රූකාන්ත අයියලාට බයිසිකල් විකුණන්න වෙන සපත්තු විකුණන්න වෙන කාලය ළඟයි ? අයියලාට කියන්නේ සංගීතයේ අවසානය ළඟයි ? දීප්ති කුමාර ගුණරත්න

ලංකාවේ මේ වන විට කිසියම් අයකු විසින් වෙනත් අයෙකුගේ ගීත ගායනයේදී ඒ සඳහා එම ගීතයේ හිමිකරුවන් වන රචකයින් හා තණු නිර්මාණය කල අය වෙත කතෘ භාගයක් ගෙවිය යුතු යැයි නියෝගයක් ගැසට්ටුවක් මගින් ප්‍රසිද්ධ කර තිබීම පිළිබඳව විශාල ලෙසින් ජනතාව වෙතින් කැළඹීමක් ඇතිව තිබෙයි .

මෙය වඩාත් තීව්රු වූයේ මෙම කතෘභාගය ජනතාවගේ සියලු උත්සව අවස්ථාවන් සඳහාද බලපානා බවට මෙම කලාකරුවන් හා ඔවුන්ගේ ඥාතීන් විසින් ද නොයෙක් අන්දමින් ප්‍රසිද්ධ කිරීමෙන් පසුවය

මෙය අප රටේ ප්‍රවීන සංගීතඥයෙක් වන රෝහණ වීරසිංහ මහතා ප්‍රමුඛව මෙදා රූකාන්ත ගුණතිලක විසින් දැක්වූ ප්‍රකාශයන් ඔස්සේ බොහෝ දෙනෙකුගේ දෝශ දර්ශණයටද ලක්වී තිබෙයි .

මේ පිළිබඳව මෑතදී සමබිම පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න මහතා විසින්ද කිසිවකු විවේචනය නොකරමින් වුවද මේ නිසා මතු සංගීත කේෂ්ත්‍රෙය් ඇතිවිය හැකි අඳුරු පැතිකඩ ගැන පැහැදිලි කිරීමක් ප්‍රසිද්ධ වූ අතර අවසන සිදුවනු ඇත්තේ සියල්ල මෙන්ම ගීතයද පෞද්ගලික භාණ්ඩයක් බවට පත්වීම නිසාම රූකාන්ත වැනි අයියලාට මේ නිසා මතු බයිසිකිල් විකිණීම සපත්තු විකිණීම වැනි තැනකට මාරු වීමට සිදුවනු ඇතැයි ඔහු පෙන්වා දෙනු ලබයි ..

මෙයම පුරෝගාමියාගේ අදහස් අනුවම සමපාත වන බැවින් මෙසේ එය උපුටා පලකරනු ලබන්නෙමු

Be the first to comment

Leave a Reply