නගර සභාවේ මිලියන 102 ක වන්දිය නිසා ලුනාව සීවීව් නිවැසියන්ව කල්ලතෝනි කිරීම අසාධාරණයි ! මොමනස මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා .

ලුනාවේ සීවීව් නිවාස සංකීර්ණය ඉදිකර ඇත්තේ පෙර මොරටුව තානායම පිහිටි ඉඩමේය . එය මොරටුව මහා නගර සභාව වසර 70 ක් පමණ භුක්ති විඳ ඇතැයි අයිතිවාසිකම් කීම මත එයට දෙවැනි පෙල ඔප්පුවක් මොරටුව මහා නගර සභාවට ලැබී ඇතැයි පැවසේ .

නමුදු මෙය පසුගිය පාලන සමයේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට පවරා ගනිමින් මොරටුව ජනතාව මූලික කොට එහි මෙම නිවාස සංකීර්ණය ඉදිකල අතර නමුදු නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඔවුන් ප්‍රකාශ කල තත්වයෙන් බැහැරව මෙම නිවාස විකුණා ඇති බවද කියවුනේ පසුගිය මොරටුව මහා නගර සභා රැස්වීම් වාරයේදීය .

මේ පිළිබඳව මහා විවාදයක් එම නගර සභා රැස්වීමේදී මතු වූ අතර එහිදී මූලිකවම වසර ගණනාවක් මෙම නිවාස මිලදී ගත් අයට ඔවුනගේ නමින් වරිපනම් ලබාදීම සිදු නොකල නිසා එය මහත් අසාධාරණයක් බව ප්‍රකාශ කරනු ලැබුවේ මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා විසිනි .

නමුදු විපක්ෂයේම මන්ත්‍රීවරයෙකු වූ සුජිත් පුෂ්පකුමාර මහතා මෙසේ වරිපනම් හිමිකර දීම තුලින් මෙම ඉඩම සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියෙන් මොරටුව මහා නරග සභාවට ගෙවිය යුතු වූ මිලියන 102 ක මුදල අහිමිව යන බවටද එනිසා මෙසේ කිරීමට මූලික වන්නවුන් එයට මතු වගකිවයුතු බවද පැවසීය

මෙහිදී තම අදහස් පලකරමින් මොමනස මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා එවැනි වනිද්යක් ලබා ගැනීම කිනම් ආකරයෙන් හෝ සිදු කිරීමට තමාද එකග නමුත් මේස වසර ගණනාවක් මෙම නිවාස සංකීර්ණයේ නිවැසියන් කල්ලතෝනි මෙන් සලකමින් වරිපනම් අංක ලබා නොදීම මෙන්ම ඔවුන්ට නගර සභාවෙන් හිමිවිය යුතු කුණු කසල එකතු කිරීම වැනි සේවාවන් ලබා නොදීම මනුෂ්‍යයින් ලෙසින් අප හෙලා දැකිය යුතු තත්වයක් බවද පැවසීය .

මෙම තත්වය නිසාම හා මේ පිළිබඳව මොරටුව හිටපු නගරාධිපතිවරයෙකු වූ සමන් ලාල් ප්‍රනාන්දු මහතා වෙතින්ද පුරෝගාමියා මෙම තත්වය පිලිබදව පෙර විමසා එය ප්‍රසිද්ධ කල අතර මෙදා මෙම වරපනම් ලබා ගැනීම වෙනුවෙන් හඬ නගනා මොමනස මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා හමුවන්නේ මේ පිළීබඳව සත්‍ය තත්වයන් මොරුටුව ජනතාව දැනගත යුතු නිසාම එම සත්‍යය වටහා ගැනීමට මේ සියලු කරුණු ඉවහල් වන බව විශ්වාස නිසාය .

මේ මොමනස මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා සමග පුරෝගාමියා ලුනාව සීවීව් නිවාස සංකීර්ණයේ ප්‍රශ්ණය පිලිබඳව සිදුකල සම්මුඛ සාකච්ඡාවයි ….

 

Be the first to comment

Leave a Reply