විශ්වාස භංගෙට හේතුව එයාලා ඉල්ලූ දේවල් නොදීමයි ? මේකෙ කලින් ලක්ෂ 50 හොරකම් වෙලා තියෙනවා කෝ පරීක්ෂණ ? හිටපු අධ්‍යක්ෂක රංජිත් ප්‍රියලාල් ද මැල් මහතා

සමගි ජන බලවේගයේ පාලනයට නතුව තිබූ මොරටුව විවිධ සේවා සමූපකාර සමිතියේ එම පක්ෂ කණ්ඩායම හා ඒකාබද්ධ විපක්ෂයේ සහයෙන් පත්කල සභාපතිවරයාව පෙරේදා දිනදී විශේෂ මහා සභාවක් පවත්වා විශ්වාස භංගයක් ගෙනවිත් ඉවත්කර දමා නව නිලධාරී මණ්ඩලයක්ද පත්කර ගනු ලැබීය

මේ පිළිබඳව විමසීමට පුරෝගාමියා එහි හිටපු සභාපතිවරයා වූ තිසර මෙන්ඩිස් මහතා හමුවූ විට ඔහු විසින් විශ්වාස භංගයෙන් ඉවත් කරනා ලද සමූපකාරයේ අධ්‍යක්ෂක මන්ඩලයේ සිටි රංජිත් ප්‍රියලාල් ද මැල් මහතාවද කැඳවා තිබුණි . එහිදී ඔහු විසින් පුරෝගාමියා වෙත මෙසේ කරුණු ඉදිරිපත් කරනා ලැබුයේය .

රංජිත් ප්‍රියලාල් ද මැල් මහතා විසින් පෙර සමූපකාර පාලනයන් තුලදී බොහෝ විශාල දූෂණ සිදුව ඇතැයි ද ඒවා ගැන කිසිදු පරීක්ෂණයක් නැතැයිද පැවසූ අතර වත්මන් සභාපති තිසර මෙන්ඩිස් මහතා සියල්ල නීතයානුකූලව ඉටු කරමින් මොරටුව විවිධ සේවා සමූපකාර සමිතිය ණය බරින් මුදවමින් ලාභ ලබනා ආයතනයක් බවට පත් කරමින් සිටියදී මෙවන් සිදුවීමක් වීම සැබවින්ම සමූපකාර කොමසාරිස් වරයාගේ පාර්ශවයෙන්ද සිදුවූ අඩුපාඩුවක් බව පුරෝගාමියාට පැවසීය .

Be the first to comment

Leave a Reply