මොරටුව සමූපේ නව සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය වැඩ අරඹයි ! චෝදනා වේ නම් නම් ගම් ඇතුව කියන්න – සජබ මොරටුව සංවිධායක සේනක දමයන්ත මහතා කියයි

මොරටුව සමූපේ නව සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය වැඩ අරඹයි ! චෝදනා වේ නම් නම් ගම් ඇතුව කියන්න – සජබ මොරටුව සංවිධායක සේනක දමයන්ත කියයි

මොරටුව විවධ සේවා සමූපකාර සංගමයේ විශේෂ මහා සභාවක් පවත්වා එහි සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කර නව සභාපතිවරයෙකු හා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කරගනු ලැබුවේ මොරටුව සංවිධායක සේනක දමයන්ත මහතා ගේ මූලික්ත්වයෙන්  සමගි ජන බලවේගය කණ්ඩායම විසිනි .

එහි නව සභාපතිවරයා ලෙසින් කාර්ලෝ ප්‍රනාන්දු මහතා පත්වූ අතර නිශාන්ත අමරවීර මහතාව උප සභාපතිවරයා ලෙසින් පත්කර තිබුණි .

ඔවුන් ප්‍රමුඛව අධ්‍යක්ෂ මණ්ඩලය වැඩ ආරම්භ කිරීම අද (20) දිනදී උදේ 9.11 ට යෙදුන සුබ මොහොතින් සිදුවිය .

පන්සිල්හි පිහිටුවා ආගම සිහිකර චිරාගත සම්ප්‍රදායානුකූලව වත් පිලිවෙත් පුරා ආරම්භ කල උත්සව සභාව අමතා නව සභාපති කාර්ලෝ ප්‍රනාන්දු මහතා සමිතිය සතු මහඟු සම්පත් අන් අයට බදු දී සමිතිය සොච්චමක් පමණක් ලබා ගැනීමේ මෙතෙක් ආ ක්‍රමයෙන් මිදී සියලු ලාභයන් සමූපකාර සමිතියට ලබා ගැනීමේ අනාගතයක් උදාකිරීම තම අරමුණ බව පැවසීය .

එහිදී කතා කල සජබ මොරටුව ආසන සංවිධායක මොමනස ප්‍රතිපක්ෂ නායක සේනක දමයන්ත මහතා තමන් ඇතැම් අවස්තාවන් හි පක්ෂය පිළබදව සිතා ගත් තීරණ පවා නිවැරදි නොවුන බවද පැහැදිලි කරමින් නමුදු මෙවර තෝරා පත්කල නව නිලධාරීන් අති දක්ෂයින් බවද පැහැදිලි කලේය .

පෙර සිදුවීම් නිසා යම් යම් චෝදනා නැගෙනා බව දන්නා නිසාම එවැනි චෝදනා කරනා අය එවන් චෝදනා වේ නම් ඒවා නම් ගම් දාතම සහිතව ඉදිරිපත් කල යුතු බවද නැතහොත් ඒවා කටකතා පමණක් බවද පැවසීය .

නව උපසභාපති නිශාන්ත අමරවීර මහතාද . සමූපකාර සමිතියේ නිලධාරින් හා නිලධාරිණියන්ද සභාව ඇමතූ අතර .. ඒ පිළිබඳව පුරෝගාමියා ගේ වීඩියෝ වාර්තාවයි මේ ….

Be the first to comment

Leave a Reply