
ශ්‍රී ලංකා පොලීසියේ කාරුණික දැනුවත් කිරීමයි යනුවෙන්
ශ්‍රී ලංකා පොලීසියෙන් මෙසේ ජනතාව වෙත බොහෝ අගනා පත්‍රිකාවක් නිකුත් කර තිබේ .
එය බොහෝ අගය කලයුතු මහ මග ගමන් කරනා ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව ගෙන ඇති වටිනා තින්දුවක් වන නිසාම අප එය මහත් සේ අගයන්නෙමු .
එම පත්‍රිකාව මොරටුව ජනතාවට සුවිශේෂ කිරීම නිසාම එය මොරටුව මූලිකව රටටම පොදුවේ යහපත පතනා පුරෝගාමියාට ද වඩා වැදගත් වන්නේය .
ඒ අනුව පෙර දී මෙම පත්‍රිකාව බෙදා දෙමින් එම කරුණු අනුගමනය කරන්නැයි මොරටුව ජනතාව දැනුවත් කරමින් මෙම නීති ක්‍රියාත්මක කරනා බව සපත කරමින් ජාතික ජනබලවේගයේ මොරටුව ආසන සංවිධායක අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාද එක්ව සිටියේය .
අපි එයද බොහෝ අගයන්නේ අපේ රටේ නීතියට ඉහලින් කිසිවකු නැතැයි බොහෝ වටිනා අදහසක් ප්‍රකාශ කල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද බොහෝ වරක් ප්‍රකාශ කල ඒ වදන් අනුවම යමින් මෙය ක්‍රියාත්මක වනු ඇතැයි සිතමිනි .
ඒ අනුව මොරටුව පදික වේදිකාහි වෙළඳාමේ යෙදෙනා සියල්ලෝ පදික වේදිකා තුලින් ඉවත් කිරීම නීතියට අනුව වුවත් බොහෝ මානුෂීය ප්‍රශ්ණ මැද අද දවසේත් සිදුවිය
ඒ අනුව මොරටුව නගර ආසන්නයේ පදික වේදිකා මත ලිබඩු ප්‍රදර්ශණයට තබා අලෙවි කරන්නෝ ද … එයින් නොනැවතී ගොලු මඩමේ සිට මොරටුව නගර සීමාවේපදික වේදිකා තුල වෙළදාම් කරනා සියල්ලෝ ඉවත් කිරීම් සිදුවන බව දක්නට ලැබීමද නීතිය අනුව සිදුවීම මානුෂික ලෙසින් නොසිතාම අගෙයි යනුවෙන් කිව යුතුය .
නමුදු මෙසේ ඉවත් කිරීම් පලි ගැනීම් නොවනා ලෙසින් සිදුවිය යුතු බවද අවධාරණය කිරීම පුරෝගාමියාගේ යුතුකම වන්නේය .
එසේ කියන්නට අපට සිදු වන්නේ අද දිනදී ගොලු මඩමේදී මෙවැනි වූ පලතුරු වෙළදාමේ නියතු වූවන් ඉවත් කිරීමට යාමේදී මෙය නීතිය අනුව සිදු කරන්නාවූ ක්‍රියාවක්ද එසේ නොමැතිනම් යම් යම් අය පමණක් ඉලක්ක කොට සිදුවන්නක් දැයි යන සැකය මෙසේ පුරෝගාමියාට ඇතිවූ නිසාය .
එහිදී ගල්කිස්ස පොලීසියේ ප්‍රජා පොලිස් අංශයේ නිලධාරීන් සමග මොරටුව පොලීසියේ ප්‍රජා පොලිස් අංශයේ වලකිවයුත් නිලධාරියෙක්ද මාර්ග සංවර්ධන අධිකාරියේ මහත්මියක්ද එම පලතුරු මොරටුව මහා නගර සභාවේ ලොරි රථවලට හා ට්‍රැක්ටර් වලට පටවා ගෙනයාමට මෙසේ පැමිණ සිටියෝය .
එහිදී පුරෝගාමියා එම නිලධාරීන් වෙතින් කල විමසීමේදී දැනගැනීමට ලැබුණේ මෙම වෙළඳුන්ට බොහෝ කල් සිට දැනුවත් කිරීම් කර මෙසේ නොකරන ලෙස දැනුම් දී තිබුණත් ඔවුන් එම දැනුම් දීම් පිලි නොගෙන ක්‍රියා කිරීම නිසා මෙසේ නීතිය ක්‍රියාත්මක කරනා බවය
නමුදු එම වෙළදුන් පුරෝගාමියා වෙත පැවසූයේ මෙය නීතිය ක්‍රියාත්මක කිරීමක්ම නොව පලිගැනීමක් බවය ….
ඔහු කියනා පරිදි මෙය නීතිය ක්‍රියාත්මක කිරීමක් නොව මෙම පලතුරු වෙළෙන්දා මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රීවරයෙකුගේ ඥාතියකු වන නිසා කරනා පලි ගැනීමකි
එසේම මෙහි සිටි මාර්ග සංවර්ධන අධීකාරියේ නිලධාරිණීය පුරෝගාමියා හා පවසා සිටියේ මොරටුව මහා නගර සභාව මගින් මෙම වෙළදුන්ට කඩ ලබා දීමට යෝජනා කර ඇති නමුත් ඊටද ඔවුන් එකල නොවී ඇති බවකි .
නමුදු ඒ ගැන තවත් වෙලෙන්දෙකුගෙන් පුරෝගාමියා විමසූ විට ඔහු කියනා දේ ද අසන්න .
මෙසේ වූ කල පෙර වෙලෙන්දා කී පලිගැනීම ස්ථීර වීම මෙසේ සිදුවන්නේ නම් නීතිය හැමට සමාන හැමට ඉහලින් බව ප්‍රකාශ කරනා අනුර කුමාර දිසානායක ජනපතිගේ වදනටද එය නිගරුවකි .
එහි සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරිණිය විසින් මෙම අයට කඩ දෙන බවට පුරෝගිමියා හා කී කතාව පුරෝගාමියා විසින් එහි සිටි මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා වෙතින් විමසා සිිට අතර එවැන්නක් සිදු නොවූ බව එම මන්ත්‍රීවරයා පැවසූ අතර එසේ යේජනා කල බව පුරෝගාමියාට කී මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරිණිය එවිට ඇය පෙර කී එම කතාව පිලිබඳව කිසිවක්ම නොකියමින් සිටීම නිසාද පුරෝගාමියාට සිතෙන්නේ මෙය නීතිමය ලෙසින් ඇගයීම සුදුසු වුවද මෙහි දී නම් මෙම නීතියද අතීතයේ මෙන්ම නවනා සෙයකි .
එනිසාම අප මෙසේ විශේෂයෙන් අවධාරණය කරන්නේ මොරටුව පොලීසියේ වගකිවයුතු මහතුන්ටය .
නීතිය යනු නගරයට නොව ගමටද එකසේ විය යුතුය . එය සංදර්ශණයක් හෝ මානුෂීය බව රඳනා දෙයක් නොවේ .
මොරටුවේ පමණක් නොව මුලු ලංකාවෙම නීතිය පොඩි එකාට පමණක් යැයි කියනා අවමනින් මොරටුව පොලීසිය මිදිය යුතුය . මේ පෙන්වා දෙන්නේ ඊට උදාහරණ කීපයකි .
මෙම පලතුරු වෙලෙන්දා තම වෙළදාම කරගෙන යනු ලැබුවේද තාවකාලික රථ නැවතුමක් සඳහා වූ පාරේ කොටසකය .
එය මෙසේ ඉවත් කිරීම නීතයානුකූලව සිදු කිරීම කිසිදු ප්‍රශ්ණයක් නොනැගිය යුතු අගය කල යුතු දෙයකි .
නමුදු දැන් මෙම ප්‍රශ්ණය ෆේස්බුක් මගින් වැල්ලේ වෙසෙන්නෝ වත් නොකරනා තරමේ වලියක්ව ඇත
මේ මෙම මොරටුව පොලීසියේ නිලධාරිවරයා හා ඔහු විසින් මෙය පළීගැනීමක් සේ සිදු කරනා බවට චෝදනා කරනා මන්ත්‍රී බිරිඳක් ද මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රීවරයෙක්ද මැදිහත්ව එකිනෙකාට චෝදනා කරමින් සිටිනා තත්වයකි .
පුරෝගාමියා දන්නා තරමින් රජයේ නිලධාරීන් තමන්ට යම් අවමනක් අපහාසයක් සිදු වන්නේ නම් ඊට නීති මගින් ක්‍රියාත්මක වනු විනා මෙසේ සියල්ලට ෆේස්බුක් මගින් පිලිතුරු දෙන්නේ නැත .
එය සැබවින්ම අදාල ආයතන වෙත ඔවුන්ම සිදුකර ගන්නා අවමනක් බව නොවැටහීම නම් කණගාටුවකි .
මෙම මොරටුව පොලීසියේ නිලධාරිතුමා ගේ පැටිකිරිය යැයි අනෙක් පස මන්ත්‍රීවරයා ඇතුලු මන්ත්‍රී බිරිඳ විසින් දිග අරිනා විට මෙම නිලධාරියා විසින් ඊට නොදෙවිණි සේ ඔවුන්ගේ පැටිකිරිය දිග අරිනා තරමටම මෙම කරුණ දැන් අලජ්ජ ව තිබෙයි
එය මහජන නියෝජිතයෙක් ලෙසින් මන්ත්‍රීවරයාට මෙසේ ෆේස්බුක් මගින් මෙසේ විවෘතව හෙලි කිරීම කොතරම් යුතු වන්නේ ද යන්න ජනතාව විසින් මතු ඡන්දයකදී තීන්දුවක් වුවත් තමා පොලිස් බලතල ඇති පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවා පුහුණුව ලැබූ බව ප්‍රකාශ කරනා මෙම නිලධාරීවරයාට ඒ සියල්ලට මෙසේ පිළිතුරු දීමට හැකි තරමටම නීතිය හා සාමය රකිනා පොලීසියේ ආයතන නීතියක් නොවන්නේද යන්න නම් පුරෝගාමියා විමසිය යුතුම ප්‍රශ්ණයකි .
එසේම මේ ඉවත් කිරීම් නීතිමය ලෙසින් මොරටුවේ සියලු ගම් දනව් පාසා ද හැමට සමාන අයුරින් සිදුකල යුතුම බවට පුරෝගාමියා පවසන්නේ රටේ කිසියම් නීතියක් වේ නම් එය මොරටුවට පමණක් නොව මුලු රටටම අදාල විය යුතු නිසාම මිස මෙයින් දුප්පතා හා පොඩි එකා ලබනා පීඩාව නොදැන නොව මෙය එක් එක් අයගෙන් වන පලිගැනීමක් පමණක් නොවිය යුතු නිසාය .
ඊට පුරෝගාමියා මේ දක්වන්නේ සුලු උදාහරණ කීපයක්ය ….
මේ රාවතාවත්ත ආසන්නව වන ප්‍රධාන මාර්ගයයි …. අවුරුද්දේ කුමන දිනයේ කුමන මොහොතක විමසා බැලූවද මෙම ලී පටවා ගත් වාහනයක් මෙහි තිබෙයි . එය ඔවුන්ට ස්ථීරව පවරා දී ඇති සේය .
එසේම මොරටුව මහා නගර සභාවේ සෞඛය අංශයට කොතරම් පෙන්වා දුන්නද ඩෙංගු කොතරම් අහස උසට වී ජනයා මිය ගියද පුරෝගාමියා ශාක්ෂ සහිතව වාර්ථා කලද මොරටුව මහා නගර සභාවේ වගකිවයුතු අංශ වෙතින් කිසිදු පියවර්ක නොගන්නා මෙම ඉදිබැද්ද ප්‍රදේශයේද පටු මාර්ග හි කාණු පවා තම භුක්තියට සවි කර ගනිමින් කොන්ක්‍රීටි යොදා තම ව්‍යාපාර සඳහා භාවිතා කිරීම පිළීබඳව දැන් මොරටුව පොලීසියේ මෙම නිලධාරියා විසින් සොයා බලා ඔහු කෙසෙ හෝ ක්‍රියාත්මක කරනා බව ප්‍රකාශ කරනා මෙම නීතිය ක්‍රියාත්මක කල යුතුය .
වසර නොව දශක ගණනාවක් මාර්ග නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් ඉදිබැද්දේ පන්සල හන්දියේ ඉතාම අනතුරු දායක ස්ථානයක පාරේ බාගයක් වසමින් පොදු ප්‍රවාහන බස් රථ නවත්වා තැබීම කොතරම් පොලීසිය මගින් පනවනා මෙම නීතියට සමච්චලයක් වන බැවින් දැන් මොරටුව පොලීසියේ මෙම නිලධාරී මහතා එයද සොයා බලා නීතිය ක්‍රියාත්මක කල යුතුය .
මෙය පාරේ මැදින් මුුලු ලංකාවේම බසයකින් බැසීමට හා නැගීමට වැරදි පැත්තේ නවතා තබමින් වුවද ඊට පොලීසියෙන් කිසිවක්ම නොකරනා එකම ස්ථානයද වැය හැකිය .
මේ සියල්ල පුරෝගාමියා පෙන්වා දෙන්නේ රටක නීතිය යනු මොරටුව නගරයට පමණක් නොවෙන්නක් බව මේ වගකිවයුත්තනට වටහා දීමට මිස මේ දේ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව වන ගැටලු මෙන්ම මානුෂීය තත්වයන් සේම අපේ රටේ අලජ්ජ දේශපාලනයේ ඡන්ද කැඩේවි යැයි බිය නිසා බවද පවසන්නේ ඉතා වගකීමෙන්ය .
එසේම දැන් මෙම ප්‍රශ්ණයට මැදිහත් වූ මන්ත්‍රීවරයාද මෙසේ දිගින් දිගටම මෙවන් අනීතික දෙ පෙන්වා දෙමින් සිටීම ද මෙම සිදුවීම වෙනත් දිසාවකට ගමන් කිරීමක් බව සියල්ලෝ වටහා ගත යුතුව ඇත .
මේ පෙන්වා දෙන්නේ උදාහරණ කීපයක් පමණකි . සැබවින්ම රටෙ සියලු නීති සියලු තැන් වලටම අදාල වනවා මිස මෙසේ එක තැනකට එක් ස්ථානයකට එක් අයෙකුට පමණක් විය යුතු නොවේ .
කෙසේ වුවද ගල්කිස්ස පොලීසියෙන් පැමිණි එම නිලධාරියා මෙම වෙළදුන්ට නගර සභා සේවකයින්ගේ සහය ලබා ගනිමින් එම ස්ථානයේ ඉතිරි පලතුරු ඉවත්කර ගන්නැයි මානුෂිය ලෙසින් පැවසූවද මොරටුවෙන් ගොස් එහි සිටි නිලධාරියා එසේ උදව් නොවන්නැයි පවසා ඔවුන් වැලකූ බවද කියවෙන නිසා ඔහුපොලිස් සම්බන්ධතා නිලධාරියකු යැයි කියැවෙන නිසා එසේ අණදීම එසේ ප්‍රජාව වෙත සිදුකල යුතු දෙයක් දැයි මොරටුව සහකාර පොලිස් අධිකාරී තුමා විමසා බැලිය යුතුය .
කොසේ වෙතත් මෙසේ මෙම වෙළදුන්ගේ පලතුරු පටවාගෙන නගර සභාවට ගෙනගොස් අතීතයේ පාලනයක් විසින් ද ඒවා කපා භුමිතෙල් දැමූ අතීතයක් ගැනද කියවෙනා බැවින් මෙහිදී පුරෝගාමියා නීතිය හා මානුෂකත්වය පටලවා නොගන්නේය . විශේෂයෙන් මෙයද නීතියට අනුව යැයි මොරටුවේ වඩු මඩු වලට නඩු පැවරීම හා සම වන නැති ප්‍රශ්ණ රාශියක් ඇති වන්නේ මෙවැනි ෆේස්බුක් වලි නිසාමය .
නමුදු නීතිය ඉටු කිරීම පිළීබඳව මේ කුඩා දරුවන් ගැන සිතා යැයි පුරෝගාමියා නොපවසන්නේ නීතිය යනු මානුෂීයව සිතා ක්‍රියාත්මක කල හැකි දෙයක් නොවනා නිසාමය
නමුදු නීතිය මෙය යැයි පෙන්වා එය අතීතයේ මෙන් එක් එක් පුද්ගලයාට එක් එක් අයුරින් ක්‍රියාත්මක වෙන්නේ නම් මෙතැන් සිට සැබවින්ම පුරෝගාමියා ඒ පිළීබදව අවදියෙන් සිටිනා බව මෙහි වගකිවයුතු හැමට පුරෝගාමියා මෙසේ අවධාරණය කරනු ලබන්නේය .




Be the first to comment