
ආරම්භය සහ ඓතිහාසික පසුබිම
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් 1951 සැප්තැම්බර් මස 2 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) ආරම්භ කරන ලදී. එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඉවත්ව, පොදු ජනතාවගේ හඬ නියෝජනය කරන විකල්ප දේශපාලන බලවේගයක් ලෙස මෙම පක්ෂය බිහි විය. මහා සංඝරත්නය, වෙද, ගුරු, ගොවි, කම්කරු යන “පංච මහා බලවේගය” පෙරටු කරගනිමින්, දේශීයත්වය සහ සමාජ ප්රජාතන්ත්රවාදය පදනම් කරගත් දේශපාලන ගමනක් පක්ෂය විසින් ආරම්භ කරන ලදී.
දේශපාලන සලකුණු සහ ජයග්‍රහණ
- 1956 සමාජ විප්ලවය: 1956 මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගනිමින් මෙරට සාමාන්‍ය පොදු ජනතාවට සහ දේශීය සංස්කෘතියට රාජ්‍ය මට්ටමින් ඉහළ පිළිගැනීමක් ලබා දීමට පක්ෂය සමත් විය.
- ලොව ප්‍රථම අගමැතිනිය: සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලොව ප්‍රථම අගමැතිනිය ලෙස පත් කරමින් පක්ෂය ජාත්‍යන්තර දේශපාලන ඉතිහාසයට එක් විය.
- රාජ්‍ය නායකත්වයන්: චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රටේ විධායක ජනාධිපති ධුරයන් හෙබවූහ.
75 වන සංවත්සර සැමරුම
වත්මන් පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ 75 වන අභිමානවත් සංවත්සර ප්‍රධාන උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාර්ච් ඉම්පීරියල් පරිශ්‍රයේදී ලබන මස එනම් සැප්තැම්බර් මස 02 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.
වත්මන් පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ 75 වන අභිමානවත් සංවත්සර ප්‍රධාන උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාර්ච් ඉම්පීරියල් පරිශ්‍රයේදී ලබන මස එනම් සැප්තැම්බර් මස 02 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම සන්ධිස්ථානය, පක්ෂයේ අතීත ජයග්‍රහණ සහ ශ්‍රී ලාංකීය දේශපාලනයට කළ සේවය ඇගයීමට මෙන්ම නව දේශපාලන මාවතක් ඔස්සේ රට ඉදිරියට ගෙනයෑම සඳහා ප්‍රතිසංවිධානය වන සුවිශේෂී අවස්ථාවකි
මෙම සංවත්සරයට පුරෝගාමියාගේ හා මොරටුව ජනතාවගේ සුභ පැතුම් මෙසේ පිළිගන්වනු ලබයි !!!




Be the first to comment