
මොරටුව මහා නගර සභාවේ සැප්තැම්බර් මාසය සඳහා වන රැස්වීම් වාරය අද දිනදී පැවැත්වුණි
එහිදී ජාතික ජන බලවේගය පාලනය යටතේ වන පාලක පක්ෂය තුල සාමුහික එකඟතාවයක් වූවද විපක්ෂය සේ වන සමගි ජන බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂ එක්වී සෑදුණු මොරටුව මහා නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය සේ හඳුන්වන එම විපක්ෂය තුල ඇති බෙදීම් හා එකඟතාවයක් නැති බව අද දිනදීද යලිත් පුරෝගාමියාට පසක් විය .

නමුදු එය එසේ විය නොහැකි බවත් ජනතාව තමන්ව පත්කර එවා ඇත්තේ ඔවුන් වෙනුවෙන් කතා කිරීමට බවත් එය වැලකීමට හෝ නගරාධිපති වරයාට සිතූ සිතූ අන්දමින් ක්‍රියා කිරීමට අවශ්‍ය නම් මෙම කමිටු තීරණ තමන් වෙත යොමු නොකල යුතු බව ඊට ප්‍රතිචාර ලෙසින් සුජිත් පුෂ්පකුමාර මහතා පැවසීය

සභාව තියන්නේ මාසෙටම එක වතාවයි කතා කරන්න ඉඩ දෙන්න යැයි තවත් විපක්ෂ මන්ත්‍රීවරයෙක් පවසන විට ඔවුන්ගේම තවත් විපක්ෂ මන්ත්‍රීවරයෙක් ඇයි ඔබතුමාට වෙන වැඩ නැද්ද යැයි විමසණුද පෙණින .
මේ ආකාරයෙන් පමණක් නොව ඉන් පසුව අදහස් දැක්වූ විපක්ෂයේම තවත් මන්ත්‍රීවරයෙක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වූ ඩී.එම්.මනෝජ් මධූරංග මහතා සුජිත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයාගේ ප්‍රශ්ණ කිරීම් හි වෙනත් පැතිකඩක් ගෙනහැර දක්වමින් එය නිවැරදි කරනා ලෙසින් අදහස් දැක්වූ අතර ඒ තුල කියැවුනේ මොරටුව අධිකරණයේ පවතින නගර සභා නඩුවකට ඉහළ අධිකරණයකින් නීතීඥයකු ගෙන්වීම නිසා විශාල මුදලක් වැය වන බව ප්‍රශ්ණ කල සුජිත් මන්ත්‍රීවරයාගේ අදහස නිවැරදිම නොවනා බවකි .

එසේම සුජිත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්ණ කල ලක්ෂ 10 ක් නගර සභාවෙන් ප්‍රතිපාදන ලබා දෙන සාහිත්‍යාංජලී වැඩසටහන වෙනුවෙන් වූ ලක්ෂ 27 ක ඇස්තමේන්තුව කවුරුන් විසින් සෑදුවක්දැයි විමසූයේ එහි අත්සනක් නැති හුදු ලියවිල්ලක් පමණක් බව පෙන්වා දෙමින් ඉතිරි මුදල් වන රුපියල් ලක්ෂ 17 ක මුදල අනුග්‍රාහකයින්ගෙන් ලබා ගැනීමට යාමෙන් මෙහි මහජන නියෝජිතයෝ දූෂණය නැමති වරදට හසු නොකරන ලෙසින් මූලාසනයෙන් ඉල්ලා සිටීමෙන්ය .
එයට පිලිතුරු සේ තම අදහස් පලකල විපක්ෂය නියෝජනය කරනා ජාතික නිදහස් පෙරමුණ හි මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා විසින් එම සාහිත්‍යාංජලී මොරටුම මහා නගර සභාව මගින් මෙයට පෙර එකම රාමුවක කොටුකර ඇති නිසා තමන් විසින් එය වෙනත් දිසාවකට යොමු කරමින් මෙසේ ඊට මැදිහත්ව ඇති බවත් හොද දේට හොදයි කියන්නටත් නරක දේට නරකයි කියන්නටත් පසුබට නොවනා බවද මහත් උද්වේගයෙන් පවසමින් ඔහුට සිදුවූ බලවත් අකටයුත්තක් පිළිබඳවද පැහැදිලි කල අතර එය සුදුසු නොවනා බැවින් එය ඉල්ලා අස්කර ගන්නා මෙන් මූලාසනය දැරූ නගරාධිපතිවරයා ඉල්ලා සිටීමෙන් පසුව එය පිළීගත් මන්ත්‍රීවරයා එය ඉල්ලා අස්කරගනු ලැබීය .
මෙම කරුණු සියල්ලම පුරෝගාමියාට මොරටුව ජනතාව වෙත වාර්ථා කිරීමට සිදුව ඇත්තේ මහජන ගැලරියේ නරඹන්නෙකු සේ සිට බව විශේෂයෙන් සඳහන් කල යුතු වන්නේ පුරෝගාමියා මෙම මහා සභා රැස්වීම වාර්ථා කිරීමට මාධ්‍ය වේදියකු සේ සහභාගි වීමට ඉඩ දෙන්නැයි නගරාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා නොයෙක් හේතු මත ඔහු එය කල් දමා අඩුම තරමේ එම ඉල්ලීමට මාස දෙකක් ඉක්ම යද්දීත් තවමත් එය ලබා දෙන්නේද නොදෙන්නේද යන්න පවා පිලිතුරක් සේ පුරෝගාමියාට නොදන්වා තිබීම නිසාය .
මේ පිළිබඳව සුරේෂ් ඉන්දික මන්ත්‍රීවරයාද විපක්ෂ නායක සේනක දමයන්ත මන්ත්‍රීවරයාද අද දිනදී සමන්ත සිල්වා මන්ත්‍රීවරයාද මේ පිළිබඳව මහා සභාවේදී සිහිපත් කලද එය සිදු වූවද නොවූවද පුරෝගාමිය එය නොතකා මෙසේ මහා සභාවෙ සියලු සත්‍යයන් මෙසේ සිහි තබා වාර්ථා කරනු ලබන්නේය .
මේ වැනි සිදුවීම් පාලන පක්ෂයේ නොව විපක්ෂයේ සාමුහික එකඟතාවයක් නැති බව ම පුරෝගාමියාට පසක් කල අතර එම සත්‍යය කවුරුන් කුමක් කීවද විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීන් දවස් මිගෙල් රෑ දනියෙල් න්‍යායෙන් මාලිමාවට අනියම්ව සහයෝගය දක්වමින් ක්‍රියාත්මක වන බව මොරටුව ජනතාවට ද දැන් අප්‍රසිද්ධ රහසකි .
මේ නිසාම ඡන්දයේදී මොරටුව ජනතාව වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන්දෙන තරමේ සුරංගනා කතා කියා බලයට පත්වූ මෙදා විපක්ෂයෙ ඇතැම් මන්ත්‍රීවරුන්ද අඩුම තරමේ මෙම මාසයකට එක් වරක් පවත්වන මහා සභා රැස්වීමට පවා පැමිණ එම මුලු කාලයේ පවා එහි නොරැඳීමෙන්ම මෙම විපක්ෂයෙ ඇතැම් මන්ත්‍රීවරුන් යන්නේ කුමන පාරේ දැයි මොරටුව ජනතාව විසින්ම එය විමසා බලා වටහාගත යුතුය .
කිසිවෙකුත් කුමන පක්ෂයක කුමන දේශපාලනයක් කලද එය කිසිදු ප්‍රශ්ණයක් කර නොගන්නා පුරෝගාමියා මේ පවසන්නේ අපි විපක්ෂයේ යැයි කියමින් මොරටුව ජනතාව වෙත පෙනී සිටිමින් පාලක පක්ෂයට එරෙහිව මොරදෙමින් පමණක් නමුදු අනියමින් ඔවුන්ට පක්ෂ වීමේ අනියම අනුමත නොකරනා නිසාවෙනි .
සැබවින්ම එවැනි අය කල යුත්තේ ප්‍රසිද්ධියේ තම මතය පිළිබඳව ප්‍රකාශයන් සිදුකොට මේ බව මොරටුව ජනතාවට පැහැදිලි කරමින් තමන් කැමති දේශපාලනයේ විවෘතවම නිරත වීම මිස සුදු ඇඳගෙන කලු ඇවිදින් සේ වන උනුත් රවටා මුණුත් රවටා මොරටුවේ ජනතාවත් රවටන දේශපාලනයේ නොවනා බව නම් මේ සිදුවීම් අත් දකිනා පුරෝගාමියාට ඔවුන්ට මෙසේ කීමට සිදුවන්නේය .
පුරෝගාමියා ( මහජන ගැලරියේ සිට )
මොමනස සභාවේ …… සෙස්ස පස්සට …..




Be the first to comment