ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීමේ වෑයමට එරෙහිව ජනමත විචාරණයක් ඕනා ! නාමල් රාජපක්ෂ කියයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට සූදානම් වනවා නම්, පළමුව එය ජනමත විචාරණයකට ඉදිරිපත් කර ජනතා අනුමැතිය ලබාගත යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පවතින දැඩි ජීවන වියදම හමුවේ මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට රජය අසමත් වී ඇති බවත්, අසාධාරණ බදු බරක් පටවා ජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන් බිඳ දමා ඇති බවත් ඒ මහතා ප්‍රසිද්ධ රැස්වීමකදී කියා සිටියේය.

පොහොර හිඟය, අහස උසට නැගුණු ආහාර මිල මෙන්ම ඉහළ ගිය බදු හා විදුලි-ජල බිල්පත් හමුවේ රටේ ගොවියා, ධීවරයා, පාසල් සිසුවා මෙන්ම ව්‍යාපාරිකයා ද අද දැඩි අමාරුවක වැටී සිටින බව රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නේය.

රටේ ආරක්ෂාව සහ අපරාධ මැඩලීම සම්බන්ධයෙන් බලධාරීන් කොතරම් කීවත්, සංවිධානාත්මක අපරාධ තවදුරටත් සිදුවන බව ඔහු චෝදනා කළේය. එපමණක් නොව, අධිකරණ වෛද්‍ය වාර්තා සහ නඩු කටයුතු ප්‍රමාද වීම නිසා අද බන්ධනාගාර පිරී ඉතිරී ගොස් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

විශේෂයෙන්ම, නීති ක්ෂේත්‍රයේ සහ අධිකරණ පාර්ශ්වයන්ගේ දැඩි විරෝධතා මධ්‍යයේ වුවද, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට රජය මේ වන විට මුල් තැනදී කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය. මේක ජාතික ප්‍රමුඛතාවයක් ලෙස රජය සලකනවා නම්, අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට ගොස් ජනතාවගේ අදහස් විමසිය යුතු යැයි ඔහු අවධාරණය කළේය.

මෙම හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, රටේ අලුත් තරුණ පරම්පරාවේ බලාපොරොත්තු ඉටු කළ හැකි නවීන දේශපාලන ගමනක් යාම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ග්‍රාමීය මට්ටමින් යළිත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.

Hold a Referendum Before Extending Supreme Court Judges’ Terms – Namal Slams Government

If the government is planning to extend the terms of Supreme Court judges, they must first put it to a referendum and get the people’s approval, says SLPP National Organizer and Parliamentarian Namal Rajapaksa.

Addressing a public gathering, Rajapaksa pointed out that amid the soaring cost of living, the current administration has completely failed to fulfill its election promises, shattering public trust by imposing an unfair tax burden on the citizens.

He highlighted that farmers, fishermen, students, business owners, and investors are all struggling today due to fertilizer shortages, skyrocketing food prices, and heavy utility and tax bills.

Criticizing how the government handles crime, he noted that despite repeated assurances from authorities, organized crimes continue unchecked. He also accused the administration of filling up prisons due to massive delays in judicial proceedings and forensic reports.

Referring to the proposed constitutional amendment to extend the retirement age of Supreme Court judges, Rajapaksa stated that the government is pushing this forward despite strong opposition from legal and judicial circles. If the government truly views this service extension as a national priority, they must seek public mandate through a referendum, he emphasized.

Concluding his remarks, Rajapaksa called on his supporters to strengthen the Sri Lanka Podujana Peramuna at the grassroots level, noting that their party’s core objective is to build a modern political movement capable of fulfilling the aspirations of the country’s younger generation.

Be the first to comment

Leave a Reply