
පංච ශීලයෙහි පිහිටුවා ඇරඹි ගුණ සැමරුමෙහි ජාතික ගීය වාදනයේ ගෞරවය හා විරුවන් සිහිකිරීමේ නිශ්ශබ්දතාවයද ඊට එක්විය
වීර පුරන් අප්පුගේ ඥති පුත්‍රයක් වන චන්දන ප්‍රනාන්දු මහතා වීර පුරන් අප්පුගේ යැයි කියනා කගපත ඔහු ගේ පිළිරුව පාමුල තබා ගෞරව දැක්වීය
සම්ප්‍රදායනුකූලව පහන් සිළු දල්වා ආරාධිතයෝ ගුණ සැමරුම හා එක්වූහ
වීර පුරන් අප්පු පරපුරේ අපි සංවිධානයේ සභාපති සුරේෂ් ඉන්දික මහතා පිළිගැනීමේ කතාව සිදු කලේය
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජ්‍ය අගලකඩ සිරිසුමන නායක ස්වාමීන් වහන්සේ වීර පුරන් අප්පු පිළිබඳව ආරාධිත දෙසුම පැවැත්වූහ .
ගරුතර සංඝරත්නය ප්‍රමුඛව මොරටුව නගරාධිපති කේ ඩී නිශාන්ත ප්‍රදිනාන්දු මහතාද ප්‍රතිපක්ෂ නායක සේනක දමයන්ත මහතාද මොරටුව ප්‍රාදේශිය ලේකම් සමන් කිරිවත්තුඩුව මහතාද මොරටුව මූලස්ථාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතාද මොරටුව හිටපු නියෝජ්‍ය නගරාධිපති සමන්ත සිල්වා මහතාද මොරටුව මහනගර සභාවේ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන්ද මොරටුව ප්‍රදේශයේ තවත් බොහෝ ගරුකටයුතු මහත්ම මහත්මීන් ද මොරටු පුත්‍රයෙකු වන වීර පුරන් අප්පු සැමරුමට සහභාගිවී සිටියේය .
එසේම හිටපු අමාත්‍යවරුන් වන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතාද හිටපු රාජ්‍ය ඇමතිවරයෙකු වූ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාද විශේෂ ආරාධිතයින් ලෙසින් මෙම ගුණ සැමරුමට සහභාගී වී සිටියේය




Be the first to comment