මොමනස විපක්ෂය ඡන්දයක් ඉල්ලා උදාහරණ කොට දැක්වූ පොදු විපක්ෂයේ සමගිය ඇසිල්ලකින් සර්වජන ප්‍රකාශයෙන් ලප් තැනම ලොප් වෙයි ? බෑ බෑ කිව්වට පරාද කරන්න බෑ ! නගරාධිපති මහත් ප්‍රමෝදයෙන් සභාවට පවසයි !

මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රී සංයුතිය සංඛ්‍යාවෙන් පාලක පක්ෂයේ හා විපක්ෂයේ 26 දෙනා බැගින් සම වන්නකි . මෙතෙක් පාලක පක්ෂය වූ මාලිමාවට වසරක් ගතවීත් අභියෝගයක් නොවූ පොදු විපක්ෂය තුල අනියමින් මාලිමාවට සහය දක්වනා බවට ඇතැම් දේශපාලන පක්ෂයන්හි මන්ත්‍රීවරුනට විපක්ෂයෙන්ම නැගුණු චෝදනාවක් වූ නිසාදෝ පාලක පක්ෂයෙන් ද විපක්ෂයේ සමගියක් නැති බවට වූ නොයෙක් ප්‍රකාශයන් අනුව ද පොදු විපක්ෂයෙන් ඔවුනට අභියෝගයක් ඇති නොවන බවට වූ මහත් විශ්වාසයෙන් ඔවුන් ක්‍රියා කලෝය .

මොරටුව මහා නගර සභාවේ සැප්තැම්බර් මාසය සඳහා වන මාසික රැස්වීම ඊයේ දිනදී පැවැත්විණ . එහිදී ජාතික ජන බලවේගයේ එක් මන්ත්‍රීවරයෙක් විදෙස් ගතවී තිබීම නිසා මෙවර පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව වූ 26 ට වඩා එක් මන්ත්‍රීවරයෙකුගේ අඩුව නිසා 25 දෙනෙකු විය  .

මේ නිසාම විපක්ෂය විසින් ඉඩම් කමිටුවේ සාකච්ඡා තර්ක විතර්ක අවසානයේ චන්ද විමසුමේ දී වෙනත් දිනවලදී විපක්ෂ නායක සේනක දමයන්ත මහතා නැගී සිටිමින් විපක්ෂයේ එම කමිටු වලට පක්ෂ හා විපක්ෂතාවයන් ප්‍රකාශකරනු වෙනුවට මේ පිළිබඳව පොදුවේ ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය .

සැබවින්ම ප්‍රතිපලය ඡන්දයට පෙරම ප්‍රකාශ කල හැකි තරම්ම සරළ විය . එනම් මෙසේ විණි නම් සැබවින්ම පාලක පක්ෂය වූ ජාතික ජන බලවේගය එයින් පරාජය වන බව පැහැදිලි වූ නිසාය .

මේ පිළිබඳව තම අදහස ප්‍රකාශ කල මුලසුන හෙබවූ මොරටුව මහා නගර සභාවෙ නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතා මහත් සංයමයෙන් යුතුව මෙසේ මෙම කමිටුව පරාජය කිරීමට විපක්ෂය විසින් ඡන්දයක් ඉල්ලීම කිසිසේත් මෙම කමිටුවේ වැරදි හෝ වෙනත් ගැටලුවක් නිසා හෝ තම පාලනයේ වරදක් ඉස්මතු කරමින් විපක්ෂය විසින් සිදු කරනා ක්‍රියාවක් නොව මන්ත්‍රී සංයුතියේ අඩුව දැන සිදුකරනා ක්‍රියාවක් බව පැහැදිලි කලේය .

නමුත් තම අභිප්‍රාය සැම විටම කුමන තර්ක විතර්ක හමුවේ වුවද හැමවිටම සුහදතාවය වර්ධනය වන ආකාරයේ බවද පේනවා දෙමින් ඒ පිළිබඳව බොහෝ උදාහරණද ගෙනහැර දැක්වීය .

මෙහිදී ඊට පිළිතුරු දුන් විපක්ෂ නායක සෙනක දමයන්ත මහතා නගරාධීපතිවරයාගේ සුහදතාවය කෙසේ වුවත් පාලක පක්ෂය වූ මාලිමාවේ ඇතැම් මන්ත්‍රීවරුනගේ ක්‍රියා කලාපයන් ගෙනහැර දක්වමින් නගරාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් වන සුහදත්වය එම ක්‍රියාවන්හි ගැබ් නොවනා බව පෙන්වා දුන්නේය .

ඒ අනුව නැගී සිටි සුජිත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයාද නගරාධිපතිවරයා සේ නොව තම විපක්ෂ මන්ත්‍රීන් වෙතින් යොමුවන කිසිදු වටිනා යෝජනාවක් ක්‍රියාත්මක වන්නට නොදෙමින් පාලක පක්ෂයේ ඇතැමුන් ක්‍රියා කිරීම නිසාම සදා බලයේ සිටිය නොහැකි බවට වූ උදාහරණයක් සේ මෙය පෙන්වා දිය හැකි බව ප්‍රකාශ කරමින් නමුත් මෙම පාලනය බිඳ දැමීමට ක්‍රියා කිරීමක් නොවනා නමුදු මෙම උදාහරණය සියල්ලෝ අමතක නොකරනු ඇතියි යන්න තම බලාපොරොත්තුව බවද   පැවසීය .

මේ පිළිබඳව තම අදහස දැක්වූ ඔසඳ අබේකෝන් මන්ත්‍රීවරයාද අද පාලක ඔබලා විසින් නම්පට බැඳි සුන්බුන් විපක්ෂය නොබිඳෙමින් එක්ව හිඳිනා බව ද පෙන්වා දුන්නේය .

මේ අනුව සියලු අදහස් වලින් කියැවුණ මෙසේ ඇතිවූ තත්වය නගරාධිපති හා විපක්ෂය වෙතින් පැහැදිලි වීම අවසානයේ හොදයි එහෙනම් ඡන්දයක් ගන්නවාද යැයි නිශාන්ත ප්‍රදිනාන්දු නගරාධිපතිවරයා විමසූ විට විපක්ෂ නායක සේනක දමයන්ත මහතා විසින් මෙය පාඩමක් ලෙස ගනිමින් ක්‍රියාකරැන්නැයි ඉල්ලා සිටිමින් ඡන්දයක් නොගනිමින් පෙර සේම විපක්ෂ දේශපාලන පක්ෂ හි පක්ෂ විපක්ෂ තත්වයන් පැහැදිලි කලේය .

ඉන් අනතුරුවද එක් මන්ත්‍රීවරයෙකු විසින් වචනයක් දෙකක් හෝ මේ පිළිබඳව කතා කල යුතු යැයි පවසමින් ඉදිරිපත් වූ අතර එහිදී සර්වජන බලයේ මොරටුව ආසන සංවිධායක සමන්ත සිල්වා මන්ත්‍රීවරයා නැගී සිටියෙන් පෙර මන්ත්‍රීවරයා මදකට නැවතූ නගරාධිපතිවරයා සමන්ත සිල්වා මහතාට සභාව ඇමතීමට ඉඩප්‍රස්ථා ලැබ දුන්නේය .

එහිදී ඇතිවූ සිදුවීම පිළිබඳව පැහැදිලි කල සමන්ත සිල්වා මන්ත්‍රීවරයා seපෙර දිගු කාලයක පාලනයේ වියරු බව හා ඒකාධීපතිබව තමන් හොදින්ම අත්විඳි නිසා මෙදා නගරාධිපතිවරයාගේ අත්දැකීම් සහිත පාලනය පිළිබඳ තමා සතුටට පත්වන බවත් ඒ වෙනුවෙන් නගරාධිපතිවරයාට ස්තූතිය පිරිනමනා බවත් පැවසීය .

එසේම මෙදා මෙයට පොදු විපක්ෂය හා මෙම කරුණට පක්ෂ වුවද විපක්ෂයෙ ඇතැමුන් තම පෞද්ගලික වාසි සඳහා යම් අවස්ථාවක ක්‍රියා කරන්නේද එහිදී වත්මන් පාලනය බිඳ වැටීමක් සිදු වන්නේ නම් එහිදී තමන් නිශ්ෂබ්ද බව පවසමින් එහිදී ඔවුන් මාලිමා පාලනය ආරක්ෂා කිරීමට නිහඬ ව සිටින්නේ එය මාලිමාවට පමණක් නොව මොරටුව ජනතාවටද එරෙහි වීමක් වන නිසා බවද පැවසීය .

මේ අනුව ඡන්දයක් ඉල්ලා උදාහරණ කොට විපක්ෂය ජයගත් ලෙසින් වූ සිදුවීමකින් පොදු විපක්ෂය මාලිමාවට උදාහරණ කොට දැක්වූ සමගි සම්පන්න බව කියූ විපක්ෂය තුල තවමත් ඇති බෙදීමද මෙම ප්‍රකාශයෙන් හෙළිදරව් වූ අතර එම සියලු ප්‍රකාශයන් අවසානයේ මොරටුව නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතා මහත් ප්‍රමෝදයෙන් යුතුව බෑ බෑ පරාද කරන්න බැහැ පරාද කරන්න බැහැ යනුවෙන් පැවසූයේ ඇයිද යන්න වටහා ගැනීමට පුරෝගාමියා සිතනා ලෙසින් මොලේ කළඳක් හෝ ඇති කිසිවකුට නොහැකි වන්නේ නම් නැත .

( මොමනස විසින් පුරෝගාමියාට වාර්ථාකිරීමට අවසර ඉල්ලා නගරාදිපතිවරයාට ලිපියක් යොමු කොට මාස හතරක් ගත වෙද්දීත් අවසර තබා එම අවසර ඉල්ලූ ලිපියට තවමත් මීක් නොකීම නිසා පුරෝගාමියා මහජන ගැලරියේ සිට මතක මත පිහිටා වාර්ථා කිරීමක් බව කරුණාවෙන් සලකන්න )

පුරෝගාමියා

Be the first to comment

Leave a Reply