
හොඳම දේ දරුවන්ටය ! ව්ලැඩිමියර් ලෙනින් ගේ ප්රකාශය අනුව යමු ! නමුදු එසේ නොයමින් මොරටුවේ පෙර පාලනයන් තුලින් විල්ලෝරාවත්ත ක්රීඩාංගණයක කෙළවරෙහි ගඟට යාබදව සර්පයින් හා උරගයින් ද කුණු ඇලක් ගලා බසිද්දී එමගින් වන අනතුර හා මදුරු ගහණයෙන් වන අනතුරද නොතකා හරිමින් දැයට පිපෙන මල් නම් වූ මොරටුව මහා නගර සභාවේ එක් පෙර පාසලක් පිහිටුවා තිබුණි .
එය එතැනින් මුදවා අපේ කුඩා දරුවන්ට ආරක්ෂිතව නැණ නුවණ වඩන්නට දැයට පිපෙන මල් පෙර පාසැල දැන් විල්ලෝරාවත්තේම පෙර තිබූ ගොඩනැගිල්ලෙහි ම යලි පිහිටුවීමට මූලික වූ මාලිමාවේ මන්ත්රීන් දෙපළට හා ඒ සදහා දායක වූ සියල්ලනට පුරෝගාමියා තුති පුදන්නේ සැබවින්ම හොඳම දේ දරුවන්ට බව අදහනා නිසාමය
මෙම පෙර පාසලෙහි මොරටුවේ පවතින සියලු පෙර පාසල් හි මෙන්ම අපේ දරුවනට ඇවසි සියලු දේ ආදරය සමගින් ලැබෙනා අතර අපගේ දෙමාපියන් තුල පෙර තිබූ නොයෙක් බිය පහකර ගනිමින් මෙම දැයට පිපෙන මල් පෙර පාසලට ඔබේ දරුවාද ඇතුලත් කරනා ලෙසින් එහි මුල් ගුරුතුමිය විල්ලෝරාවත්ත ප්රදේශවාසීන්ට ඇරයුම් කරයි .
මොරටුව මහා නගර සභාවෙන් ඔවුන් වෙත නොයෙක් අයුරින් පහසුකම් සපයනා අතර මේ පිළිබඳව පැහැදීමෙන් පුරෝගාමියාද මොරටුව මහා නගර සභාවේ නගරාධිපතිවරයා ප්රමුඛ එම සියල්ලනට තම ස්තූතිය පුදකරනු ලබයි !




Be the first to comment