ලුනාව සී වීව් වරිපනම් ප්‍රශ්ණය මේ සැප්තැම්බරයේ විසඳනවා ! අපි වන්දිය අත් හරින්නේත් නැහැ – මොරටුව නගරාධිපති කියයි …

මොරටුව සී වීව් නිවාස සංකීර්ණය ඉදිකර ඇති මොරටුව මහා නගර සභාවට අයත් ලුනාව තානායම පිහිටි ඉඩමට ලැබිය යුතු වන්දිය නොයෙක් හේතු මත ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් නොයෙක් හේතු දක්වමින් නොගෙවා සිටීම තුල එම නිවැසියන්ට මොමනස විසින් වරිපනම් ඔවුන්ට හිමිකර නොදීම පිළිබඳ ප්‍රශ්ණය මෙවර මහා සභා රැස්වීමේදීද මතුවිණි .

එහිදී සජිත් දුමින්ද මන්ත්‍රීවරයා යෝජනාවක් ගෙන එමින් එම වන්දිය අයකර ගැනීමට දුක්ගන්නා රාළට හා තවත් ආයතන හා පුද්ගලයන් වෙත දැනුවත් කිරීම පැහැදිලි කල අතර එයට තම පිළිතුර ප්‍රකාශ කලේ මෙම සී වීව් නිවාස ප්‍රශ්ණය පිළිබඳව බොහෝ කලක් පෙනී සිටිනා එම වැසියන් කල්ලතෝනින් සේ නොකල යුතු බවට හැම කල්හි අදහස් දැක්වූ සුරේෂ් ඉන්දික මන්ත්‍රීවරයාය .

මෙහිදී එම මන්ත්‍රීවරයා විසින් උදාහරණයක් ද ගෙනහැර දක්වමින් මොමනස විසින් අනවසර ගොඩනැගිලි වලට පවා වරිපනම් නිකුත් කරනා බව පැහැදිලි කල අතර මෙම නිවාස සංකීර්ණයේ නිවැසියන් එවැනි අනවසර සේ හෝ වටිනාකමක නොවන්නේදැයි මෙවරද ප්‍රශ්ණ කරමින් මෙම ප්‍රශ්ණයට එම පාර්ශවය වෙනුවෙන් මැදිහත් වූයේය

මෙම කරුණු පෙන්වා දීමේ දී තම අදහස ප්‍රකාශ කල මොරටුව මහා නගර සභාවේ නගරාධිපති කේ ඩී නිශාන්ත ප්‍රදිනාන්දු මහතා විසින් මෙම ප්‍රශ්ණය බොහෝ කලක් මෙම සභාවේ අදහස් දක්වමින් බොහෝ දෙනෙකු කතා කල පැණයක්ව ඇති බවත් නමුත් තමාද එම වන්දිය ලබාගත යුතු බව අදහන්නේ වුවද එම නිවැසියන් ඒ නිසා අවලංගු භාවයකට පත් කිරීම කිසිවිටකත් නොකරනා බවත් ඔහුගේ එම අදහස් මගින් පැහැදිලි කල අතර මේ සැප්තැම්බර් මාසය අවසන් වන්නට පෙර මෙම ප්‍රශ්ණයට විසදුම් සදනා බවද සභාවට සපත කලේය .

කෙසේ වුවද විශාල මුදලක් වන්දි ලෙස ලබා ගැනීම මෙම වරපනම් ලබා දීම තුල ඒ නිසා මොරටුව ජනතාවට අහිමිව යා නම් එය බරපතල වරදක් වන බැවින් මානුෂීයව සලකමින් මෙම කරුණ ඉටු කිරීම කල යුතුම කාරියක් වුවද නමුදු එසේ වූ කල ඇති වන නීතිමය තත්වයන් විමසා බලා එය ඉටු කල යුතු බව පුරෝගාමියාගේ අදහස වන්නේ මානුෂීයව සලකා බැලීම නීති කරුණු හමුවේ වලංගු නොවනා බැවිනි .

මේ ඒ පිළිබඳව සුරේෂ් ඉන්දික මන්ත්‍රීවරයා හා මොරටුව නගරාධීපතිවරයා මේ පිළිබඳව දැක්වූ අදහස් හි ශ්‍රව්‍ය ගත කිරීමයි .

Be the first to comment

Leave a Reply