ එවැනි ලිපියක් ලැබුනේද නැද්ද පවා පුරෝගාමියාට දන්වා නැති තරම් වීම කෙසේ අකුරු කල හැකිදැයි යන්න පුරෝගාමියාටම මහත් කණගාටුවක් හා තනි ඇහැට ඇඬිය යුතු තරමේ විහිළුවක්ව තිබෙයි . මන්ද යත් මේ පුරෝගාමිත්වයේ නගරයේ පුරවැසියා වෙනුවෙන් කැපවනා බව පවසනා ප්‍රධානතම රජයේ ආයතනයයි ? පිළිතුර නිහඬතාවයයි ?

මොරටුව මූලික පුරෝගාමියාට දැන් එම රැස්වීම් වාර්ථා අවසරය පමණක් නොව පොදු ජනතාවට අයත් පොදු අයිතියක් වූ මොමනස නගරසභා පරිශ්‍රයේ එළිමහන පවා වීඩියෝගත කිරීමට පෙර මෙන් නොව මොමනස ආරක්ෂක අංශ යොදවමින් මොමනස බලධාරින්ගේ වාචික නියෝගයක් මත යැයි බාධා පැමිණවීම ද මෙසේ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක් බව ද පැහැදිලිය .

ඒ පිළිබඳව පුරෝගාමියා කිසි විටකත් නිහඬව නොසිටින්නේ එය පොදු ජනතාවගේ නීතිමය අයිතියක් ම වන බැවිනි .

කෙසේ වවුද කුමන බාධා පැමුණුවූවද රටේ ව්‍යවස්ථාපිත ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශණයේ අයිතිය සුරැකීමට පුරෝගාමියාට මහත් වගකීමක් හා යුතුකමක් ඇති බැවින් ඒ සඳහා හැකි සෑම පියවරක්ම ගනු ලබන්නේය . මෙසේ මෙම නගර සභා ශ්‍රව්‍ය දෘෂ්‍ය නමින් පලකරනු ලබන්නේ එවැනි උත්සාහයක ප්‍රථිපලයකි . මේ මොමනස එම මන්ත්‍රීවරැන් ලබා දෙන වීඩියෝ ප්‍රසිද්ධ කිරීමෙනි .

මේ එම පළමු වීඩියෝවයි … එහි මොරටුව මහා නගර සභා මන්ත්‍රී බ්‍රෙන්ඩන් හිමාෂ මහතා ගේ  එක් ප්‍රකාශයක් අඩංගු වෙයි ….

 

Be the first to comment

Leave a Reply