
මොරටුව මහා නගර සභාවෙන් මොරටුවැල්ල පොල්වත්ත ක්‍රීඩාංගණය අවහිර කරමින් ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් හි නීත්‍යානුකූල ලියවිලි දින 14 ක් ඇතුලත ඉදිරිපත් කරනා ලෙසින් මොරටුව නාගරික ඉංජිනේරු මහතා විසින් එම නිවැසියන් 13 දෙනෙකු වෙත ලිපියක් නිකුත් කර තිබිණ .
එම ලිපියෙන් කුමක් අදහස් කලද මෙදා අනවසර සියල්ල ඉවත් කරනා පසුබිමක අවසන සිදුවනු ඇත්තේ දින 14 න් පසුව තම නිවාස සියල්ල කඩා ඉවත් කිරීම බව වටහා ගත් එම නිවැසියෝ තමන් දන්නා හිතවත් මන්ත්‍රීවරයෙකු වූ රංගන ප්‍රනාන්දු මහතා සොයා නගර සභාවට පැමිණියෝය .
සැබවින්ම අහම්බෙන් මෙන් එම සිදුවීම දුටු පුරෝගාමියා මෙසේ රංගන ප්‍රනාන්දු මහතාගෙන් සිදුවීම පිළිබඳව විමසීය …
එසේම පුරෝගාමියා එම සිදුවීම හා රංගන ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ මැදිහත්වීම හා එසේ විසදුම් සැදීම මහත් සේ අගයන්නේය .
එයිනික්බිතව ඒ පිළිබඳව තම අදහස පුරෝගාමියාට පවසන්නේ එම පොල්වත්ත භූමිය අයත් කොට්ඨාශයේ මන්ත්‍රී මනෝජ් ප්‍රනාන්දු මහතාය
ඔහුගේ අදහසද කිසිවිටකත් තම මාලිමා පාලනය තුල අසරණයින් නොපෙලනා බවක් වීම පුරෝගාමියාටද මහත් සතුටක්මය .
මෙවන්ව අසරණයින්ගේ පැණ හමුවේ ඉදිරිපත්ව විසදුම් සැදීම සැබෑම ලෙසින් පුරෝගාමියා අගයන්නේ ඒ නිසාමය
නමුදු මනෝජ් ප්‍රනාන්දු මහතා ගේ ප්‍රකාශය අනුව මෙවන්ව එම මන්ත්‍රීවරුන් පවා නොදැන මෙසේ අසරණයින් වෙත ලිපි නිකුත් වන්නේ කෙසේද කියා විධීමත් පරීක්ෂණයක් කිරීම මොරටුව මහා නගර සභාවේ පක්ෂ විපක්ෂ හැමගේ යුතුකම බව මෙසේ සිහිපත් කරමින් කෙසේ වුවත් මෙම මන්ත්‍රීවුරුන් දෙපළ ගේ ප්‍රකාශ අනුව එම නිවසියන්ට ඒ නිසා තම නිවාස අහිමි නොවීම සපත වන නිසාම ඒ පිළීබඳව ඔවුන්ගේද ස්තූතිය මෙසේ එම මන්ත්‍රී දෙපොලට හා මොරටුම මහා නගර සභාවෙ නගරාධිපති කේ ඩී නිශාන්ත මහතාට මෙසේ හිමිකරනු ලබන්නේය .
ස්තූතියි




Be the first to comment