මර උගුල ගැලවිල්ලට මාලිමා කටු ගැහිල්ලක් ? දේශපාලනය පසෙකලා ජනතා පීඩා දෙස බලනු !

මොරටුව ඉහළ ඉඳිබැද්දේ කටුගස්තුඩුවෙන් ඇරඹෙනා බ්ලසියුස් පාරේ මද දුරක් ගිය තැන වන අතුරු පාරේ පිිහිටි මහ කාණුවේ මර උගුල ගැනයි මේ .

පුරෝගාමියා මෙය මර උගුලක් ලෙසින් හදුන්වන්නේ අන් කිසිවක් නිසාම නොව මෙහි වෙසෙන්නෝ පවසනා මෙම කරුණු අනුවය .

පුරෝගාමියා මෙම ප්‍රදේශයේ වසර ගණනාවක් පවතින මෙම මර උගුල පිළීබදව එම කොට්ඨාශයේ වන මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රී චදුන් රොමේෂ් ප්‍රනාන්දු  මහතාගෙන් විමසූ කල අප හා එහි ගොස් තත්වය පෙන්වා දුන් ඒ මහතා පවසන්නේ මෙය මෙම ප්‍රදේශයේ ජනතාවගේ මෙම ප්‍රශ්ණය මෙදා දේශපාලන ප්‍රශ්ණයක්ව ඇති බවයි .

ඔහු පවසන්නේ තමන් කොපමණ ලිපි ඉල්ලීම් යෝජනා මොරටුව මහ නගර සභාවට සිදු කරනු ලැබූවද මෙය පිලිසකර කිරීමට සියලු දේ සිදු වෙද්දී මෙයට දේශපාලන අර්තයෙන් මෙය විපක්ෂ මන්ත්‍රී වරයෙකුගේ ඉල්ලීමකට පිලිසකර කරනු ලැබුවහොත් එය මෙම ප්‍රෙද්ශයේ මාලාමාවෙ දේශපාලනය කරන්නවුන්ට එම දේශපාලනට බාදවක් බව පවසා මෙය තවමත් ඉටු නොවුන කරුණක් ව ඇති බවයි .

පෙර පාලනයන් තුල එවැනි දේ සිදුවීම අසා ඇති නිසා ඒ පිළිබඳව පුදුම නොවනා පුරෝගාමියා මෙවන්ව ජනතාවට මරු උගුලක්ව ඇති කාණුව පවා පිලිසකර කිරීම  තමන්ගේ දේශපාලනය නිසාම සිදු කරන්නට යමෙකු මෙදාද බාදා පමුණුවන්නේ නම් නව දේශපාලන සංස්කෘතියක් බිහි කරන්නෙමු යැයි පැමිණි මාලිමාවද මෙදා කරන්නේ එයම නම් එය මහත් ලැජ්ජාවට කරුණක්  වන බවය .

මෙය වැසි දිනවලදී මර උගුලක් වන බව වටහා නොගන්නෝ පුරෝගාමියා කිසි විටකත් නොපැතූවද  එවන් ජීවිත හානියක් සිදු වුවහොත් මෙම කාණුව පිලිසකර කරන්නට තම දේශපාලනය නිසාම බාදා පමුණුවන යමකු වේ නම් එදිනට එම වගකීමද බාර ගත යුත්තේ ද ඔවුන්ම බව පවසමින් …. මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිතුමා වෙත පුරෝගාමියා මෙසේ මෙම කරුණ අවධාරණයෙන් යොමු කරන්නෙමි !

නගරාධිපතිතුමනි මේ ඔබේ අවධානයටයි !   

ස්තූතියි !

 

 

Be the first to comment

Leave a Reply