
මොරටුව මහා නගර සභාවෙන් අඟුලාන සුසාන භූමියටත් කුඩම්මාගේ සැලකිලි ඇයි ?
සර්වජනබලය පක්ෂයේ මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර මහතා එසේ ප්‍රශ්ණ කරනු ලබන්නේ වසරකට වැඩි කාලයක් ඔහු විසින් මොමනස ට යොමු කරනා ලද යෝජනාවක් තවමත් ක්‍රියාත්මක නොකරීම පිළිබඳව චෝදනාව මතු කරමිනි .
පෙර නගරාධිපතිවරයා දැනුවත්ව එම ආදාහනාගාරයේ ඇතැම් කොටස් ගලවා ගෙනගොස් කොරළවැල්ල ආදාහනාගාරයෙ අලුත්වැඩියා සිදුකල නමුත් අද අඟුලාන ආදාහනාගාරය හා සුසාන භූමිය පිළිබඳව කිසිවකුට වගේ වගක් නැති බවද පවසයි
අගුලාන සුසාන භූමියට ගේට්ටුවක් පවා නොමැති වීම නිසා මෙදා මතුලෝලීන් මුදල් රැගන කුණු ගෙනවිත් දමනා බවත් රාවතාවත්ත සුසාන භූමියට අනවශ්‍ය ලෙසින් ගේට්ටුවක් අලුතින් සවිකිරීම නිසා එම ගේට්ටුව හෝ අඟුලාන සුසුන භූමියට සවිකර දෙන ලෙස ඉල්ලා සිටියත් එයටද මොමනස වගකිවයුත්තෝ නෑසූ කන් ඇතිව සිටිනා බවත් චෝදනා කරයි .
තවත් බොහෝ අඩුපාඩු පේනවා දෙමින් මේ පිළිබඳව පැහැදිලි කග මන්ත්‍රීවරයා තමා මේ සිදු කරන්නෙ තමාට හිමි සුසාන භූමිය එය නිසා නොව එහි පොදු ජනතාවගේ අවශ්‍යතාවය එය නිසා බවත් පැහැදිලි කරමින් මෙම කරුණ ඉක්මණින් ඉටු කර දෙන ලෙස මොමනස නගරාධිපති වෙතින් ඉල්ලා සිටියි .




Be the first to comment