ගෝඨාභය දැන් හොඳයි ද ? මොමනසට වන්දිය ඉල්ලා හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු නීතිය හමුවට යන බව කියයි ! (පළමු කොටස)

මොරටුව මහා නගර සභාවේ පසුගිය අගොස්තු 04 දා පැවති මහා සභා රැස්වීමේදී මුදල් කමිටුවේ වාර්ථාව සම්මත කරගැනීමට යාමේදී ප්‍රශ්ණ රාශියක් මතු කරනු ලැබුවේ මොමනස මන්ත්‍රී හිටුපු නියෝජ්‍ය නගරාධිපති වරයෙකු වූ සුජිත් පුෂ්පකුමාර මහතාය .

ඒ මතු කල කරුණු අතර ලුනාව සී වීව් නිවාස සංකීර්ණය හා එම ඉඩම ජනාවාස සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරීමෙන් ලැබිය යුතු රුපියල් මිලියන 102 ක මුදල පිළීබඳව හා කටුබැද්දේ සුපිරි වෙළඳ සංකීර්ණයකින් අයකර ගත යුතු වූ රුපියල් ලක්ෂ 336 කට අධික මුදලක් කපා හැරීම සම්බන්ධයෙන්ද ඇතිවූයේ උණුසුම් තත්වයකි .

ඊට මෙතෙක් ලබා නොදුන් වරිපනම් එකී නිවාස අයිති පුද්ගලයන්ට ලබා දීමෙන් මොරටුව මහා නගර සභාවට අයකර ගතයුතු වූ මුදල අහිමිවී යන බව ඔහු මතුකල තර්කය විය .

කෙසේ වෙතත් එහිදී පෝස්ට් එක ඇවිල්ලා නේ තියෙන්නේ ? ඒක තමයි ඔය ? වැනි ව්‍යාංගාර්ත වදන් පාලක පක්ෂය වෙතින් එල්ල වූ අතර ඒවා සියල්ල හටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා එල්ලකොට කියවුණ බව වටහා ගැනීමට පුරෝගාමියාට දෙවතාවක් සිතිය යුතු නැති විය .

ඒ හා සමගම අවසන ප්‍රතිපක්ෂ නායක සේනක දමයන්ත මහතා නැගී සිටිමින් මෙම වන්දිය ලබා ගැනීමට එවක නගරාධිපති සමන් ලාල් පුනාන්දු මහතා උත්සාහ ගත් බව ප්‍රකාශ කිරීමත් සමගම නගරාධිපති කේ ඩී නිශාන්ත පුදිනාන්දු මහතා අපට චෝදනා සියල්ල අවුල් කල අයට ප්‍රශංසා වැනි සමාන ප්‍රකාශයක් සිදු කරුනු ලැබීය .

මේ නිසාම මෙම සිදුවීම් අතර හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ගෙන් මාලිමාවේ දූෂණ මැයෙන් ඔහු ප්‍රසිද්ධ කල පොස්ටුව  පිළිබඳව හා මෙම සිදුවීමේ ඔහුගේ මැදිහත් වීම ප්‍රශ්ණ කල යුතු බව පුරෝගාමියාගේ තීරණය වූයේ මේ සියල්ල පැහැදිලිව මොරටුව ජනතාව අවබෝධ කර ගැනීමට නම් මේ සියලු පාර්ශවයන් දරණ මතයන් හා මෙම කරුණු පිළිබදව සියල්ල එසේ විමසමින් මොරටුව ජනයා හමුවට ගෙන ඒම සිදුකල යුතුම දෙයක් වූ බැවිණි .

ඒ අනුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා හමුවූ පුරෝගාමියා … එම කරුණු ඔහුගෙන් විමසනු ලැබූ අතර ….

මම මේ සියල්ල පිළිබඳව නීති මගින් කටයුතු කරනවා යැයි ප්‍රකාශ කරමින් ඔහු සිදුකරනු ලැබූ ප්‍රකාශය මෙසේය …

එම පලමු කොටස මෙසේ පුරෝගාමියා විසින් මෙසේ ප්‍රසිද්ධ කරනු ලබනා අතර මෙම ප්‍රකාශයන් හි වගකීම එම ප්‍රකාශ සිදු කරන්නෝ විසින් දරුණු ලබනා බවද වැඩි දුරටත් සදහන් කලයුතුය !

Be the first to comment

Leave a Reply