අවසන් ගමනටත් රස්තියාදුවක් ? මොමනස රාවතාවත්ත ආදාහනාගරය සති තුනක් ගතවීත් අලුත්වැඩියා නොකිරීම ගැන හිටපු නගරාධිපති තතු කියයි !

මොරටුව සුසන් අරම සුසනා භූමියෙහි පිහිටා ඇති ආදාහනාගාරයේ සොහොන් කිරීමේ කටයුතු සිදු කිරීමට දහනයන් දෙකක් පිහිටුවා තිබිණි .

නමුත් මේ වන විට එහි එක් දහනයක මෝටරයක් පිළීස්සී තිබීමෙන් මේ වන විට මෙම ආදාහන කටයතු සිදු කිරීමට සිදුව තිබෙන්නේ එම එක් දහනයකින් පමණක් වීම නිසා මෙම කටයුතු සිදුකිරීමට පැමිණෙන පිරිස් මහත් රස්තියාදුවකට පත් වෙති .

මේ පිළිබඳව සොයා බලා කඩිනමින් විසදුම් සදනා මෙන් වත්මන් නගරාධිපතිවරයා හා වගකිවයුත්තන් දැනුවත් කරන්නැයි අද දින දුරකතනයෙන් පුරෝගාමියා ඇමතූ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේය .

නමුත් එසේ එවෙලෙහි යාම වැසි සහිත තත්වය නිසාම පුරෝගාමියාට නොහැකි වූ බැවින් යලි හිටපු නගරධිපතිවරයා ඇමතූ පුරෝගාමියා ඒ පිළීබඳ වැඩිදුර විස්තර විමසීය . එහිදී අදාල ආදහන කටයුතු සදහා සහභාගිවී සිටි කීප දෙනෙකුම ඒ පිළිබඳව දුරකතනයෙන් පවසා සිටියේ මෙම හේතුව නිසා එම කටයුතු රෑබෝ වනතෙක් ප්‍රමාදවීම සිදුවන අතර ඉන් අනතුරුව පැවැත්වෙන දැන මාන කටයුතු වලටද සහභාගී නොවී පිරිස් නිවෙස් වෙත යාම නිසා එම චාරිත්‍ර වලට ද මෙම ප්‍රමාදය මහත් බාධාවක් ඇති කරනා බවයි .

මෙ පිළිබඳව යලිත් තම අදහස පැවසූ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා මෙවැනි තත්වයකදී එක් දිනකින් අලුත්වැඩියාවන් සිදුකල හැකි මෙවැනි මොරටුව ජනතාවට අතයාවශ්‍යම කටයුත්තක් පවා මෙසේ සති තුනක් පමණ කලක සිට එම තත්වයෙන්ම පැවතීම මහත් කණගාටුවක් බවයි .

මෙම තත්වයන් නිසා අපහසුතාවයට පත්වන එම ජනයා මෙම පාලනය හා තමාගේ පාලනය මෙදා සන්සන්දනය කරමින් තමාට පැසසුම් කලද තමා මෙවැනි අඩුපාඩු තුලින්  එවැනි තත්වයක් බලාපොරොත්තු නෙවනා නමුත් මෙවැනි සුලු කරුණක් හෝ ඉටු කරලන්නට මොරටුව වත්මන් පාලනයට නොහැකි බව මෙදා මේ අත්දැකීමට මුහුණ දෙන ජනතාව අත් දැකීමෙන්ම අවබෝධ කරගැනීම නම් නිවැරදි බවද පවසයි .

මොරටුව මහා නගර සභාවේ වත්මන් නගරාධිපතිතුමනි මේ ඔබගේ විශේෂ අවධානයටයි !

Be the first to comment

Leave a Reply