
පසුගිය දිනක මොරටුව මහා නගර සභාවෙ ගරාජයේ පරිපාලන නිලධාරිණියකගේ උපන් දිනයක් වෙනුවෙන් ඇයට දක්වන විශේෂ අනුග්රහයක් ලෙසින් මෙම උත්සවය පවත්වා ඇතැයි පවසන මොරටුව මහා නගර සභා මන්ත්රී සුජිත් පුෂ්පකුමාර මහතා මෙසේ ජනතා සේවයට වෙන්කල යුතු වැඩකරනා වෙලාවේ මොමනස නගරාධිපති කොමසාරිස්තුමිය හා තවත් නිලධාරින් මෙසේ එයට සහභාගිවීමෙන් දැක්වූ අනුග්රහය මොරටුව ජනතාවගේ මුදල් විනාශ කිරීමක් නොවන්නේදැයි ප්රශ්ණ කරයි .
මෙම උපන්දින උත්සවය එක් පරිපාලන නිලධාරිණියක වෙනුවෙන් පමණක් නොව තවත් සේවකයින්ගේද උපන් දින වෙනුවෙන් බව පුරෝගාමියා ලද තොරතුරු අනුව මන්ත්රීවරයාගෙන් ප්රශ්ණ කිරීමේදී මොමනස කොපමණ සේවකයින් සංඛයාවක් වේද ? ඔවුන්ගේ උපන් දින නගරාධිපතිවරයා හෝ කොමසාරිස් තුමිය නොදන්නා බව ගෙනහැර දක්වමින් මෙයට තවත් අය ඇඳා ගනු ලැබ ඇත්තේ එහි ඇති අවලස්සන මකා දැමීමට බවද පැවසීය .
දූෂණ පිටු දැකීමට පැමිණි මාලිමා පාලනය මේ සිදු කරන්නේ වැඩ කරනා වේලාවේ ද පාර්ටි දමන්නට අනුබල දීමෙන් දූෂණයක් බව සරළම සත්යය යැයි පවසූ මොරටුව මහා නගර සභා මන්ත්රී සුජිත් පුෂ්පකුමාර මහතාගේ මෙම ප්රකාශය තුලින් එම කරුණ හා තවත් දේ පිළිබඳව ද එහි අන්තර්ගතයෙන් පැහැදිලි විය .
ඔහු පුරෝගාමියා වෙත සිදුකල සම්පූර්ණ ප්රකාශය මෙසේය ….




Be the first to comment