
මොරටුව විවිධසේවා සමූපකාර සමිතියේ පාලන බලය හෙබවූයේ මොරටුව සමගි ජනබලවේගය පුමුඛ පොදු විපක්ෂය මගින් වෙයි .
ඒ අනුව ඔවුන් එහි සභාපතිවරයා ලෙසින් තිසර මෙන්ඩිස් මහතා පත්කරනු ලැබුවේය .
නමුදු වසරක් වැනි කාලයක් එතුල එම සමගි ජනබලවේගයේම කණ්ඩායම තුලම නොයෙක් හැලහැප්පීම් හා ප්‍රශ්ණ මතුවී එය අධිකරණ නියෝග ලබා ගැනීම දක්වාම වූ අර්බුදයක්ව ඊයෙ දිනදී එම සමගි ජනබලවේගයේ මොරටුව ආසන සංවිධායකවරයා වූ සේනක දමයන්ත මහතා ප්‍රමුඛව එහි බහුතරයක් විසින් ඔවුන්ම පත්කරනු ලැබූ තිසර මෙන්ඩිස් මහතා මූලිකව විශේෂ මහසභාවාරයක් පවත්වා විශ්වාස භංගයක් ගෙනවිත් ඔහුව හා එම අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරමින් නව සභාපතිවරයා ලෙස කාර්ලෝ ප්‍රනාන්දු මහතාව හා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරගනු ලැබීය .
මෙම තත්වය ඊයේ දිනදී පුරෝගාමියා විසින් වාර්තා කරන ලද අතර එනිසාම මේ පිළිබඳව ඒක පාර්ශවීය නොවෙමින් ජනතාවට මෙම කරුණු සමව වාර්තා කල යුතු නිසාද අද දිනදී පුරෝගාමියා විසින් මොරටුව විවිධ සෙවා සමූපකාර සමිතියේ හිටපු සභාපතිවරයා වූ තිසර මෙන්ඩිස් මහතාගෙන් මෙ පිළීබඳව විමසූ කරුණු මෙසේ පලකරනු ලබන්නේය .
මේ සමගම එහි හිටපු අධ්‍යක්ෂක වරයෙකු වූ රංජිත් ප්‍රියලාල්ද මැල් මහතාද මෙම තත්වය පිළිබඳව ඔහුගේ අදහස් ද පල කල අතර එයද පුරෝගාමියා විසින් ඉක්මණින් මෙහි පල කරනු ලබන්නේය .
මෙම සියලු අදහස් හි වගකීම ඔවුන් සතුවන අතර පුරෝගාමියා තම මාධ්‍ය මෙහෙවර තුල හැමට සමාන අයිතියට ගරු කරමින් මෙසේ එම වීඩියෝ වාර්ථා පලකරනු ලබන්නේය .




Be the first to comment