
අද දිනදී මොරටුව මහා නගර සභා පරිශ්‍රයේදී සිදුවිය . මෙම ගුණ සමරු උත්සවය මොරටුව නගරාධිපති කේ ඩී නිශාන්ත මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විසින් සංවිධානය කර තිබූ අතර මේ සඳහා ප්‍රතිපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ද විවෘත ආරාධනයක් කර තිබූ අතර එම මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක්ද මෙයට සහභාගී විය .
එසේම වීර පුරන් අප්පුගේ ඥති පුත්‍රයකු වන චන්දන ප්‍රනාන්දු මහතාද මෙහිදී වීර පුරන් අප්පුගේ කඩුව ඔහු පාමුල පුදා හැමගේ ගරුත්වය පුදකලේය
මෙහි මුලින්ම මොරටුව මහා නගර සභා භූමියෙ ඇති වීර පුරන් අප්පු ප්‍රතිමාවට සියල්ලෝ එක්ව පුෂ්පෝහාර පුද කලේය .
වීර පුරන් අප්පු ආරාධිත දේශනය පැවැත්වීමට මොරටුව මහා නගර සභාවේ ආරාධනය ලැබ විමල් කැටිපෙ ආරච්චි මහතාද සහභාගී විය .
මෙහිදී කෙටි කතාවක් කල මොරටුව මහා නගර සභාවේ නගරාධීපති කේ ඩී නිශාන්ත ප්‍රදිනාන්දු මහතා අපට ඇතමෙකු මියගිය පසුව ඉතා කෙටි කලෙකින් ඔහුව අමතක වන බවද නමුදු වීර පුරන් අප්පු අපට එසේ අමතක නොවන්නේ ඇයිද යන ප්‍රශ්ණය මතු කරමින් ඒ් අන් කිසිවක් නිසා නොව මේ විරුවා තමන් ගැන හෝ එක් ජන කොට්ඨාශයක් උදෙසා නොව මුළු රටේම නිදහස වෙනුවෙන් සටන් වැද දිවි පිදූ විරුවෙකු නිසා යැයි පැවසීය .
වීර පුරන් අප්පුගේ ඥාති පුත්‍ර චන්දන ප්‍රනාන්දු මහතා විසින් තමා වඩාත් කැමති සේ මොරටුවෙන් උඩරටට ගොස් රජවූ වීර පුරන් අප්පුට මොරටුවට රාජකීයත්වය ගෙනා රාජ ගෞරවයෙන් පුදන්නේ නම් එය ඔහුට කල හැකි උතුම්ම ගෞරවය සේ වන බව කීවේය .
ආරාධීත දේශනයේදී විමල් කැටිපෙ ආරච්චි මහතා වීර පුරන් අප්පු අමතක නොවන්නේ මන්ද යන්න නගරාධීපති සහෝදරයා වඩාත් හොදින් පැහැදිලි කල බව පෙන්වා දෙමින් වීර පුරන් අප්පු යනු එකත් පස්ව මොරටුවේ සිටි අයකු නොව සුද්දාගේ අදමිටු කම් හමුවේ ඊට එරෙහි වෙමින් ගම්මුලෑදෑනියා හා ද සටනට බට දඩබ්බර පුද්ගලයෙක් වන්නේ යැයිද තම දේශනාව ආරම්භයේදී පහදමින් හර බර දේශනයක් සිදුකලේය
මෙහිදී මොරටුව මහා නගර සභාවේ සේවිකාවක්ද මෙම ගුණ සැමරුම රසවත් බවින්ද ඔප් නංවමින් දේශාභිමාන ගීතයක් වූ පෙරදිග මුතු ඇටයයි මේ නම් ගීතය මිහිරිව ගායනා කලේය .
1848 නිදහස් අරගලයේ පුරෝගාමියෙකු වූ වීර පුරන් අප්පු යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ අභීතම මොරටු පුත්‍රයෙකි. මොරටුව මහා නගර සභාව විසින් සංවිධානය කරන ලද මෙම 178 වන ගුණ සැමරුම මඟින් යළිදුරටත් තහවුරු වන්නේ, ජාතිය වෙනුවෙන් දිවි පිදූ එවැනි අභීත නායකයන්ගේ මතකය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ වැදගත්කමයි. පක්ෂ පාට භේදවලින් තොරව මෙවැනි ජාතික උත්සව සඳහා ජනතා නියෝජිතයන් එක්වීමද අගය කළ යුත්තකි.




Be the first to comment