සත්‍යය වලලා බොරු පච ප්‍රශස්ථි මාධ්‍යකරණයේ බඩගෝස්තරවාදය ? මේවා නිවැරදි කල යුතුම නැත ! ඔවුන්ගේ අනන්‍යතාවය එයයි !

පත්තර කාරයෙක් තවත් පත්තර කාරයෙක්ට හෝ පත්තරයක් තවත් පත්තරයකට පහර දෙන්නේ නැති බව අවසන් වරට මට ඇසුනේ සුනිල් මාධව ප්‍රේමතිලක සහෝදරයාගේ හිරු පුවත් පතෙහි සේවය කරනා කාලයේය .

එය එක් අයෙකුගෙන් නැගුණ පසු අපි අඩියක් ගහනා තැනක එය එසේ නොවිය යුතු බව මා පෙන්වා දෙන්නට පෙරම එය කියූ සැණින්ම ඇත්තනේ බං බඩගෝස්තරේට සත්‍යය වලදාන මොකාටත් එය එසේ විය යුතු බව ම කීවේ ද මගේ පරමාදර්ශියා වූ ඔහුය .

එය හැමදා එදා සේම අදත් වලංගු වන්නේ කවදත් සත්‍යය වලලා බොරු පච ප්‍රශස්ථි මාධ්‍යකරණයේ බඩගෝස්තරවාදය සියලු තැන්හි වරදාන වරප්‍රසාද ලබමින් රටේ හා මොරටු පුරයේ පොදු ජනතාවගේ ඔලු කන නිසාය .

ජාතික පුවත්පතක හෙළිදරව් වූ අමුම අමු ගජබින්නාලංකාරය!

එනිසාම මෙසේ මොරටුව මහා නගර සභාවේ අවසර ලබා ඇති ඇතැම් මාධ්‍යවේදියෝ අතර සිතා මතා හෝ ( පෙනෙනා අන්දමට කිසිත් නොසිතා ) හිතට එන දේ අකුරු කරමින් මෙසේ පච වදා ප්‍රශස්ථි ගැයුම නම් යලි නොකල යුතුමය ! මේ ලංකාවේ වඳ කොත්තු වඳ ජංගි වලින් ජාතිය වඳ කතා යන ගජ බින්නය ඇද බෑ ජාතික යැයි කියා ගන්නා එක ජාතියක පුවත්පතක මොරටුව මහා නගර සභාවේ රැස්වීම් වාරයක් පිළිබඳව පල කර ඇති මහා ගජබින්නාලංකාරයයි ?

මොරටුවේ ජනතාව ගොනාට ඇන්දවීමේ පහත් මාධ්‍ය සදොස්භාවය!

සැබවින්ම මාධ්‍ය වේදියකු ලෙස නොව මනුස්සයෙකු ලෙස මා එම මහත්මයාගේ නම මෙසේ මෙහි වසා ඇතත් ඉතා කරුණාවෙන් හා දැඩි වුවමනාවෙන් ඉල්ලා සිටින්නේ අපි බොහෝ කලක් පත්තර කාරයෝ ම වන නිසා යලිත් මෙවැනි අමු මුසාවාද ගෙඩි පිිටින් මොරටුව ජනතාවට වැළදීමට නොපලකරනා ලෙසය . මෙහි පලවන එම ප්‍රකාශ එම මන්ත්‍රීවරුන් විසින් සිදුකල ඒවා නොවනා අතර මෙහි උදෘතයද එසේ කීවා නොකීවා එය සැබෑවක් සේ නම් එදා හා අද ඇසෙනා දේශපාලන පච කන්දරාව නිසාම මොරටුව ජනතාව නොගනිති .

නගරාධිපති පිම්බීමට ගොස් නොසිතූ අයුරින් අපකීර්තිය උරුම කිරීම!

නමුදු අප දන්නා නිශාන්ත ප්‍රදිනාන්දු වත්මන් නගරාධිපතිවරයා එසේ පිම්බෙන්නට මාන බලනා කිසිවෙකුට කියා හෝ හුළං ගසා ගන්නා අයකු වන බවක් තවමත් නොදිස්වන නිසාම මෙසේ උඩ දැමීමට යාමෙන් වන්නේ උඩ දමනා එකා නොව නිරපරාදේ ඔහුට වන අපකීර්තියක් වේදනාවක් බවට එය පත් වීමය .

හැන්සාඩ් වාර්තාවල අමු අමුවේ සිදුවන විකෘති කිරීම්!

මොරටුව මහා නගර සභා ආඥාපනතේ හා මොරටුව මහා නගර සභා සම්ප්‍රදායේ පිහිටා සිට මෙදා ප්‍රසිද්ධවන හැන්සාඩ් වාර්ථාව පවා සැබෑ සත්‍ය යෙන් තොර බවට මොමනස මන්ත්‍රීන් වෙතින්ම චෝදනා නැගෙනා බැවින් ද එය මොරටුව මහා නගර සභා වෙබ් අඩවියට උඩුගත කරන්නේ අදාල අංශය විසින් හිතුනොත් විතරක් වන න්‍යායෙන් වන නිසාද මෙසේ පච වැපිරීමෙන් මෙම පුවත්පතෙන් සිදු කරන්නේ මොරටුව ජනමන රවටා විනාශ කිරීමක් වන නිසාම යලිත් මෙවන්ව ඔබේ හිතලු සත්‍යයන් ලෙසින් ප්‍රසිද්ධ පුවත් පතකින් දැක්වීම නොකල යුතු බව මෙසේ මොරටුවේ පුරවැසියෙක් ලෙස මහත් කරුණාවෙන් මෙසේ සිහිපත් කරන්නෙමි .

ජරාව කන බඩගෝස්තරවාදය  කෙලෙසන අතීත පත්තර කලාවේ ගෞරවය!

ඌරු කටකුයි බූරු පිටකුයි පත්තර කාරයෙකුට තිබිය යුතුමැයි කියවෙන්නේ කාගෙන් හෝ ජරාවක් කා බල්ලන් සමග නිදි වැදීමට නොව බඩගොස්තර වාදයට නොයා එදා අපේ රටේ පත්තර කාරයෝ පදික වේදිකාවේ පවා නිදියමින් ගවේශණශීලී පුවත්පත් කලාවක මහත් ගෞරවයෙන් නිරත වූ නිසාමය .

සත්‍ය වසන් කරන අයට මහජන ගැලරියේ සිට පුරෝගාමියාගෙන් ලැබෙනා අනතුරු ඇඟවීම!

එනිසාම මෙසේ අගුලානේ නැති ලමා උයනක් මවමින් එම මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කලා යැයි කීමද එම මන්ත්‍රීවරයා කී ප්‍රකාශයක් වෙනත් මන්ත්‍රීවරයෙක් කී ලෙසද සටහන් කිරීම අතපසුවීම් නොවනා බව සැබෑවක් වන නිසාමත් මොරටුව මහා නගර සභාවේ ද මෙසේ විකෘති කිරීම් හැන්සාඩ් වාර්තාවෙ පවා සිදුවන නිසාද ඔවුන්ගේ ආරක්ෂාව පතා යැයි දැන් බොහෝ මන්ත්‍රීවරන් එම අවස්ථාවන් වීඩියෝ හා ඕඩියෝ ගත කරනා නිසාද සැබවින්ම මෙසේ වූ කල එයින් අවමන් අපහාස සිදුවන්නේ එම වරද සිදුකල අයට පමණක් නොව එසේ නොවන්නට වග බලා ගන්නා මොමනස රැස්වීම ආවරණයට අවසර ඇති නිල සේ ගැනෙනා සියලු දෙනාටමය .

එනිසාම මෙවන් ව මහාප්‍රාණ වැරදි කිසිසේත් මොරටුවේ පුරෝගාමියා නොයිවසන බව මෙසේ දැනුම් දෙන්නේ මොරටුව මහා නගර සභාවේ රැස්වීම් ආවරණයට තවමත් මාස 3 ක් තිස්සේ අවසර නොදීම නිසාම මහජන ගැලරියේ සිට රැස්වීම නරඹන හා වාර්තා කරනා ම නිසාදෝ පහත නිල ලත් තැනට පෙනෙනා ඇසෙනා දේට වඩා මහජන ගැලරියේ පුරෝගාමියාට සියල්ල හොදින් පෙනෙනා හා ඇසෙනා නිසාම බවද හැමටම මෙසේ සිහි ගන්වමිනි !

පුරෝගාමියා

 

Be the first to comment

Leave a Reply