
පසුගියදා ගොලුමඩම හන්දියට නුදුරින් පදික වේදිකාවෙ වෙළඳාම් කල පලතුරු වෙළන්දෙකු එතැනින් ඉවත් කිරීමට ගල්කිස්ස පොලීසියේද මොරටුව පොලීසියේද මාර්ග සංවර්ධන අධිකාරියේද මොරටුව මහා නගර සභාවේද සහයෝගය ලබමින් එය සිදුකිරීම පුරෝගාමියා විසින් වාර්ථා කිරීමේදී නීතිය ඉටු කිරීම අගය කරමින් නමුදු එය නීතියක් වන්නේ නම් හැමට සමාන ලෙසින් මොරටුවේ ගම් දනව් තුලද ක්‍රියත්මක විය යුතු බව ප්‍රසිද්ධ කරනා ලදි .
නමුදු එම වාර්ථාවේ දී එම සිදුවීමේ පූර්ණ සත්‍යය ප්‍රකාශ නොකලේ යැයි යන චෝදනාවක් පුරෝගාමියාට හැමවිටම මනා සහයක් දක්වන මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා විසින් මතු කරනා ලදි .
නමුදු පුරෝගාමියා එය දුටුවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්ණයක් ලෙස නොව රටක නීතියක් යනු මොරටුවේ එක් එක් තැන් වලට පමණක් ක්‍රියාත්මක විය යුතු දේ නොව එම නීතිය පුරෝගාමියා අගය කරන්නේ වවුද එය බොහෝ තැන්හි හා පුද්ගලයින් අනුව වෙනස් නොවිය යුතු පදනමේ සිටය
එසේම හැම විටම පුරෝගාමියා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනු ලබන්නේ මෙහි පලකරනා කුමන අදහසක් පිළිබඳව වුවද ඕනෑම අයෙකුට එය ඔහුට හෝ ඇයිට අදාල වන්නේ නම් ඒ පිළීබඳව ඔහු කරනා සියලු ප්‍රකාශයන් ඔහුගේ වගකීමට යටත්ව පුරොගාමියා විසින් ප්‍රසිද්ධ කිරීමට නොපැකිලෙන බවම පමණකි .
එනිසාම මෙම ප්‍රශ්ණය පිළීබඳවද කුමන තැන්හි කුමක් කියැවුනද එහි විනිශ්චය දිය යුත්තේ ජනතාවම වන බැවින් පුරෝගාමියා ගේ කාරිය වන්නේ තැන තැන අදහස් ප්‍රකාශ කරන්නාවූ හැමටම පුරෝගාමියාට කිසියම් ප්‍රකාශයක් කරන්නට ඇවසි නම් ඊට පූර්ණ නිදහසක් අයිතියක් ඇති බැවින් ඒ සඳහා පුරෝගාමියා තුල ඉඩ ඇති බවය
ඒ නිසාම මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතාට ද මෙසේ ඔහු දන්නා පූර්ණ සත්‍යය පවසන්නැයි පුරෝගාමියා විසින් ෙ අවස්ථාව ලබා දුන් අතර එහිදී මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා විසින් පුරෝගාමියා දකින්නේ මෙය නීතිය හැමටම සමාන ලෙසින් ඉටු නොකිරීමක් සේ වුවද මෙය ඉන් එහා යමින් සිදුකරනා ලද පෞද්ගලික පලිගැනීමක් බව මෙසේ පැහැදිලි කරනා ලදි ……




Be the first to comment