
ලංකාවේ අශීලාචාර දේශපාලනය සහ සිංහල ජාතිකවාදයේ නරුම පැත්ත: දීප්ති කුමාර ගුණරත්නගෙන් සැර විවේචනයක්
පසුගියදා යූටියුබ් නාලිකාවක් ඔස්සේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්රකට දේශපාලන විචාරක හා මතවාදී දීප්ති කුමාර ගුණරත්න මහතා සඳහන් කළේ, වර්තමාන ලංකාවේ ජාතිකවාදී හා ආගමික හැසිරීම් පිටුපස ඇත්තේ සැබෑ දේශප්රේමයකට වඩා පුද්ගලික වාසි සහ දේශපාලනික බංකලොත්භාවය බවයි.
ශීලාචාරකම සහ නීතියේ ආධිපත්යය නීතිය හමුවේ සියලු දෙනා සමාන විය යුතු බවත්, භික්ෂූන් වහන්සේ නමක් හෝ වේවා යම් වරදක් සිදුකර ඇත්නම් පොදු නීතිය ක්රියාත්මක විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. යම් වරදක් කර නීතියෙන් බේරීමට සිවුර හෝ ජාතිකත්වය පළිහක් කරගැනීම ශීලාචාර සමාජයක ලක්ෂණයක් නොවන බව පවසන ඔහු, අප තාමත් ශිෂ්ටසම්පන්න ජාතියක් බවට පත්වී නොමැති බව අවධාරණය කළේය.
ජාතිකවාදයේ “නරුම” ස්වභාවය මෙහිදී අදහස් දක්වමින් ඔහු ප්රකාශ කළේ, ජාතිය හෝ ආගම වෙනුවෙන් හඬනඟන බව පෙන්වන පිරිස් අතරින් බොහොමයක් තමන්ගේ පුද්ගලික පැවැත්ම හා වාසිය පමණක් තකා කටයුතු කරන බවයි. සැබෑ ලෙසම ප්රතිපත්තියක් උදෙසා පෙනී සිටිනවා නම් ඒ වෙනුවෙන් ලැබෙන දඬුවම හෝ වගකීම කෙලින් සිටගෙන බාරගත යුතු නමුත්, සිදුවන්නේ එකී ජාතිකවාදී පාඨ භාවිත කරමින් දේශපාලන බලය, මුදල් හා වරප්රසාද ලබාගැනීම පමණක් බව ඔහු කියා සිටියේය. තමන්ගේ වාසිය උදෙසා ඕනෑම තැනකදී වෙනස් වන, තමන්ගේ පුද්ගලික ජයග්රහණ වෙනුවෙන් ජාතිවාදය අවුලුවන මෙවැනි හැසිරීම් නරුමවාදී (cynical) තත්වයක් ලෙස ඔහු විග්රහ කළේය.
විපක්ෂයේ බංකලොත්භාවය සහ මාධ්ය සෙල්ලම ආර්ථික හා සමාජීය ගැටලුවලට සැබෑ විසඳුම් සෙවීම වෙනුවට සංස්කෘතික හා ආගමික මතභේද නිර්මාණය කරමින් ජනතාව නොමග යැවීමට ආණ්ඩුවත්, ඕනෑම කුණු කන්දලක් පාවිච්චි කරමින් බලය ලබාගැනීමට විපක්ෂයත් නිරත වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




Be the first to comment