වීර පුරන් අප්පුලා සිය ගණනින් ඇවසි යුගයක් මේක ? මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රී සුරේශ් ඉන්දික මහතා

178 වන විර පුරන් අප්පු ගුණ සමරුව 2006 අගෝස්තු 08 සවස 3.30 ට ලුනාව දුම්රියපල ඉදිරිපිට බුදුපිළිමය අසලදී පැවැත්වෙනබව බව මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රී සුරේශ් ඉන්දික මහතා පුරෝගාමියාට පැවසීය .

පසුගිය වසරේ තමා පමණක් මූලිකව මෙම ගුණසමරුව සංවිධානය කලද මෙවර තවත් මන්ත්‍රීවරුන් මේ හා සම්බන්ධව ඊට ඔවුන්ගේ උපරිම සහාය ලබා දෙන බවද පවසයි ….

වීර පුරන් අප්පු ගුණ සමරු මොරටුවේ නොයෙක් කණ්ඩායම් විසින් සංවිධානය කලද ඔහු උපන් උයන ප්‍රදේශයේ මෙවන් විරු සැමරුමක්  සිදු කිරීම විශේෂයක් බවද ඔහු පවසයි .

මේ ගුණ සමරුව ට වීර පුරන් අප්පු විරුවාගේ ඥාතීන්ටද මොරටු පුරයේ අනෙක් සියලු යුක්ති ගරුක සෑම සියලු දෙනාටම එදින එම වේලාවට මෙම ගුණ සමරුවට සහභාගී වන්නැයි ආරාධනා කරනා බවද ඔහු පැවසීය .

මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රී සුරේශ් ඉන්දික මහතා පුරෝගාමියා හා සිදුකල එම විස්තර ඇතුලත් වීඩියෝව මෙසේයි ….

Be the first to comment

Leave a Reply