බයිලාවක් නොවනා හෙට සමූහ ගීයක් වේදැයි සිතෙනා වූ ගීතයක් මොමනස මන්ත්‍රී සුරේෂ් ඉන්දික ගයයි !

එදත් අදත් ලංකාවේ දේශපාලනයේ දී වේදිකා තුලින් බොහෝ දේශපාලනඥයින්ගෙන් ඇසුනේම ජනතාවට ඔවුන් හදවත අතට ගෙන කියනා පොරොන්දු බයිලාමය ?

පුරෝගාමියාට ඒසේ කීමට සිදුවන්නේම විපක්ෂයේ සිටිනා විට මේ බහුතරයක් වූ දේශපානලඥයින් ජනතාවට ගිරිය පුප්පමින් උච්ච ස්වරයෙන් ගයනා කියනා පොරොන්දු ඔවුන් බලයට පත්වූ විට ඒවා නිකන් බයිලා නොව හිටුවන බයිලා බව ජනතාවට අවබෝධ වන නිසාමය

මේ වීඩියෝවේ ගීතයක් ගයනා මොරටුව මහා නගර සභාවේ සුරේෂ් ඉන්දික මන්ත්‍රීවරයා කුමන තැනක වූ උත්සවයකදී මෙම ගීතය හොදින් ගයනු සේම එතුල වන අරුත් ඔහුගේ ශාරීරික භාෂාවෙන්ද කියැවෙනු දුටිමි .

එනිසාම හා මෙදා පවතින රජයෙන් ජනතාව වෙත එදා ගැයූ මහප්ප්‍රාණ ගී සින්දු මෙදා බයිලා නොව වස්කවිම බවද වැටහෙන නිසාම මෙම ගීතය අදටත් වඩා හෙට දිනදී ගයන්නට සිදුවන එකම ගීතය වේදෝයි පුරෝගාමියාට ක්ෂණිකවම මෙම ගීතය අසද්දී සිතුණි .

මන්ද යත් මෙදා එදාටත් වඩා බියකරු වූ අණපනත් නොයෙක වෙසින් ගෙන එමින් පවතින මාලිමා රජය විසින් මානව හිමිකම් සියල්ලම පාහේ මීක් කියන්නට බැරි තරමටම මර්ධනයට සැදී පැහැදී සිටිනා බව පැහැදිලි නිසාය .

එවක මේ ගීතය දේශපාලනඥයෙකු වූ විජය කුමාරතුංග ඒක පුද්ගලව ගැයූවද මතු මෙසේ ගියහොත් මෙය රටේ ජනතාවට සමූහ ගීතයක් ලෙසින් ගයන්නට සිදුවිය හැකිය

මොරටුව මහා නගර සභාවේ සුරේෂ් ඉන්දික මන්ත්‍රීවරයා හොදින් ගයනා මේ ගීතයේ අභ්‍යන්තරය මෙදා පුරෝගාමියාට අර්ථ දැක්විය හැක්කේ එසේමය

ඔබේ අදහසද බලාපොරොත්තු වන්නෙමු !

Be the first to comment

Leave a Reply