
මේ එගොඩඋයනේ ජයන්ති මාවතයි , වැසි දිනවල පමණක් නොව මේ පායන දිනවලදීද මෙහි ගමන් කිරීමට නොහැකි තරමටම මෙම පාර අබලන්ව තිබෙයි .
පවුල් හැත්තෑවක් පමණ වෙසෙනා මේ පාරේ අග කොටස් ප්‍රතිසංසංකරණය කර ඇතත් මීටර් 200 ක් පමණ වූ පාරේ පටන් ගැන්ම මොරටුව වැනි නගරයක පාරක් යැයි සිතන්නටද නොහැකිය
තමන්ගේ කොට්ඨාශයේ නොවුනද මෙම පාරේ ජනයාගේ අසීරුතා දුටු ෂෙහාන් තිසේරා මන්ත්‍රීවරයා මෙම පාර පිලසකර කර දෙන්නැයි යෝජනාවක් දෙවතාවක්ම ඉදිරිපත් කොටඇතත් ඔහු විපක්ෂයේ නිසාදෝ තවමත් එය ඉටු නොවී තිබෙයි
අවුරුදු හතලිහක් මොරටුවේ පාරක් අලුත්වැඩියා නොකර තිබෙනවා යැයි කීම සැබවින්ම කිසිවෙකුට විශ්වාස කල නොහැකි වනු ඇත
නමුදු අපි මේ පාරේ ජනතාව කියනා දේ විශ්වාස කරන්නෙමු
මෙම පාරේ වාහනයක් යාම කෙසේ වෙතත් මෝටර් සයිකලයකින් පවා යෑමේදී ඇතිවන අපහසුතාවයන් ද මෙසේ වටහා ගත හැකිය
මොරටුවේ බොහෝ තැන්වලින් ඇසෙන්නේ යෝජනාව විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු ගේ නම් එය ඉටු නොවනා බවකි
මේ ඒ පිළිබදව පවසනා මොමනස මන්ත්‍රී ෂෙහාන් තිසේරා මහතා ය
තමන්ගේ කොට්ඨාශයේ නොවනා අවශ්‍යතා සපුරාලන්නැයි ඉල්ලා සිටින්නෝ විරල බව සැබෑවකි . නමුදු ජනයා ගේ අපහසුතා හඳුනා මෙම මන්ත්‍රීවරයා සිදු කරනා ඉල්ලීම එනිසාම වැදගත් කොට සැලකිය යුතුය .
මොමනස නගරාධිපතිතුමණි මෙ ඔබේ අවධානයටයි !



Be the first to comment