සජබ පාලනයෙන්ම පත්කල සභාපතිව විශ්වාස භංගයකින් පන්නයි ? රතිඤ්ඤා පත්තු කර ඇවිත් සමගියක් නැති බවම ඔප්පු කල බව ත් එයද අනීතික බවත් මාලිමා කණ්ඩායම කියයි ? නව සභාපති කාර්ලෝ ප්‍රනාන්දු !

සජබ පාලනයෙන්ම පත්කල සභාපතිව විශ්වාස භංගයකින් පන්නයි ? රතිඤ්ඤා පත්තු කර ඇවිත් සමගියක් නැති බවම ඔප්පු කල බව ත් එයද අනීතික බවත් මාලිමා කණ්ඩායම කියයි ? නව සභාපති කාර්ලෝ ප්‍රනාන්දු !

බොහෝ දෙනෙකු මෙම උදෘතය දුටු විට සමූපකාරයේ දේශපාලනයක් නැතැයි කියනු ඇත .

නමුුදු එය අසත්‍යයක් බව දන්නෝ බහුතරයකි . අද දේශපාලනයක් නැති තැනක් ඇත්තේම නැත . පුරෝගාමියා එනිසාම දන්නා සත්‍යය මූලික කර මෙසේ ප්‍රකාශ කරුනු ලබන්නේය

මොරටුව විවිධසේවා සමූපකාර සමිතියේ නිලවරණ පවත්වා මහ.් උද්වේගයෙන් සභාපතිවරයෙක් පත්කර ගනු ලැබුවේ සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ කන්ඩායම විසිනි . නමුදු වසරක් පමණ ඉක්ම යද්දී එම කණ්ඩායමේ බහුතරයක් විසින්ම ඔවුන් පත්කරනු ලැබූ සභාපතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එමින් ඔහුව ඉවත් කර එම කණ්ඩායමේ නියෝජිතයෙකු වූ කාර්ලෝ ප්‍රනාන්දු මහතාව නව සංවිධායක වරයා ලෙසින් අද දිනදී පත්කරගනු ලැබීය

මෙසේ මෙම අවස්ථාවේම විශ්වාස භංගයක් ගෙන එමින් එය අවසන් වූ වහාම නව සබාපතිවරයේක පත්කර ගැනීම නීති විරෝධී බව මෙහි මාලිමාව හෙවත් ජාතික ජන බලවේගයේ කණ්ඩායම පවසයි .

බොහෝ උද්වේගයෙන් රතිඤ්ඤා පතුතු කරමින් ඔවුන්ම ගෙනා සභාපතිවරයාව වසරක් පමණ අවසන් වෙද්දී ඔවුන්ටම දූෂණ නිසා යැයි කියා පන්නන්ට සිදුවීම ඔවුන්ගේ සමගියේ තරම පේනවා දුන් තවත් අවස්ථාවක් බව මේ පිළීබඳව විමසූ විට මොමනස මන්ත්‍රී සුදේශ් ඉන්දික මහතා පුරෝගාමියා හා පැවසීය .

මෙවැනි තත්වයේ දේශපාලනයක් ඇති අයම තමන්ට මොරටුව සමූපකාරය පාලනය කරගන්නට පවා නොහැකි තත්වයක් තුල මෙදා අපිට පාලනයට රට දෙන්නැයි කීම ඇසෙනා බැවින් එය විහිලුවක් බව මෙම සිදුවීමෙන් මොරටුව ජනතාව වටාහාගනු ලැබ ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය .

මේ පිළිබඳව පුරෝගාමියාට අදහස් දක්වමින් ෙමොරටුව විවිධ සේවා සමූපකාර සමිතියේ මාලිමා කණ්ඩායම මෙහෙයවන්නා වූ  පියල් ජූඩ් ප්‍රනාන්දු  මහතා කියා සිටියේ  පාලන බලය හිමි ඔවුන්ම දෙපිලකට බෙදී  පහර දී ගන්නා අවස්ථාවක තමන්ට ඒ කිසිදු ගොඩකට ඈඳෙන්නට යුුතු නොවනා බැවින් ඒ සඳහා ඡන්දය දීමෙන් වැලකී පිටව ආ බවත් නමුදු මෙසේ අද දිනම නව සභාපතිවරයෙක් පත්කර ගැනීම නීත්‍යානුකූල නොවනා නිසාද තමන් ඒ ගැන කලින් දැනුවත්ව නොසිටි බැවින්ද එය අයුක්ති සහගත අසාධාරණ අනීතික ක්‍රියාවක් වන බැවින් ඒ පිළිබඳව තවත් විමසා බලා නීතයානුකූලව ඒ පිළිබඳව කටයුතු කිරීමට සිදුවන බවත්ය .

මේ පිළිබඳව පුරෝගාමියා හා අදහස් දැක්වූ මොමනස හිටපු නගරාධීපතිවරයෙක් වූ ලක්සිරි ගයාන් මෙන්ඩිස් මහතා පැවසූයේ කවුරුන් කෙසේ අර්ථ දැක්වූවද දූෂණයක් නොමනා පාලනයක් සිදු වේ නම් ඊට එරෙහිවීමට මිස දූෂණයට පක්ෂ වීමට තමන් මෙම තනතුරු නොදරනා බවත් ඒ නිසාම ජනතාව තමන්ව පත්කර එවා ඇති ඒ අරමුණ නිසියාකාරව ඉටු කරමින් මෙහි මූලිනයා ලෙසින් තනතුරු දරනා මොමනස ප්‍රතිපක්ෂ නායක සේනක දමයන්ත මහතා පෙන්වා දුන් කරුණු නිසාම මෙසේ තමන් මෙසේ ජයග්‍රහණය කරවනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදයම බවත් පැවසීය .

විශ්වාස භංගයෙන් පසුව නව සභාපතිවරයා ලෙසින් කාර්ලෝ ප්‍රනාන්දු මහතා පත්කිරීමට තම කන්ඩායම මෙහෙයවීමෙන් පසුව ජයග්‍රාහී ලීලාවෙන් පිටතට පැමිණි සේනක දමයන්ත මහතා මෙම කරුණු පැහැදිලි කරමින් තමන්ම පත්කල සභාපතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආවේ ඇයි දැයි මෙහිදී පැහැදිලි කලේය .

එහිදී පුරෝගාමියා විසින් මෙසේ විශ්වාස භංගය ගෙනා විටම යලිත් සභාපති වරයෙක් පත්කර ගැනීම නීති විරෝධී බව මාලිමා කණ්ඩායම ඔබගේ සමගි ජනබලවේගයේ කණ්ඩායමට නගනා චෝදනාවක් බව දක්වමින් ප්‍රශ්ණ කල අතර එයට පිලිතුරු දුන් සේනක දමයන්ත මහතා මෙම විශ්වාස භංගය ඉදිරිපත් කිරීමේ සිදුවීම වැලැක්වීමට මෙම හිටපු සභාපතිවරයා විසින් අධිකරණයෙන් තහනම් නියෝගයක් පවා ලබාගෙන තිබූ බවත් නමුත් තමන් විසින් එය දැන අධිකරණයට කරුණු දක්වා එයද ඉවත් කර මෙසේ සමූපකාර කොමසාරිස්වරයාගේ බලය ලත් නියෝජිතයා ඉදිරියේ මෙම සිදුවීම් සියල්ල ඉටු කල නිසා මාලිමාවේ ඔවුන් මේ සියල්ල දැන නමුත් නොදන්නා සේ මේ චෝදනා නගන්නේ අඩුම තරමේ ඔවුන්ට එදා සිටි ෙසාමාජික සංඛ්‍යයාව වත් අද දින මෙම අවස්ථාවට ගෙන්වා ගන්නට බැරි නිසා එය මාලිමාව අද ලබා ඇති තත්වය බවද පැහැදිලි කලේය .

ඔවුන් හැමවිටම සුන්බුන් විපක්ෂය සේ විපක්ෂය හදුන්වනු ලබනා නමුත් මේ දූෂණ හා පරිපාලන ගැටලු දුර්වලතා සත්‍ය ලෙසින්ම සොයා ඉදිරිපත් කල යුත්තේ අද සමූපකාරයේ විපක්ෂය සේ සිටිනා මාලිමාවේ ඔවුන් විසින් බවත් නමුත් තමන් පාලනයේ සිටියද දූෂණය කවෙරෙකු විසින් සිදු කරුනුයේද එය වලකාලීමට තමා ප්‍රමුඛ තම කණ්ඩායමට හැකි වූ බව පැහැදිලි කර ගැනීමෙන් මාලිමාවේ මෙවන් චෝදනා නිසා ඔවුන්ගේ මොලය පිළිබඳව ප්‍රශ්ණයක් මතුවන බව මොරටුව ජනතාව මෙදා මෙයින්ද හොදින් වටහා ගන්නා බවත් පැවසීය .

එම සියලු අදහස් මෙහි වීඩියෝ හි අන්තර්ගතය

  • පුරෝගාමියා –

 

Be the first to comment

Leave a Reply