
පසුගියදා සොයිසාපුර නිවාස සංකීර්ණයේ එක් නිවාස පේලියක පහත මාලයේ නිවසක වූ ගෑස් කාන්දුවක් නිසා යැයි සැක කෙරෙනා පිපිරීමක් සහත ගින්නක් ඇති වී ගිය බව රටටම වාර්තා විය .
එහිදී මොමනස ගිනි නිවනා කණ්ඩායමද ප්රදේශවාසීන්ද එක්ව එම ගින්න මැඩ පවත්වා තිබිණ .
එහිදී එම පොලිස් මුරපළෙහි සේවයේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනකු එහි අනතුරට පත් නිවැසියන් බේරා ගැනීමට කටයුතු කල ආකාරයද පැසසුම් කටයුතුය .
පුරෝගාමියා ඒ සියල්ලට තුති පුදනා නමුදු එම කොට්ඨාශයේ මන්ත්රීණි මෂීනා බක්කර් මහත්මිය මොනස හි පුරෝගාමියාට හමුවූ සෑම දිනකම සිදුවූ විපත හා එයට විසදුමක් ලබා දීම වගකිවයුත්තන් වෙතින් දින දින පමා වන බව පැවසූ නිසාම මෙම නිවැසියන්ගේ හිත්හි ඇවිලෙනා ගින්න කෙසේද යන්න හා එයට විසදුම් සැදිය හැක්කේ කෙසේද යන්න විමසා බලන්නට මොමනස විපක්ෂ නායක සේනක දමයන්ත මහතා ද මොමමනස මන්ත්රී සුජිත් පුෂ්පකුමාර මහතාද පුරෝගාමියා සමගින් කොට්ඨාශයේ මන්ත්රීණි මෂීනා බක්කර් මහත්මිය හා මෙසේ එක්වීය .
එහිදී අදාල නිවාස පරික්ෂා කිරීමේදී මෙම ගෑස් කාන්දුව නිසා සිදුවූ පිපිරීමෙන් මෙම නිවාස සියල්ල ඉරි තලා එය කිසියම් මොහොතක කඩා වැටේදෝ යන බියෙන් මේ වන විට එම නිවැසියෝ වැඩි වේලාවක් එම ඉහත මාල හි නිවාස වෙතින් පවා ඉවත්ව දිවි ගෙවති .
මෙම පිපුරුමෙන් පසුව ඒ පිළිබඳව පරීක්ෂාවට අදාල බොහෝ අංශ සේම මොමනස නගරාධිපති නිශාන්ත ප්රදිනානාන්දු මහතාද මාලිමාවේ නියෝජ්ය ඇමතිවරයෙකු හා එහි කොට්ඨාශ මන්ත්රී සුදේශ් ඉන්ද්රජිත් මහතාද සමග ගොස් විමසනා අයුරු ද මාධ්ය මගින් ප්රසිද්ධ වූ අතර ඒ පිළිබඳවද පුරෝගාමියාට ඇත්තේ ගෞරව පූර්වක ස්තූතියකටත් වඩා තම යුතුකම හා වගකීම ඉටු කරන්නට ඒ මහතුන් දැක්වූ ප්රතිචාරය අගය කිරීමක්ය .
නමුදු මෙම අනපේක්ෂිත සිදුවීම සිදුවී දැන් සතියක කාලයක් ඉක්ම ගොස් ඇතත් දැන් එය කිසිවකුගේ අවධානයට ලක් නොවනා බව එහි ගිය පොදු විපක්ෂ කණ්ඩායම එම නිවැසියන් හා කල කතා බහේදී පැහැදිලි විය .
එසේම මොරටුව පුරෝගාමිත්වයේ නගරය යැයි හඳුන්වා දෙමින් අප කොපමණ උඩප්පර ගැසූවද අපගේ ජනතාව වෙනුවෙන් වූ සේවාවන් ලබා දීමේදී සිදුවූ ප්රමාදයන් පිළිබඳවද එම නිවැසියන් වෙතින් ප්රකාශ විය .
මේ පිළිබඳව විමසීමට මොමනස විපක්ෂ නායක හා පිරිස එහි වන නිලදාරින් වෙතද ගිය නමුදු ඔවුන් වෙතින් ද දුරකතනයෙන්ද මේ පිළිබඳව විමසීමේදී ලද පිළිතුරු මහත් අලස බවකින් යුතු විය .
මෙය මෙසේ නොවිය යුතු බව පුරෝගාමියාද මෙසේ පෙන්වා දෙනු ලබන්නේ දිට්වා විනාශයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෘජුවම මැදිහත් වෙමින් සිදුවූ පාඩුවට ක්ෂණිකව වන්දි ලබා දෙන අන්දමද ප්රකාශ කිරීමෙන් මෙවන් විපත් අවස්තාවන්හි ක්රියාකලයුතු ආකාරය රටටම පහදා දුන් නිසාය .
ඒ නිසාම මොරටුවේ වගකිවයුත්තෝ මෙම විපත පිළිබඳව මෙයට වඩා උනන්දුව එම වාර්ථා හෝ වෙනත් ඇවසි කිසියම් ලේඛන වේ නම් ඒවා ගෙන්වා ගනිමින් මෙම නිවැසියන්ගේ හදෙහි මේ නිසා ඇති ව ඇති ගින්න නිවා දැමීමට කටයුතු කල යුතුම බව පුරෝගාමියාද මෙසේ පෙන්වා දෙනු ලබන්නේය ….
මේ එම පරික්ෂාව හා විමසුමේදී විපක්ෂ කණ්ඩායම හා එහි නිවැසියන් දැක්වූ අදහස්ය …..




Be the first to comment