
මොරටුව මහ නගර සභාවේ (මොමනස) හිටපු මන්ත්‍රීවරුන් වෙත නීති විරෝධී ලෙස ගෙවා ඇති ඉන්ධන දීමනා වහාම නැවත අයකර ගන්නා ලෙස ශ්‍රී ලංකා විගණකාධිපතිවරයා විසින් නිල වශයෙන් නියෝග කර තිබියදීත්, මොරටුව මහ නගර සභා පාලනාධිකාරිය ඒ පිළිබඳව කිසිදු පියවරක් නොගෙන පූර්ණ නිහඬතාවයක් රැකීම සම්බන්ධයෙන් මොරටුව ජනතාව දැඩි ලෙස ප්‍රශ්න කර සිටිති.
නගර සභාවේ මෙම සැකකටයුතු නිහඬතාවය සහ වගකීම් පැහැර හැරීම පිළිබඳව ” පුරෝගාමියා” මගින් මොරටුව පාලනාධිකාරිය හමුවේ තබන ප්‍රධාන කරුණු සහ ප්‍රශ්න කිහිපය මෙසේය:
1. විගණකාධිපති නියෝග අභියෝගයට ලක් කරමින් මොමනස වගකිවයුත්තන් නිහඬව සිටින්නේ ඇයි?
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනත ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ නියෝග සහ අධිභාර (Surcharge) ක්‍රියාත්මක කිරීමට මහ නගර සභා පරිපාලනය නීතියෙන් බැඳී සිටී. එසේ තිබියදීත්, මෙම රාජ්‍ය විගණන නියෝගය කුණු කූඩයට දමා මොමනස පාලනාධිකාරිය මෙලෙස දිගින් දිගටම නිහඬව සිටින්නේ හිටපු මන්ත්‍රීවරුන් අත්තනෝමතික ලෙස ආරක්ෂා කිරීමේ අරමුණින්ද?
2. මහජන මුදල් අයකර නොගැනීම සපරාධී වරදකි
මොරටුව වැසියන් ගෙවන බදු මුදලින් අක්‍රමවත් ලෙස ලබාදුන් දීමනා නැවත අයකර ගැනීමට කටයුතු නොකිරීම යනු සෘජුවම “සපරාධී රාජකාරි පැහැර හැරීමකි”. තවද, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත යටතේ විගණන නියෝග නොසලකා හරිමින් අදාළ මුදල් අයකර නොගෙන සිටීම “දූෂණය” (Corruption) නැමැති බරපතල වරද යටතට වැටෙන බව මොමනස පාලනාධිකාරියට සිහිපත් කළ යුතුය.
3. තොරතුරු නොදී පමාකිරීම සහ මොරටුව ජනතාව වෙනුවෙන් ඒ නිසා පුරෝගාමියා නගනා සෘජු ප්‍රශ්න
මෙම ඉන්ධන දීමනා අක්රමිකතාවය සහ අයකර ගත යුතු මුදල් ප්‍රමාණය පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු පනත යටතේ ද ඉල්ලා සිටියත්, නීත්‍යානුකූල කාලය ඉක්මවා ගොස් තිබියදීත් නගර සභාව විසින් එම තොරතුරු ලබාදීම පවා පමාකරමින් ඇත.
එබැවින් මෙම අක්රමිකතාවය පිළිබඳව වහාම මොරටුව ජනතාව වෙත පැහැදිලි කිරීමක් කළ යුතු අතර, පහත ප්‍රශ්නවලට සෘජු පිළිතුරු සපයන ලෙස ” පුරෝගාමියා” බලකර සිටී:
අයවිය යුතු සම්පූර්ණ මුදල කොපමණද? විගණකාධිපති නියෝගයට අනුව හිටපු මන්ත්‍රීවරුන්ගෙන් අය කරගත යුතු මුළු මුදල කොපමණද ?
මෙතෙක් ගත් පියවර මොනවාද? එම මුදල් අයකර ගැනීමට මොමනස පරිපාලනය විසින් මේ වන තෙක් ගෙන ඇති නීතිමය හෝ පරිපාලනමය පියවර මොනවාද?
වගකීම භාරගන්නේ කවුද? විගණකාධිපති නියෝග ක්‍රියාත්මක නොකිරීම සහ මහජන මුදල් අයකර නොගැනීම සම්බන්ධයෙන් වගකීම භාරගන්නේ නගර සභා කොමසාරිස්වරයා ඇතුළු පාලනාධිකාරියෙන් කවුරුන්ද?
මොරටුව ජනතාවගේ බදු මුදල් අයථා ලෙස භුක්ති වින්ද පිරිසෙන් ඒ මුදල් නැවත අයකර ගැනීමට කටයුතු නොකර, මහජනතාව ඉදිරියේ මෙලෙස මුනිවත රකින පාලනාධිකාරියේ ක්‍රියාකලාපය ප්‍රශ්ණ කිරීමට හා ඇවසි අයතන වෙත දැනුම් දීමට මෙම ප්‍රශ්ණය විසදනාතුරු ” පුරෝගාමියා” පසුබට නොවනු ඇත.
Are Auditor General’s Orders Dumped in the Trash? Why is the Moratuwa Municipal Council Silent Over Unrecovered Fuel Allowances of Former Members?
Despite explicit official orders from the Auditor General of Sri Lanka to immediately recover the illegal fuel allowances paid to former members of the Moratuwa Municipal Council (MMC), the local authority’s absolute silence and failure to take action have raised severe concerns among the residents of Moratuwa.
Regarding this suspicious silence and neglect of duty, “Purogamiya” presents the following key facts and direct questions to the Moratuwa administration:
1. Why is the MMC Administration Remaining Silent in Defiance of the Auditor General’s Directives?
Under the Constitution of Sri Lanka and the National Audit Act No. 19 of 2018, the Municipal Council administration is legally obligated to execute the orders and surcharges issued by the Auditor General. Despite this mandate, why is the MMC administration continuing to ignore state audit orders? Is this deliberate silence aimed at arbitrarily protecting former council members?
2. Failure to Recover Public Funds is a Criminal Offense
Failing to recover allowances improperly paid out of Moratuwa taxpayers’ money constitutes a direct “criminal breach of duty.” Furthermore, the MMC authority must be reminded that ignoring audit directives and withholding recovery of these funds falls under the grave charge of “Corruption” under the Anti-Corruption Act (Commission to Investigate Allegations of Bribery or Corruption).
3. Delays in Providing Information and Direct Questions Raised by “Purogamiya”
Even though requests were submitted under the Right to Information (RTI) Act regarding this fuel allowance irregularity and the total recoverable amount, the Municipal Council has delayed releasing the information well past the legally stipulated deadline.
Therefore, an immediate clarification must be made to the citizens of Moratuwa, and “Purogamiya” demands direct answers to the following questions:
What is the total recoverable amount? According to the Auditor General’s order, what is the exact total sum to be collected from the former members?
What action has been taken so far? What legal or administrative measures has the MMC administration taken to date to recover these funds?
Who assumes responsibility? Who among the administration, including the Municipal Commissioner, takes responsibility for ignoring the Auditor General’s directives and failing to recover public funds?
Until this issue is resolved, “Purogamiya” will not hesitate to question the administration’s silence, inform the relevant statutory authorities, and stand up for the taxpayers of Moratuwa whose money was misdirected.

Be the first to comment