කුඩු විතරක් නෙමෙයි කුඩු කුණුත් දරුණු සමාජ ව්‍යසනයක් ? මොමනස මන්ත්‍රී ඩබ් රවීන්ද්‍ර රංගන ප්‍රනාන්දු මහතා

සමාජයේ සියලු කුදු මහත් වැරදි උදෙසා දේශපාලකයින්ටම දොස් පවරනා වත්මන් සමාජයේ එය අහඹුවක්ම නොවන්නේ වුවද අප මෙදා පෙන්වා දෙන්නේ අපේම ජනතාව ගේ උරුමය වූ සොබා දහම කොතෙක් උත්සාහ කලද මේ සමාජයේම ඇතමෙකුගෙන් රැකගැනීම නම් මහත් අසීරු කටයුත්තක් ව ඇති බවයි .

මේ කොරළවැල්ල මුහුදු තීරය එසේ වල් වැදී හා කුණු කලස වලින් පිරී තිබීම නිසාම එහි ජාතික ජන බලවේගයේ මන්ත්‍රී  ඩබ් රවීන්ද්‍ර රංගන පුනාන්දු මහතා මූලික වෙමින් එම වෙරළ තීරය පිරිසිදු කිරීම මොරටුව නගර සභාවේද සහයෝගයෙන් සිදු කලේ මෑතදීය .

ඒ මහතා විසින් එම අවස්ථාවේදී ගනු ලැබූ ඡායාරූප හා කෙටි වීඩියෝ මෙසේ යොමු කරමින් පුරෝගාමියා මගින් පෙන්වා දෙනුලබන්නේ සියලු දොස් පරොස් දේශපාලකයාගේ කර පිටින් යවන්නෝ වෙතද මෙවැනිව මේ ස්වභාව දහම විනාශ කරන්නවුන් ගෙන් බේරා ගැනීමෙ යුතුකමක් දේශපාලකයන්ට පමණක් නොව ඔබටද මටද ඇති බවය .

එහිදී මෙම වෙරළතීරය සමාජවාදී නිවහන් පදෙසේ සිට ජනප්‍රිය මාවත දෙස දක්වා පිරිසිදු කිරීම පමණක් නොව මෙහි වතුර බැසයාමට තිබූ මහා කාණුවක් එය තැනීමේදී වූ අඩුපාඩුවක් නිසා වැසි දිනවලදී එහි වෙසෙන්නේ මහත් පීඩාවට පත්වන බැවින් එම කාණුවේ අලුත් වැඩියා කටයුතුද කරමින් එහි ජලය ගලා යෑමට තවත් ඉඩක් ද නිමකරුනු ලැබීය

එහිදී මුලු රාත්‍රිය පුරා රේල් පීලි පවා ගලවා එම අලුත් ජල බැස්ම තැනීම සැබවින්ම අසීරු කටයුත්තක් වුවද එය නොතකා එය සිදු කිරීම පිළිබඳව එම ප්‍රෙද්ශවාසීන් තම කෘතඥතාවය පල කරති

එසේ කොතරම් හොදින් පිරිසිදු කලද ඉන් සතියක් දෙකක් ඉක්ම යන තැනදී එම පිරිසිදු ස්ථානයන් යලිත් කුණු කසල වලින් පිරී යාම මහත් ප්‍රශ්ණයක් බවද මෙය කුඩු විතරක් නෙමෙයි කුඩු කුණුත් දරුණු සමාජ ව්‍යසනයක් බවද පැහැදිලි කරමින් මෙමනස ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ඩබ් රවීන්ද්‍ර රංගන පුනාන්දු මහතා පුරෝගාමියාට පැවසීය

Be the first to comment

Leave a Reply