
කලින් පාලන වගේ අපි හිතන්නේ නැහැ ? අපේ කාලය තුල පොරොන්දු සියල්ල ඉටු කරනවා !
වසර ගණනාවක් පෙර පාලනයත් තුල යෝජනා මගින් ඉල්ලුම් කරනු ලැබුවද විසඳුමක් නොලද කොරළවැල්ල ඇම් ඊ පෙරේරා මාවත සම්පූර්ණයෙන් නැවත තාර අතුරා කාර්පට් කිරීම පිළිබඳව පුරෝගාමියා හා ඒ පිළීබඳව අදහස් දක්වමින් මොරටුව මහා නගර සභා මන්ත්‍රී ඩබ්.රවින්ද්‍ර රංගන ප්‍රනාන්දු මහතා පැවසීය .
මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙතින් නැගෙනා චෝදනාවන් සේ සියලු දේ ඔවුන්ගේ ඉල්ලීම් අනුව සිදුකල යුතුයැයි අද ඔවුන් සිතූවද එදා තත්වය හා අද තත්වයට සාපේක්ෂව සම්පූර්ණයෙන් වෙනස් බවද පවසමින් ඔහු පෙන්වා දුන්නේ වත්මන් නගරාධීපතිවරයා ඒ පිළිබඳවද තම අවධානය යොමු කරමින් ඔවුන්ටද හැකි ලෙසින් අවස්ථාවන් ලබා දෙන බවය
මේ පිළබදව අදහස් දැක්වූ මොරටුව මහා නගර සභා මන්ත්‍රී එච්.කේ.ශ්‍රියංග මනෝජ් ප්‍රනාන්දු මහතා පැවසූයේ කොරළවැල්ල ප්‍රදේශයේ සුසාන භූමියට එම කටයුතු සදහා ඇවැසි විට සියල්ලෝ භාවිතා කරනා මෙම මාර්ගය පෙර පාසැල් කීපයකින්ද යුතු වන නිසාත් දුම්රියපලට යාමට බහුතරයක් භාවිතා කරන්නේ මෙම ඇම් ඊ පෙරේරා මාවත වන නිසාත් මෙය මෙසේ අලුතින්ම තැනූ ලෙසින් නිම කරන්නට ලැබීම මෙහි ජනතාව සේම තමන් දෙපළද මහත් සතුටට පත්වන කරුණක් බවය …
මෙහිදී එම මන්ත්‍රීන් හා එම පාරේ පදිංචි කරුවන් වෙතින් පුරෝගාමියා විමසුම් කල වීඩියෝව මෙසේය




Be the first to comment