
මොමනස විසින් කරදියාන කසල අංගනයට මොමනස කසල බැහැර කිරීම් වෙනුවෙන් ගෙවිය යුතු යැයි කියූ රුපියල් ලක්ෂ 300 ක් පමන වු මුදලක් ගැන පසුගිය මොමනස මහා සභා වාරයේදී කියැවිණ .
එහිදී හැමදා මෙන් සියලු කරුණු පිළිබඳව පැහැදිලි කරනා මොමනස විපක්ෂයේ මන්ත්රී හිටපු නියෝජ්ය නගරාධිපතිවරයෙකු වූ මොමනස මන්ත්රී සුජිත් පුෂ්පකුමාර මහතාද එසේ මුදල් ගෙවිය යුතු නොවනා බවට බොහෝ කරුණු ගෙන හැර දැක්වූ අතර ඒ පිළිබඳව මුදල් නොගවා සිටීමට අදාල ලිපි ලේඛන කිසිවක් වේදැයි මොමනස නගරාධිපති කෙ ඩී නිශාන්ත මහතාද සභාවෙන් විමසා සිටියේය
මේ නිසාම හා මෙම කරදියාන කසල අංගනයෙන් දැන් කසල බැහැර කිරීම වෙනුවෙන් ලක්ෂ ගණනක තැන්පත් මුදලක් අවශ්යයැයි ද මෙහිදී හෙළදරව් වූ බැවින් මේ සියලු කරුණු නිසාම මෙම හිඟ මුදල පෙර පාලනයේ සිටි නගරාධිපති සමන්ලාල් ප්රනාන්දු මහතාගේ වගකීම් විරහිත ක්රියාවක් සේද මෙය මතුවනා සෙයක් පෙනී ගිය බැවින් පුරෝගාමියා ඒ නිසාම මේ පිළිබඳව හිටපු නගරාධිපති සමන්ලාල් ප්රනාන්දු මහතා වෙතින් විමසනු ලැබීය
එහිදී මේ පිළිබඳව දීර්ඝ කරුණු පැහැදැලි කිරීමක් ඔහු විසින් සිදුකරනු ලැබූ අතර මේ එම සම්පූර්ණ ප්රකාශයයි




Be the first to comment