ජවිපෙ ජජබෙ නොබිය අණ විණේට ‘ජන බලයේ’ මාර බියක් ඇයි ? ජවිප + ජජබ බළලුන් ලවා කොස් ඇට බෑමක් ද ? ( වීඩියෝ සහිතයි )

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – ‘ජන බලයේ’ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

ජාතික ජන බලවේගය (මාලිමාව) සහ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) යනු හැමදාම විද්‍යාත්මක සහ භෞතිකවාදී අදහස් කතා කළ පක්ෂයකි. ඔවුන් ප්‍රසිද්ධියේම කියන්නේ තමන් වස්කවි, හූනියම්, අනවින හෝ බලි-තොවිල් වැනි අදෘශ්‍යමාන දේවල්වලට කිසිසේත්ම බිය නැති බවයි.

නමුත් මෑතකදී ජාතික ජන බලවේගයට සහය දක්වන ‘ජන බලය’ සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් මේ යාතුකර්ම ගැන කතා කර, නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටියේය. මෙතැනදී ප්‍රශ්න ගණනාවක් මතුවේ.

එහිදී ආචාර්ය ගීතිකා ධර්මසිංහ මහත්මිය විසින් විහාරමහා දේවී උද්‍යානය අසල හෝ වෙනත් ස්ථානවල සිදුවන ඇතැම් ක්‍රියාකාරකම් සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ජනාධිපතිවරයාට එරෙහිව ඔහුව මරා දැමීමේ චේතනාවෙන් ම යම් යම් අදෘශ්‍යමාන හෝ විවිධ බලි තොවිල් සහිත කටයුතු සිදුවන බවට පවසා ආරක්ෂක අංශවල අවධානය යොමු කරන ලෙස ඉල්ලා තිබුණි.

මේ නිසාම රටේ පොදු ජනතාවට මෙසේ නොසිතෙනවා විය නොහැක ?

  1. මෙය ජවිප + ජජබ බළලුන් ලවා කොස් ඇට බෑමක් ද ?

ප්‍රධාන පක්ෂය “අපි ඕවට බය නැහැ”යි කියමින් විද්‍යාත්මක මුහුණුවරක් පෙන්වන අතරේ, තමන්ට සහය දක්වන සංවිධාන ලවා මෙවැනි බියක් සමාජයට පෙන්වන්නේ ඇයි? තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන බිය හෝ උවමනාව සෘජුව නොකියා, වෙනත් පාර්ශ්වයක් ලවා කියවා ගන්නවාද යන්න ජනතාව ප්‍රශ්න කරති.

  1. කට්ටඩින්ට වඩා වැඩි වූ තක්කඩිකම

මේ තක්කඩිකම් දේශපාලනය ඈඳුනේ අද ඊයේ නොවේ මේවා වැඩිමනත් ප්‍රේමදාස යුගයේ දී කන්‍යාවෝ කිරි කල ආදී කතාන්දර වලින් සත්‍ය අසත්‍ය වේවා පාර්ලිමේන්තුවේ ජීවං කල ඌරු තෙල් ගෑවා යන තැන තෙක්ම ඇදී ගියේය ?

අතීතයේ සිටම අපේ රටේ විවිධ යාතුකර්ම තිබුණද, සමාජයේ බුද්ධිමතුන් ඒවා ගණන් ගත්තේ නැත. ඊට හේතුව සැබෑ කට්ටඩින්ට වඩා තමන්ගේ වාසිය තකා වැඩ කරන “තක්කඩින්” මේ අතර වැඩි බව ඔවුන් දැන සිටි බැවිනි. අද කාලයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ වෘත්තිකයන් ඉන්න සංවිධානයක්, මෙවැනි මිථ්‍යා විශ්වාස ගැන කියමින් “පොලීසියෙන් නීතිය ක්‍රියාත්මක කරන්න” යැයි කීම පුදුම සහගතය.

ඇතැම් විට මෙයම රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම වැනි සමාජයේ නිදහස සම්පූර්ණයෙන් අහිමි කරනා තත්වයන් පනත සම්මත වන්නට පෙරම පරික්ෂා කරනා වූ උදාහරණයක්ද විය හැකිය .

  1. බුදු දහම අමතක කළ සංඝයා සහ වල්මත් වූ සමාජය

අනෙක් පසින්, බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ යාතුකර්ම සහ බලි-තොවිල් පසුපස යමින්, දේශපාලන උවමනාවන් වෙනුවෙන් වස්කවි කීමට සහ සාප කිරීමට ඇතැම් සංඝයා වහන්සේලා යොමු වීම කනගාටුදායකය. සංඝයා වහන්සේලා ධර්ම මාර්ගයෙන් බැහැරව යද්දී, ඊට එරෙහිව බුද්ධිමත්ව මුහුණ දෙනවා වෙනුවට, ආණ්ඩුවට සහය දක්වන පිරිස්ද ඒ මිථ්‍යාවටම බිය වී නීතියෙන් පිහිට පතන්නට යාමෙන් පෙනෙන්නේ මුළු සමාජයම දේශපාලනය නිසා කොතරම් වල්මත් වී ඇත්ද යන්නයි.

නිගමනය

රටක් විදියට අපි ඉදිරියට යා යුත්තේ විද්‍යාව සහ තර්කය මත පදනම් වී මිස මෙසේ අන්ධ භූතව නම් නොවේ .

පටු ලාබ බාල දේශපාලන වාසි තකා එක පැත්තකින් මිථ්‍යාව පෝෂණය කිරීමත්, අනෙක් පැත්තෙන් ඒ මිථ්‍යාවට බිය වී කලබල වීමත් යන දෙකෙන්ම සිදුවන්නේ රටේ ජනතාව තව තවත් අන්ධකාරයට ඇද දැමීම පමණි.

පුරෝගාමියාට පෙනෙන්නේ පක්ෂ විපක්ෂ ඇතමුන් සත්‍යය පසෙක ලා අඩු වැඩි වශයෙන් මේ සඳහා දායක වන බවම පමණකි

එම වීඩියෝව මෙසේය ……

 

Be the first to comment

Leave a Reply