
පුරෝගාමියා: INSIGHT- මොමනස මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර සමගින්
===========================
ලක්ෂ 15 ක් වියදම් කරාට අද අඟුලාන ආදාහනාගාරයත් සුදු අලියෙක් වෙලා ? මොමනස මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර මහතා කියයි
===========================
පුරෝගාමියා: INSIGHT- වෙත මොරටුව මහා නගර සභාවෙහි තමන් වසරක් පුරා දැමූ යෝජනා වලට අත්වූ තත්වයන් පැහැදිලි කරමින් මොමනස මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර මහතා එම ස්ථානයන් වෙත පුරෝගාමියා ව කැඳවාගෙන ගියේය .
අඟුලාන පාලමේ අත්වැල නොමැති වීම වසර ගණනාවක් දැඩි අනතුරක්ව ඇතැයි පෙන්වා දෙමින් ඔහු පුරෝගාමියාට කල ප්‍රකාශය අපි …..
එකෙක් දෙන්නෙක් ගඟට වැටී මියයනතුරු බලා නොසිට දැන්වත් මේ පාලම හදන්නැයි එහි වැසියෝ ද කියති !
යන උදෘතයෙන් ප්‍රසිද්ධ කලෙමු ….
මෙවර අඟුලාන ආදාහනාගාරයට අත්ව ඇති තත්වයද පැහැදිලි කරමින් මොමනස මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර මහතා පැවසූයේ වත්මන් නගරාධිපතිවරයා විසින් මෙම ආදාහනාගාරය අලුත් වැඩියාවට ලක්ෂ 15 ක් ලබාදීමට කාරුණික වූ නමුත් එම අලුත්වැඩියාවන් අවසන් වන විට එම ආදාහනාගාරයේ ඇතැම් කොටස් ගලවා ගෙනගොස් කොරළවැල්ලේ ආදාහනාගාරයට සවිකිරීමට අවසර දීමෙන් මෙදා ලක්ෂ 15 ක් වියදම් කරනු ලැබූ අගුලාන ආදාහනාගාරය දැන් ක්‍රියා නොකරනා සුදු අලියෙක්ව ඇති බවය .
තමන් නියෝජනය කරනා කොට්ඨාශයෙන් මාලිමාවෙන්ද මන්ත්‍රීවරයෙකු හා වරියක පත්ව ඇතත් ඔවුන් එදාද අදද මේ පිළිබඳව වචනයක් හෝ කතා නොකිරීම සැබවින්ම කණගාටුවට කරුණක් බවය .
තමා බොහෝ වාරයක් මහ සභාවේදී මෙම ප්‍රශ්ණය මතුකල අතර දැන් ලක්ෂ 15 ක් ද වියදම්කර කිසිදු ප්‍රයෝජනයක් නැති තත්වයෙන් මෙම ආදාහනාගාරය පැවතීම අවසානේ එම ලක්ෂ 15 ද නැතිවී යන ත්තවයකට පත්ව ඇතැයිද පුරෝගාමියාට පැවසීය
නගරාධිපතිවරයා මෙම අදාහනාගාරයේ සියලු කටයුතු නිමා කරන්නට තවත් රුපියල් ලක්ෂ 40 ක් ලබා දෙන බව ප්‍රකාශ කලද එය කෙදින කවදා ඉටුවේදැයි බලා සිටිනා බවද පැවසීය …
මේ සුරේෂ් ප්‍රේමකුමාර මන්ත්‍රීවරයා හා පුරෝගාමියා කල සම්මුඛ සාකච්ඡාවයි ……




Be the first to comment