මේක සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනතක් නෙමෙයි ? මේක ජනතාවට එරෙහි අපරාධයක් ! ….. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ආන්දෝලනාත්මක වගන්ති පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි

මෙම පනතේ අඩංගු ආන්දෝලනාත්මක වගන්ති පෙන්වා දෙමින් මේ සියල්ලට රටේ ජනතාව එරෙහිවිය යුතු බවද ඔහු පෙන්වා දෙනු ලබයි .

විශේෂයෙන්ම, අපරාධයක් සිදු කිරීමටත් වඩා යම් පුද්ගලයකුගේ “ආශ්‍රයට” දඬුවම් දිය හැකි පරිසරයක් මෙමගින් නිර්මාණය වන බවත් . පනතේ 4(2) වගන්තියට අනුව, යම් පුද්ගලයකු සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු දැයි තීරණය කිරීමේදී ඔහුගේ ඇඳුම් පැලඳුම්, අභිනය, ආශ්‍රය කරන පුද්ගලයන් සහ යන එන ස්ථානඅනුව එය තීරණය කිරීමෙන් ජනතාව සතු නිදහස සම්පූර්ණයෙන් මෙමගින් විනාශ කරනා බවද ඔහු පවසයි

මෙම තත්ත්වය යටතේ තරුණයන්, කොන් වූ ප්‍රජාවන්, විරෝධතාකරුවන් සහ ආණ්ඩු විරෝධී මතධාරීන් මෙම නීතියේ ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතින බැවින් මෙය නිසා ජනතාවට හිමවන නිදහස වැඩට ගොස් නිවසට පැමිණ ඔහෙ සිටිනවා හැරෙන්නට වෙන කිසිවක්ම නොවනා බවද ඔහු පෙන්වා දෙනු ලබයි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඒ පිළිබඳව පලකල අදහස් පුරෝගාමියා මෙසේ උපුටා පල කරනු ලබයි …..

Be the first to comment

Leave a Reply