
පසුගිය මැතිවරණ සමයේදී ජනතාව මහත් ආකර්ෂණය කරමින් දේශපාලන වේදිකාවේ ගිගුම් දුන් පොරොන්දුවක් වූයේ පෙර පාලනයන් හි දූෂිත බව හා මහා පරිමාණයෙන් සිදුවූ හොරකම් වංචා පිළිබදවය .
උගන්ඩාවේ සල්ලි ගේන්න ඕනදෝ ? යනුවෙන් මාලිමාවේ වේදිකාවේන නැගුණු ඒ චෝදනාවන් දැන් මාලිමාව බලයට පත්වී වසර දෙකක් ඉක්ම ගොස් ඇතත් කිසිවකුට අමතකව නොයනා තරමටම මේ හොරු ඇල්ලීම තවමත් අපේ දේශපාලනයේ ප්රධානතම මාතෘකාව බවට පත්වී තිබෙයි .
දේශපාලන වේදිකා බහුතරයක කියැවුණ දේ එදාත් අදත් හෙට දවසේ 99% ක් ඉටු නොවනා බව විශ්වාස කරනා ලංකාවෙ ජනතාව තවමත් හොරු අල්ලනවා යන පොරොන්දුවට තවමත් මහත් බලාපොරොත්තුවක් ඇතුව එය එසේ වන්නේ කවදාදා යන්න දෑස් දල්වා බලා සිටිති .
එදා මාලිමාවෙන් ඇසුණු ලෙසින් ඒ බොහෝ කරුණු ඉටු නොකරමින් මෙදා රටෙ බහුතරයක් ජනතාව වෙතින් දෝෂදර්ශණයට ලක්වන නිසාදෝ අන් සියල්ල කියූ ලෙසින් ඉටු නොකල ඔවුන් මෙදා හොරු අල්ලනවා යන්න තවමත් නොබිඳමින් පවත්වාගෙන යන්නේ අන් සියල්ලටම වඩා රටේ ජනතාව තුල ඒ පිළීබඳව ඇති කැමැත්ත ඔවුන්ම වටාහා ගනිමින් සිදුවූ සුදුවන සියලු පසුබෑම් ඉන් ඉවතදමා ජන ප්රසාදය යලි දිනාගත හැකියැයි විශ්වාස කරනා නිසාම විය යුතුය .
පුරෝගාමියා ට මූලික මොරටුව වන නිසාම මොරටුව මහා නගර සභා මැතිවරණයෙන්ද එවක පාලක පක්ෂ වෙත නැගුණු ප්රධානම චෝදනාව වන්නේද දූෂණ වංචා හා හොරකම්ය .
එනිසාම මොරටුව ජනතාවද එම කරුණු නිසාම මාලිමාව බලයට පත්කොට තවමත් බලා සිටින්නේ ඔවුන් කී මේ දූෂණ වංචා හා හොරකම් වලට අදාල පුද්ගලයින් අල්ලා නීතිමය පියවර ගන්නා තෙක්ය .
මොරටුවේ එම දූෂණ චෝදනා හා හොරකම් වංචා ගැන කියවෙද්දී මොරටුව මහා නගර සභාවෙ එවක නගරාධිපති සමන්ලාල් ප්රනාන්දු මහතා තරම් හොරක්ම වංචා දූෂණ සිදුකල වෙන්ත අයකු නැති තරමින් බොහෝ කරුණු එවක කියැවුනේය .
එනිසාම එය මෙදා සමන්ලාල් යැයි කී පමණින් සමාජජාල ආශ්රිතවද හොරා යන සේ එම නාමයට ප්රතිචාර දක්වන්නටද තවමති ඇතමුන් හුරු වී සිටිති .
නමුදු මාලිමාවේ හොරකම් ගැන කියවුන විටදී ඒවා චෝදනා පමණක් යැයි කියැවුණ මාලිමාවේම මතය අනුව යමින් බොහෝ දෙනෙකු මේ හොරා යන නාමය භාවිතා කල පමණින් කිසිවකු හොරෙක් නොවනා බව පැහැදිලිය .
එනිසාම සමන්ලාල් හිටපු නගරාධිපතිවරයා පිළිබඳව එදා නැගුණු චෝදනා කප්පරක් සේ වූ නිසාම ඔහු පිළිබඳව බොහෝ තැන්හි වන කතා බහ පුරෝගාමියාට වැදගත් වන්නේය
ඒ නිසාම පසුගිය දිනක දැන් මන්ත්රීවරැන් වන දේශපාලනඥයෝ කීපදෙනෙකු හා හිටපු මන්ත්රීවරැන් එක්වී සමන්ලාල් හොරෙක්ද යන ප්රශ්ණය ගෙන උදාරණ සහිතව කතා බහක් නිර්මාණය වූ තැනකදී මෙතෙක් සමන්ලාල් ප්රනාන්දු හිටපු නගරධිපතිවරයා පිළිබඳව පුරෝගාමියා නොඇසූ කතාවක් පුරෝගාමියාට අසන්නට ලැබුනේ හිටපු පොහොට්ටු මන්ත්රීවරයෙකු වූ කේසර රවීන්ද්ර පුනාන්දු මහතා වෙතින්ය .
ඔහු එහිදී තම ඥාතියකු කී කතාවක්ම ගෙනහැර දක්වමින් ප්රකාශ කර ප්රශ්ණකර සිටියේ එම කරුණු අනුව හිටපු හිටපු නගරාධිපති හොරකම් කරාද ? උදව්වකින් ජනතාවට සේවය කලාද ? යන පැණයයි
මේ නිසාම පුරෝගාමියාට ඔහු සොයා ගොස් ඔහුගේ එම ප්රකාශය ප්රසිද්ධ කල යුතු යැයි සිතුනේ එහිදී හිටපු මන්ත්රීවරයෙකු වූ කේසර රවීන්ද්ර පුනාන්දු මහතා ඒ තුලින් පදනමක් නොමැතිව සමන්ලාල් ප්රනාන්දු හිටපු නගරාධිපතිවරයාට හොරා හොරා කියන අයට ඒ ප්රකාශය අනුව එසේනම් ශාක්ෂි සහිතව ඔප්පුකල යුතු අභියෝගයක් ද එම ප්රකාශයේ ඇති නිසාය ….
මේ මොමනස හිටපු මන්ත්රී කේසර රවීන්ද්ර පුනාන්දු මහතා ඒ පිළිබඳව පුරෝගාමියා වෙත සිදුකල ප්රකාශයයි ….




Be the first to comment