
නීතියේ ආධිපත්‍යය සහ විනය හමුවේ පුද්ගලයෙකුගේ අතීත ප්රශංසානීය සේවය හෝ යහපත් ගතිගුණ අභිබවා, ඔහු විසින් සිදුකරනු ලබන නීති විරෝධී ක්‍රියාවෙහි බරපතලකම සැමවිටම ඉදිරියට පැමිණෙන බව යළිත් වරක් තහවුරු කරමින්, 2019 වසරේ සිදු වූ පොලිස් නිලධාරීන්ට පහර දීමේ සහ මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියකට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක (මාස 18ක) සිරදඬුවමක් බදුල්ල මහාධිකරණය විසින් නියම කරන ලදී.
2019 පෙබරවාරි 10 වන දින බණ්ඩාරවෙල නගරයේ දී මන්ත්‍රීවරයාගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් හටගත් සුළු බහින්බස්වීමක් දුරදිග යාමෙන්, නීතිය ආරක්ෂා කළ යුතු නිලධාරීන්ට අයුතු අවහිර කොට, පහරදී තුවාල සිදුකර මරණීය තර්ජන එල්ල කිරීමට මෙම පිරිස කටයුතු කර තිබිණි. මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සමඟ චෝදනා ලැබූ ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලකට ද චෝදනා 3ක් යටතේ වසර 10ක අත්හිටවූ සිරදඬුවමක් නියම කෙරුණි.
හොඳ ක්‍රියා කවදාකවත් වැරදි ක්‍රියාවක් සෝදා හරින්නේ නැත
මෙම නඩුවේ දී විශේෂයෙන්ම කැපී පෙනުන ඡේදයක් වූයේ ඇමති ආරක්ෂක නිලධාරී රසික කරුණාතිලකගේ අතීත පසුබිමයි. ඔහු තම අවුරුදු 33ක දිගු පොලිස් සේවය තුළ කිසිදු විනය ක්‍රියාමාර්ගයකට හෝ චෝදනාවකට ලක් නොවූ, ප්‍රශංසා ලිපි 71කට හිමිකම් කිවූ, උතුරු පළාතේ යුද්ධය පැවති බිහිසුණු සමයේ පවා රට වෙනුවෙන් සේවය කළ, නොබෝ දිනකින් ගෞරවනීය ලෙස විශ්‍රාම ලැබීමට සිටි ආදර්ශවත් නිලධාරියෙකු බව විත්තියේ නීතිඥයෝ අධිකරණය හමුවේ පෙන්වා දුන්හ.
කෙසේ වෙතත්, සමාජයක් ඉදිරියේ කොතරම් හොඳ අයෙකු වුවද, කොතරම් අගනා සේවයක් කළ අයෙකු වුවද, නීතිය කඩමින් සිදු කරන ලද මිනීමරණ තර්ජන සහ පහරදීම් වැනි බරපතල වැරදි හමුවේ එම අතීත යහපත්කම්වලට නීතිය යටපත් කළ නොහැකි බව අධිකරණ තීන්දුවෙන් මනාව පැහැදිලි විය. මිනිසෙකුගේ අතීතයේ කීර්තිය හෝ ගුණය කුමක් වුවත්, අවසානයේ සමාජය ඉදිරියේ තීරණාත්මක වන්නේ ඔහු විසින් සිදු කරනු ලබන ක්‍රියාවයි. එම යහපත් සේවය කුමක් වුවද, නීතිය උල්ලංඝනය කරමින් සිදු කළ බරපතල ක්රියාවේ වරදින් මිදීමට එය හේතු නොවන බව පෙන්වා දෙමින්, විනිසුරුවරයා විසින් මෙම දඬුවම් නියම කරනු ලැබීය.
Why does a wrongful act receive the same punishment before the law regardless of good name, service, or fame: Why were both MP Chaminda Wijesiri and the commended police officer penalized?
Reaffirming that a person’s past commendable service or good character cannot overshadow the gravity of an unlawful act they commit, the Badulla High Court sentenced Samagi Jana Balawegaya (SJB) Badulla District Parliamentarian Chaminda Wijesiri to one and a half years (18 months) in rigorous imprisonment on July 28 for assaulting and issuing death threats to a group of police officers back in 2019.
The incident stemmed from a minor argument on February 10, 2019, near the Bandarawela town roundabout, after a police jeep overtook the vehicles in which MP Chaminda Wijesiri and his entourage were traveling. What followed was an obstruction of duty, physical assaults causing injuries, and death threats directed at the police officers on duty. Consequently, the Badulla High Court found MP Chaminda Wijesiri guilty of four charges, while Police Constable Rasika Karunatilaka of the Ministerial Security Division was found guilty of three charges and sentenced to a 10-year suspended prison sentence.
Good deeds can never erase a wrongful act
A particularly striking aspect highlighted during the trial was the background of the third accused, Ministerial Security Officer Rasika Karunatilaka. Defense attorneys pointed out to court that he had maintained a spotless disciplinary record throughout his 33-year long police career, earned 71 letters of commendation, served in conflict-torn northern regions like Jaffna, Mullaitivu, and Kilinochchi during the war, and was due to retire from service in a few days.
However, the court’s ruling vividly demonstrated that no matter how good a person has been or how valuable their past service is, a clean record cannot override or justify severe crimes like assault and death threats committed in defiance of the law. Regardless of an individual’s past prestige or virtue, what ultimately matters before justice is the action they commit. No amount of prior good service can excuse a serious violation of the law, a principle underscored by the judge as the sentences were handed down.




Be the first to comment