“මාලිමාවට දැනෙනකොට ‘බබා හම්බවෙයි’ – මොරටුවේ පොදු ප්‍රවාහනයේ ඛේදවාචකය – මොරටුවේ මගීන් ලතවන ඉරිදා සහ පෝය දින ප්‍රවාහන අර්බුදය !

ජනතාවගේ මූලික අවශ්‍යතා සැපැයීම රජයක වගකීම වන අතර, ආහාර මෙන්ම ප්‍රවාහනයද එසේය. මොරටුව කොතරම් ජනාකීර්ණ නගරයක් වුවද, එහි සිට බොහෝ ගම්වලට ඉරිදා හා පෝය දිනවලදී පොදු ප්‍රවාහන සේවය නිසි පරිදි නැත. මේ මගේ අත්දැකීමෙන්ම ලද මොහොතක ලියමි.

මා තොරතුරක් ලබා ගැනීමට ඉදිබැද්දේ සිට මොරටුවට යන්නට ඉදිබැද්ද බස් නැවතුමට ගියෙමි. එහි සිටින අය පවසන්නේ අද දින වැඩ කරන්නේ එකම එක ලංගම බස් රථයක් පමණක් බවය. දැන් වෙලාව සවස 5.39 කි; මේ එනු ඇත්තේ අවසාන ලංගම බස් රථය විය යුතුය. අතීතයේ උදෑසන 5.30 සිට රාත්‍රී 10.30 දක්වා බස් සේවයක් තිබූ ඉදිබැද්ද බස් මාර්ගයද අද ළාභයම මුල් කරගනිමින් එම සේවයෙන් ගැලවී ඇත. මේ පිළිබඳව කියන්නට කෙනෙක් නැත. පෞද්ගලික බස් සේවාවන් ව්‍යාපාරික වන බැවින් ඔවුන් ලාභයම මිස වෙනත් කිසිවක් නොතකයි; නමුදු දැන් රජයේ ලංගමයද යන්නේ ඒ පාරේමය.

මොරටුවේ මහා නගර සභාවේ මහජන නියෝජිතයෝ 52 දෙනෙක් සිටිති. නොයෙක් ගම්වල වන මෙම පොදු අවශ්‍යතා පිළිබඳව ඇතැම් මන්ත්‍රීන් මහා සභා රැස්වීමේදී යෝජනා ඉදිරිපත් කළ බවද සැබෑය. එහෙත් මෙය එක් ගමක් වෙත නොව, නිවාඩු දිනවලදී අඩුම තරමින් පෞද්ගලික හා ලංගම බස් සේවාවන් දුප්පත් මිනිසුන් ගැන සිතා පීඩාවට පත් නොවනා ක්‍රමවේදයකට ධාවනය කිරීමට මොරටුවේ ජනතා ඡන්දයෙන් පත්වූ වගකිවයුත්තෝ පියවර ගත යුතුය.

ඉදිබැද්දේ සිට මෙවන් නිවාඩු දිනක ත්‍රිරෝද රථයකින් මොරටුවට යන්නට සිදුවුවහොත් අවමයෙන් රුපියල් 350ක් වැයවේ. එනයින් බැලූ කල ගොස් එන්නට රුපියල් 700ක් යන අතර, එය දුප්පතාට වේලක් දෙකක් කන සල්ලියකි.

අප සිතා සිටියේ පොඩි මිනිහා ගැන එදා පපුව ගලවා අතට දෙන්නට තරම් වේදනාවකින් මෙන් කතා කළ ජවිපෙ ප්‍රමුඛ මාලිමාවේ පාලනයන් මෙවන් දුප්පතාගේ දැඩි පීඩනයන් සඳහා නිසි ක්‍රියාමාර්ග ගනියි කියාය. නමුදු ඒ කිසිවක්ම සිදුවන බවක් නොපෙනෙන බව මේ කියන්නේද ලද අත්දැකීමේ පීඩනය නිසාමය.

මේ ගැන බසයක් එනතුරු බස් නැවතුමේ බලා සිටින ස්ත්‍රියක් පැවසුවේ මෙලෙසය:

“මං ඇවිත් දැන් පැයකට වැඩියි. බස් එක මොරටුවෙන් එන්න ඕනාලු? එතකොට බබා හම්බවෙයි!”

සැබවින්ම මේ කියා දෙන්නේ බසය එනවිට බබා හම්බවනවා යන කතාව නොවේ. මේ බලයේ සිටින පාලකයන් මේ වැනි පීඩනයන් පිළිබඳව අවධානය යොමු කරවා සහනයක් දෙන දිනය නම් බබා හම්බුවුවද ජනතාවට හම්බු නොවනා බවකි. නමුත් මෙසේ වන කල ඉදිරි මැතිවරණයකදී නම් ජනතාව මේ පාලනයට බබා හම්බු වෙන තරමේ සබ්බුවක් දෙන බව නම් පැහැදිලිය.

“When it dawns on the NPP, the baby will be born” – The Tragedy of Moratuwa’s Public Transport: The Sunday and Poya Day Transport Crisis Faced by Moratuwa Commuters

Providing basic needs is the responsibility of a government, and transport is just as essential as food. Despite Moratuwa being a densely populated city, adequate public transport services are missing from the city to many surrounding villages on Sundays and Poya days. I am writing this at this very moment, based on my own firsthand experience.

I went to the Iddibedda bus stop to travel to Moratuwa to obtain a piece of information. Those present at the stop said that only a single SLTB (Sri Lanka Transport Board) bus was operating today. It is now 5:39 PM, and this must be the final SLTB bus of the day. The Iddibedda bus route, which in the past maintained a regular service from 5:30 AM to 10:30 PM, has today abandoned that service purely driven by profit motives. There is no one to voice concerns about this. While private bus services are commercial enterprises and care for nothing other than profit, even the state-owned SLTB is now following the exact same path.

There are 52 public representatives in the Moratuwa Municipal Council. It is true that some council members have raised proposals during general meetings regarding these common community needs scattered across various villages. However, the elected authorities of Moratuwa, chosen by the people’s votes, must take steps to ensure that this is not just about a single village—at least on holidays, both private and SLTB bus services should operate in a way that prevents poor people from being subjected to such hardships.

If one is forced to travel from Iddibedda to Moratuwa by a three-wheeler on such a holiday, it costs a minimum of 350 rupees. Consequently, a round trip costs 700 rupees, which is enough money for a poor person to afford a couple of meals.

We had expected that the JVP-led NPP administration, which once spoke with such anguish as if tearing out their chests for the common man, would take proper action against the severe hardships faced by the poor. Yet, the reason I say none of this is happening is due to the frustration born of this very direct experience.

Regarding this situation, a woman waiting at the bus stop for a bus remarked:

“I’ve been here for over an hour. They say the bus has to come all the way from Moratuwa? By that time, the baby will be born!”

In truth, this is not a literal story about a baby being born when the bus finally arrives. It signifies that the day these rulers in power pay attention to such hardships and provide relief is a day that won’t happen even if a baby is born to the people. But under these circumstances, it is painfully clear that at a future election, the public will give this administration a fitting lesson (“sabbuwak”) of epic proportions—one that will make them feel it just as vividly.

Be the first to comment

Leave a Reply