නිවන් දකින්නට කල් ඇති සසරේ යලිත් අප වෙතට යුක්තියෙ ශක්තිය වන්නැයි ඉපදී අපේ හාමුදුරවෝ ! පුරෝගාමියා

අද උදෑසනම හිතවතෙකු දුරකතනයෙන් දැනුම් දුන්නේ ආනන්ද හාමුදුරුවෝ අපවත්වී ඇති බවයි .

සැබවින්ම පුරෝගාමියා අසන්නට පවා බොහෝ අකමැති වූ ඒ පුවත සත්‍යයකි .

නමුදු ඉතාම හිතවත් සංඝයාවහන්සේ නමක වූ මෝල්පේ ආනන්දාරම විහාරයේ නායක හිමිපානන් වූ ආනන්ද හාමුදුරුවෝ අපවත් වීම මෙසේ දැනගත් පසුව පුරෝගාමියාට ඒ පිළිබඳව දැනුන කණගාටුවේ දුකෙහි තැති ගැන්මට වඩා කණගාටුවක් හා දුකෙහි තැති ගැනීමක් ඇති  වූයේ මෙයට පෙර උන්වහන්සේ උන්වහන්සේගේ ෆේස් බුක් හි පලකර තිබූ වදන් පෙලක් දුටු 2026 අප්‍රේල් 23 වන දින දීය ….

එහි උන්වහන්සේ රෝගාතුරව සිටිද්දී හදෙහි වූ සියල්ල සිතුවිලි කොට මෙසේ ලියා තිබුණේ මෙම ඡායාරූපයද සමගිනි .

සැබවින්ම එම වදන් හි මතුපිටින් පෙනෙනවාට වැඩි අභ්‍යන්තරය්ක තිබුණි . එය දැණුන නිසාම පුරෝගාමියා දුකින් තිගැස්සුනි ….

මෙදා ආනන්ද හාමුදුරුවෝ නික්ම ගොසිනි එතැන් සිට උන්වහන්සේ කී මෙ වදන් හි අභ්‍යන්තරය දැනෙනවාදැයි මට ඔබෙන් ඇසිය යුතුව ඇත .

අපිට ලෙඩ වුනාම කවුද ඉන්නේ හාමුදුරුවනේ…?

දනට බණට පිරිතට අපිව වත්තන් කරන් ගියේ
අපට පන ඇති කල පමණි දැන් කෝ ඒ අය ත්

ඉද හිට අල්ලපු ඇදේ ලෙඩා බලන්න එන අය පමණි සුව දුක් හෙව්වේ…

ලෙඩ වූ පසු කිසි කෙනෙක් ලග නැත..

සැබවින්ම මේ ආනන්ද හාමුදුරුවෝ අවසන අවබෝධ කරගත් සත්‍යයයි !

උන් වහන්සේ උතුම් බුද්ධ චීවරය දරමින් කල ශාසනික සේවාවන් කොතරම් උතුම් වුවද උන් වහන්සේ ගේ තිබූ මනුස්සකම් පිරි හිතවත්කම බොහෝ වුවද පුරෝගාමියා මේ ලියන්නේ ඒ සියල්ල පසෙක තබමින් උන් වහන්සේ ගේ ඒ වදන් තුල උන් වහන්සේ අවබෝධ කරගත් සත්‍යය යථාර්තය මේ සියල්ලට වඩා වටිනා බව පුරෝගාමියාට දැනෙනා නිසාමය .

මෙසේ අද නික්ම යන්නේ උතුම් බුද්ධ චීවරය දැරූ පූජ්‍ය සංඝරත්නයක් පමණක් නොවේ ඒ උතුම් චීවරය රකින්නට සිව් පසයෙන් උවටැන් කරනා සිය දහසක් උවැසි උවැසියනගේ ගිහි ජීවිත තුල දී ඒවාට සිදුවන අයුක්තිය අසාධාරණය නොඉවසූ ඒ වෙනුවෙන් කිසිදු බියක් සැකක් නොමැතිව පෙරමුණ ගත් සංඝ පීතෘවරයෙකි .

අවසාන කාලයේ උන් වහන්සේ දැඩිව රෝගී වෙන්නට පෙර පුරෝගාමියා උන්වහන්සේ හමුවී කතා බහ කල තැනදී අන්‍යාගමික අන්තවාදීන් ගේ බලපෑම් දුරලීමට පෙර මෙන් උන් වහන්සේට කැප වන්නට නොහැකිවීම ගැන දුක්වන බව උන් වහන්සේ පැවසූවා පමණක් නොව අද උන් වහන්සේගේ අපවත් වීම නිසා ෆේස් බුක් හී නිවන් සුව පතමින් පෝස්ටුවක් පල කර ඇති පුද්ගලයෙක් විසින් පෙර ඔහු තමන් හාම සිටිමින් දහම රකිනු වස් පිහිටුවීමට ගිය බුද්ධප්‍රතිමාවහන්සේ අත් අඩංගුවට ගැනීමට එම තොරතුරු දී තිබුුණේද මෙම පුද්ගලයා විසින් බව නාමිකවම හෙලි කලේය .

එය තවදුරටත් රහසක් වන නමුදු අද මෙම පාවාදීම සිදුකල පුද්ගලයා මෙදා නිවන්සුව පතනා ආනන්ද හාමුදුරුවෝ පුරෝගාමියා දන්නා පරිදි නිවනටත් වඩා බුද්ධාගම රැකීම උතුම් කොට සැලකූ බව නම් පෞද්ගලිකව දන්නා සත්‍යයක් වන නිසාම ආනන්ද හාමුදුරුවෝ මේ වැනි දෙව්දත්ලා ගැන හොඳ අවබෝධයෙන් සිටි නායක හිමි නමක් බව ද උන් වහන්සේගේ නික්ම යාමේ ඉඩ සපුරන්නට වෙතන් කිසිවකුත් වේ යැයි නොසිතෙන්නේ මෙදා සසුන රකින්නට යැයි නිල තල දරන්නෝ බහුතරයක් වුවද ඔවුන් තුල ආනන්ද හාමුදුරුවන් සේ නොසැලී නොබියව ඉදිරියට යන ගුණය නොමැති නිසාමය .

එනිසාම පුරෝගාමියා දකින්නේ ම අපේ නායක ආනන්ද හාමුදුරුවෝ මෙසේ නික්ම යාම පූජ්‍ය සංඝ පීතෘ වරයෙකුගේ අපවත්වීම ට වඩා මෙවන්ව උතුම් බුද්ධ චීවරය දරද්දී බොහෝ අය තුල නොපිහිටනා, සෘජු ප්‍රතිපත්තියක් අනුගමනය කරනා උජුපටිපන්නෝ ගුණයෙන්ම තම උවැසි උවැසියන් වෙත සිත නමා ඔවුන් වෙනුවෙන්ම හැම විටම පෙනී සිටි සංඝයාවහන්සේ නමකගේ වෙන්ව යාම සැබවින්ම වෙනත් කිසිවෙකුට මේ මොරටු පුරය තුල පිරවිය හැකි අඩුවක් නොවනා බවය .

එනිසාම එදාටත් වඩා දැඩි බලපෑමක් සියල්ලෝ සියල්ලෙන් විඳිනා කාලයක පූජ්‍ය නායක ආනන්ද සංඝපීතෘවරයාණන්ට නිවන් පතනවා වෙනුවට නිවන් දකින්නට කල් ඇති සසරේ යලිත් අප වෙතට යුක්තියෙ ශක්තිය වන්නැයි ඉපදී අපේ හාමුදුරවෝ ! පතමින් නවතින්නෙමි !

පුරෝගාමියා

Be the first to comment

Leave a Reply