
මොරටුව මහා නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්රනාන්දු මහතා පුරෝගාමියා හා එසේ පැවසූයේ පුරෝගාමියා විසින් මේ වන විට මොරටුව මහා නගර සභාවේ පොදු විපක්ෂය තුල ඇතිවී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව ඔහුගේ අදහස විමසූ අවස්ථාවේය .
පසුගිය මොමනස සභාවාරයේදී පාලක මාලිමාවේ එක් මන්ත්රීවරයෙකු විදෙස් ගතව සිටීම නිසා කමිටු කීපයක් පරදවා ජාතික ජන බලවේගය විසින් පොදු විපක්ෂයේ වීම නිසා සිදු කරන්නේ යැයි කියනා අකටයුතුකම් පෙන්වා දීමට විපක්ෂයේ සියල්ලෝ එකඟ වී තිබුණි .
නමුදු අවසානයේ එම එකඟතාවය කඩ කලා යැයි කියනා තත්වයක් තුල සර්වජන බලය පක්ෂයේ මොරටුව ආසන සංවිධායක මොමනස මන්ත්රී සමන්ත සිල්වා මහතා විසින් මෙවර මෙසේ විරුද්ධ වූවද කර්මාන්ත හා මුදල් කමිටු පරාජය නොකරනා බව ප්රසිද්ධව පැවසූ අතර මේ නිසාම විපක්ෂයේ එම ජයග්රහණය නොතකා හැරීමට එම ප්රකාශය හේතු වූ බවට ඉන් පසුව විපක්ෂය තුලම බොහෝ කතා ඇති වූ අතර එය ඇතැම් අය අතර වන පෞද්ගලික කොන්තර හා කුලල් කා ගැනීම් ද ප්රසිද්ධ කරනා තරම් විය .
මෙම අවස්ථාවේ මනා සංයමයෙන් එසේ කිරීම යුතු නොවනා බවත් එය සිදු කරන්නේම පාලනයේ වරදක් නිසා නොව සංයුතියේ අඩුවක් නිසා බව එම රැස්වීමේ ප්රකාශ කලාවූ මොරටුව නගරාධිපති කේ ඩී නිශාන්ත ප්රදිනාන්දු මහතා ද මෙම විපක්ෂ දේශපාලන ගින්නට තවත් ඇවිලෙන්නට ඉඩ දෙමින් ම සමන්ත සිල්වා මන්ත්රීවරයා විශේෂ කොට විපක්ෂයේ සියල්ලට ස්තූති කරමින් ෆේස්බුක් පෝස්ටුවක්ද පල කර තිබීම යන කරුණු නිසා තවමත් විපක්ෂය තුල මෙම කරුණ ඇවිලෙමින් දැවෙමින් තිබෙනා නිසාම පුරෝගාමියා මේ පිළිබඳව මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්රනාන්දු මහතා වෙතින් එය විමසා සිටියේය …
මේ එහිදී ඔහු පුරෝගාමියාට පැවසූ සම්පූර්ණ කතාවයි ….




Be the first to comment