
පුරෝගාමියා හා එසේ පැවසූයේ හිටපු පළාත්සභා මන්ත්‍රීවරයෙක් වූ මොරිස් විජේරත්න මහතා විසිනි
ඔහු හා කල සම්මුඛ සාකච්ඡාවකදී පළාත් සභා තුලින් ඉටුවූ සේවාවන් පැහැදිලි කල ඒ මහතාගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විමසීමේදී එය ඉතා භයානක තත්වයක් බව පවසමින් ඔහු ඒ බව ද පැවසීය
මොරටුව ජාතික ජන බලවේගයේ සංවිධායකවරයා මෙදා අධිකරණ ඇමති ලෙසින් පත්ව ඇති නිසා එමගින් මොරටුවට වූ සේවාවන් පිළිබඳවද පුරෝගාමියා ඔහුගේන විමසූ අතර ඒ පිළිබඳව තව ටිකක් බලමු යැයි කී ඔහු අඩුම තරමේ මොරටුව අධිකරණය හෝ සකසනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසීය …
1997 සිට 2002 වසර දක්වා මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රීධූරය හෙබවූ මොරිස් විජේරත්න මහතා 2006 සිට 2009 දක්වා වූ කාලය තුල මොරටුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධූරය හෙබවීය
ඉන් අනතුරුව 2009 සිට 2019 දක්වා පලාත් සභාවට තේරී පත්වූ ඔහු වසර දහයක කාලයක් දෙවතාවක්ම පලාත් සභා ඡන්දය ජය ගනිමින් බස්නාහිර පලාත් සභා මන්ත්‍රී ධූරය හෙබවීය
මේ වන විට පොදුජන පෙරමුණෙහි දේශපාලනයේ නියැලෙන මොරිස් විජේරත්න මහතා සමග පුරෝගාමියා සිදුකල කතා බහේදී ඔහු දැක්වූ අදහස් මෙසේය …




Be the first to comment