
මොරටුව මහා නගර සභා මන්ත්රී මොරටුව හිටපු නගරාධිපති සර්වජන බලයේ මොරටුව ආසන සංවිධායක සමන්ත සිල්වා මහතා එසේ පැවසූයේ පුරෝගාමියා හා සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි
පසුගිය කාලයේ තමා වැඩිපුර මොමනස පරිශ්රයේ පෙනෙන්නට නොසිටියේ තමන් එතුලින්ම යැපෙනා පුද්ගලයෙකු නොවනා නිසා තම ව්යාපාර සඳහා යොමුව සිටි නිසා බව පුරෝගාමියාගේ ප්රශ්ණ කිරීම් හමුවේ ප්රකාශ කල ඔහු තමන් දේශපාලනය තුලින් නොව තම ව්යාපාර තුලින් උපයා ජීවත් වන නිසා ඒ පිළිබඳවද අවධානය යොමු කල යුතුව ඇතැයිද පැවසීය .
මාලිමාවට අනියමින් සහය දෙන බවට සර්වජන බලයේ ඔබලාට එරෙහිව චෝදනාවක් නැගෙනවා නේදැයි කල ප්රශ්ණ කිරීමේදී පොදු විපක්ෂය තුල ඉතා හොඳ මන්ත්රීන් සිටියද ඇතැමුන් තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් එම පොදු විපක්ෂය භාවිතා කරනා නිසාම මෙම තීරණය තමා විසින් ගනු ලැබුවේ මොමනස සභාව පිහිටවූ මුල් අවදියේම බව පෙන්වා දුන් මොරටුව මහා නගර සභා මන්ත්රී මොරටුව හිටපු නගරාධිපති සර්වජන බලයේ මොරටුව ආසන සංවිධායක සමන්ත සිල්වා මහතා ඔවුන්ටද පොදු ජනතාව වෙන්වෙන් වූ දේශපාලන ගමනක් නැති බව පෙනෙනා නිසාම එම තීරණයට එළඹි බව පැහැදිලි කලේය .
වත්මනෙහි වන දේශපාලනමය සිදුවීම් අනුව වමාංශික දේශපාලනයේ නායකත්වය ගතහැකි එකම නායකත්වය බවට සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා පත්ව ඇති බව පැහැදිලි කරමින් ඔහු හා එක්ව මොරටුව සංවර්ධනයට එක්වන්නැයි මොරටුව ජනතාවගෙන් පුරෝගාමියා හා කල මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඉල්ලීමක්ද සිදු කරනු ලැබුවේය .
පුරෝගාමියා එම මොමනස මන්ත්රී සමන්ත සිල්වා මහතා හා සිදුකල එම සම්මුඛ සාකච්ඡාව මෙසේය ….




Be the first to comment