
“සත්‍යය යනු අලංකාර කළ යුතු භාණ්ඩයක් නොව, කිසිදු සම්මුතියකට යටත් නොකළ යුතු පූජනීය නිදහසකි. එහෙත් අද අපේ මව්බිම අගාධයට ඇද වැටී ඇත්තේ, ඒ පූජනීය පෑන පවා බලයේ සහ මුදලේ කුණු කන්දල් මත ලංසු තැබූ ඊනියා මාධ්‍ය වේදීන්ගේ අන්ධ භක්තිය නිසාය.”
අපේ රට මෙදා විනාශ වී ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි ඇසූ සැනින්, බහුතරයකගේ මුවින් නැගෙන පිළිතුර වන්නේ “ඒ අපේ රටේ දේශපාලුවෝ නිසාම පමණි” යන්නයි. එහෙත්, එය පූර්ණ සත්‍යයක් යැයි සිතීමම අපේ මව්බිම තවදුරටත් අන්ධකාරයේ තැබීමකි. මන්ද යත්, අද අප පත්ව ඇති මේ සර්වසාධාරණ විනාශයට දේශපාලනඥයන් මෙන්ම, “මාධ්‍යවේදීන්” යැයි කියා ගන්නා ඇතැම් අපත පිරිස්ද එක හා සමානව වගකිව යුතු බව කිසිදු පැකිළීමකින් තොරව කිව යුතුය.
එසේ යැයි කියද්දී, දේශපාලනයේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්රයේද තවමත් තම වගකීම අකුරටම ඉටු කරන, කොඳු නාරටිය කෙළින් තබාගත් ගෞරවනීය මාධ්‍යවේදීන් සහ සැබෑ ජනතා හිතවාදී දේශපාලනඥයන් කිහිපදෙනෙක්ම සිටින බව අප අමතක කළ යුතු නැත. එහෙත් අවාසනාව වන්නේ, ඒ සුළු පිරිස මඩනා තරමට, මේ රට කෑ කුණාටුව නිර්මාණය කළ පිරිස ප්‍රබල වීමය.
දශක හතරකට හෝ පහකට පෙර අපේ රටේ දේශපාලනඥයා වූයේ ධනපති දානපතියෙකි; සමාජයට සේවය කළ මිනිසෙකි. එදා මාධ්‍යවේදියා යනු සමාජයම අතිශය ගෞරවයෙන් වැළඳගත්, අභීත සත්‍යය වෙනුවෙන් පෙනී සිටි චරිතයකි. නමුදු අද ඒ සියල්ල කනපිට හැරී ඇත. අද දේශපාලන වේදිකාව හැඩගන්වන්නේ හොරු, දූෂිතයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල මැරයන් විසිනි.
ඊටත් වඩා ඛේදවාචකය නම්, මේ විනාශකාරී දේශපාලන අමනයන්ගේ අපරාධ වසා දමමින්, ඔවුන්ට “මහා සුද්දෝධන ලීලාවෙන්” වැජඹෙන්නට මග පාදා දුන් ඩෝබි වරුන්ගේ සහ සට්ටැඹියන්ගේ භූමිකාව අද මාධ්‍යවේදීන් යැයි කියාගන්නා පිරිස විසින් භාරගෙන තිබීමයි.
අද කාලයේ මාධ්‍යවේදියකු වීමට මූලිකම සුදුසුකම වන්නේ කිසියම් බලවතකුගේ ඇසුරක් හෝ හිතවත්කමක් ලැබීම පමණි. මලපොතේ අකුරු බැරි වුවද, බලවතාගේ වැසිකිලියට වතුර බටය අල්ලන තෙක් සමීප වීමට හැකි නම්, ඕනෑම නූගතකුට අද ප්රවෘත්ති ආයතනයක ලොක්කෙකු විය හැකිය. ආයතනික හැඳුනුම්පත ගසාගෙන, තම පෞද්ගලික වුවමනා එපාකම් ඉටු කරගැනීම සඳහා පමණක් එය පලිහක් කරගන්නා මොවුන්, සරල පුවතක්වත් නිවැරදිව ලියාගැනීමට නොහැකි, තාක්ෂණයේ පිහිටෙන් කැමරාවේ බොත්තම පමණක් ඔබන “ක්ලික් මාධ්‍යවේදීන්” (Click Journalists) පිරිසක් බවට පත්ව තිබේ.
තමන්ගේ පුවත්පතට හෝ නාලිකාවට ලැබෙන ක්ලික් සංඛ්‍යාව (Clicks) සහ ලයික් (Likes) ප්‍රමාණය වැඩි කරගැනීම උදෙසා මොවුන් සමාජය නොමඟ යවමින්, අසත්‍යය ප්‍රචාරය කරමින්, ජාතිවාදය අවුළුවමින් සහ අහිංසක මිනිසුන්ගේ හිස් මතින් සල්ලි හදති. එදා සමාජයේ ඉහළම ගෞරවයට පාත්‍ර වූ මාධ්‍යය, අද ගණිකා වෘත්තියකටත් වඩා පහත් මට්ටමකට ඇද දමා ඇත්තේ මේ ඊනියා මාධ්‍යවේදීන් විසිනි.
දේශපාලනඥයන් රට කෑවේ බලය සහ මුදල් වෙනුවෙනි. එහෙත් ඒ මිනීමරු දේශපාලනයට අතවරකාරී ලෙස උඩ තබා, ජනතාවගේ ඇස්වලට වැලි ගසමින්, රටේ සැබෑ මළකඳන් උඩ නටමින් සල්ලි හම්බ කරන මේ පට්ට පජාත මාධ්‍යවේදීන් නිසා රටට සිදු වූ විනාශය ඊටත් වඩා දරුණුය.
එබැවින්, අපේ මව්බිම අද මේ පත්ව ඇති අගාධයට වගකිව යුත්තේ දේශපාලුවෝ පමණක්ම නොවේ; ඔවුන්ට වඩා අමන ලෙස මේ රටේ ප්රජාතන්ත්රවාදය සහ සත්‍යය ඝාතනය කළ මේ ඊනියා මාධ්‍යවේදීන්ද ඒ අපරාධයේ සම-වගකිවයුත්තෝම වෙති.
– පුරෝගාමියා –
EDITORIAL: A Motherland Paying the Price for Sold-Out Pens — The Political Fanatics and “Click Journalists” Who Destroyed the Country
“Truth is not a commodity to be decorated or compromised; it is a sacred freedom. Yet, our motherland has plunged into the abyss today because that sacred pen was auctioned off on the garbage heaps of power and greed by so-called journalists displaying blind loyalty.”
When asked who is responsible for the destruction of our country today, the immediate response from the majority is, “It is entirely because of our politicians.” However, to assume that this is the absolute truth is to keep our motherland trapped in darkness. The unvarnished truth—stated without an ounce of hesitation—is that the comprehensive ruin we face today is co-authored equally by corrupt politicians and those who masquerade as “journalists.”
In saying this, we must preface our argument by acknowledging that there are still honourable journalists with an unyielding backbone, as well as genuine, pro-people politicians who discharge their duties with utmost integrity. They must never be lumped into the same category as the political scoundrels and pathetic media personnel we indict here. But the tragedy of our times is that this noble minority has been overshadowed and drowned out by the overwhelming tide of the corrupt.
Four or five decades ago, our politicians were capitalists of substance and philanthropists. Journalists were figures embraced by society with the deepest reverence, standing firm for unyielding truths. Today, however, that entire landscape has been turned upside down. The political stage is now dominated by thieves, the corrupt, drug traffickers, and underworld thugs.
An even greater tragedy is that the role of laundering these crimes—acting as the “door-mats” and sycophants who pave the way for these destructive political monsters to reign in absolute impunity—has been eagerly assumed by those calling themselves journalists.
Nowadays, the primary qualification to become a “journalist” is simply having the right connection to someone in power. Even if one is completely illiterate, as long as one knows how to crawl close enough to lick the boots of the ruling elite, anyone can become a boss in a media organization. Armed with institutional press IDs used solely as shields to satisfy personal greed, these individuals cannot even draft a simple news report correctly. Relying entirely on modern technology, they are mere “Click Journalists” whose only skill is pressing a camera button.
To boost click counts, drive up views, and harvest likes for their portals or channels, these individuals mislead society, spread vicious falsehoods, ignite communal hatred, and line their pockets over the corpses of innocent citizens. The media, which once commanded the highest respect in society, has been dragged into the dirt and prostituted by these very individuals.
Politicians destroyed the country for power and money. But the destruction wrought by these pathetic, fake journalists—who actively abet murderous politics, throw dust in the eyes of the public, and profit over the rotting carcass of our nation—is far more insidious.
Therefore, the politicians are not the sole architects of our country’s destruction. Those who enabled them through media prostitution are equally culpable partners in this national crime.
- Purogamiya –

Be the first to comment