
කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ‘ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට’ (PSTA) එරෙහිව ජන අරගල ව්යාපාරය / පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් පවත්වන ලද ඒ පිළිබඳව පත්රිකා බෙදීමේදී කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් යොදවා බාධා පැමිණවීම පිළිබඳව දුමින්ද නාගමුව සහෝදරයා මාධ්යයට සහ ජනතාවට දැක්වූ අදහස් මෙම වීඩියෝවේ අඩංගු වේ .
ඒ අදහස් අතර …. මෙම බාදා කිරීම පනතට පෙර මෙසේ නම් ඉන් පස්ව අත්වන තත්වය පිළබඳව කිවයුතු නොවනා නිසාම මුලු රටේම නිදහස අගයනා ජනතාව ඊට එරෙහි විය යුතු බව ඔහු පවසයි .
මෙම පනත …..
මර්දනකාරී පනතක් වීම: 1979 අංක 48 දරන පැරණි ත්රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) වඩා මෙම නව පනත අතිශය ම්ලේච්ඡ සහ භයානක මර්දනකාරී පනතක් බව ද …..
ජනතාව ත්රස්තවාදීන් කිරීම: රටේ ඕනෑම සාමාන්ය පුරවැසියෙක් තමන්ගේ ප්රශ්න වෙනුවෙන් විරෝධතාවක යෙදීම, උද්ඝෝෂණයක් කිරීම, වැඩවර්ජනයක් කිරීම, පත්රිකාවක් බෙදීම හෝ සමාජ මාධ්ය පෝස්ටුවක් ෂෙයාර් කිරීම පවා ‘ත්රස්තවාදී ක්රියාවක්’ ලෙස හංවඩු ගසා අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට මෙමගින් බලය ලැබෙන බව ඔහු අවධාරණය කළේය. ……
ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් අහිමි කිරීම: ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම්, කථිකා කිරීමේ සහ විරෝධය දැක්වීමේ අයිතිය අහෝසි කරමින් රට තුළ පොලිස් රාජ්යයක් බිහි කිරීමට ආණ්ඩුව මෙම පනත භාවිතා කරන බව ඔහු ප්රකාශ කළේය…….
ජනවරමක් නොමැති වීම: මෙවැනි දරුණු පනත් ගෙන ඒමට වර්තමාන ආණ්ඩුවට කිසිදු ජනවරමක් නොමැති බවත්, ආර්ථික ප්රශ්නවලට විසඳුම් දෙනවා වෙනුවට ජනතා විරෝධතා යටපත් කිරීමට මෙවැනි නීති ගෙන එන බවත් ඔහු මෙහිදී ප්රකාශ කල කරුණු තුලින් පැහැදිලි විය ….




Be the first to comment